(ඉන්දිකා රාමනායක )

මාවතගම ප්‍රදේශයේ හෝටලයක  පැවැති විවාහ මංගල උත්සවයක් අතරතුර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුට  පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි. 

සැකකරුවන්ගේම් පහර කෑමට ලක් වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුලත් කර ඇත බව පොලිසිය පවසයි. 

මෙරස පහර කෑමට ලක්ව ඇත්තේ  මාවතගම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. 

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඊයේ (30) විවාහ මංගල උත්සවයට සහභාගි වීම සඳහා හෝටලයට පැමිණ ඇති අතර, මංගල උත්සවය ට සහභාගි වී ආපසු යාමට සුදානම් වූ අවස්ථාවේ හෝටලය ඉදිරිපිට උත්සවයට පැමිණි පිරිසක් ගැටුමක් ඇති කරගෙන ඇත. 

එම ගැටුම සමථයකට පත් කිරීමට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පින්නවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24,27,29 වයක්ස් වල පසු වන සැකකරුවන් තිදෙනෙකි.