(විනීතා එම් ගමගේ)
අයවැයේ දී මුදල් ඇමතිවරයා ක්‍රියා කොට තිබුණේ මධ්‍යසාර පිළිබඳ ලෝක සම්මත ක්‍රමයක් අනුව වන බැවින් එය කිසිසේත්ම වැරදි නැතැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.
ලෝක සම්මත ක්‍රමය අනුව මධ්‍යසාරවල සැරකම අනුව බද්ද වැඩිවන බවත් මේ චක්‍රය පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවු බවත් එය ක්‍රියාත්මක කිරීම නිවැරදි දෙයක් යැයි තමන් හිටපු මුදල් ඇමතිවරයෙකු ලෙස පිළිගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
මේ වනවිට හැම ගමකම කසිප්පු ඇති බව ද, මත්පැකට් වසංගතයක් වී ඇති බවද කී අමුණුගම මහතා මේ පිළිබඳ කිසිවෙකු කතා නොකරන්නේ යැයි ද කීවේය.
සමාජ විද්‍යාඥයකු වන තමන් කසිප්පු වෙළඳාම හා දේශපාලනයේ ඇති සබඳතාව හොඳින් දකින්නේ යැයි ද අමාත්යතවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය යටතේ ඉදිරි මැතිවරණවලදී පාර්ලිමේන්තුව, පලාත් සභා මෙන්ම පලාත් පාලන ආයතන කසිප්පු ජාවාරම් කරුවන්ගෙන් පිරී යන බවට අනුමාන කළ හැකි යැයි ද හෙතෙම පැවසීය.
අමුණුගම අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතාට පිංසිදු වන්න, 2015 අගෝස්තු මැතිවරණයේදී මන්ත්‍රීකම අරගෙන, ජනධිපතිට ඇති තරම් කඩේ ගොස් ඇමතිකමක් අරන්, දැන් මහ බැංකුව හොරකම් කල, ජරා පාලනයට "සුපර් මාර්කට්" යන දේශපාලකයන්ට, ජනතාව ඊලඟ මැතිවරණයේදී නියම පිළිතුර දෙයි. "කෝප්" සාමාජිකයින් සමග තිබූ සංවාද ගැන ඇමතිතුමා කතා නොකරන අතර, ජාත්‍යන්තර මධ්‍යසාර සම්මතයන් ගැන නම් ලොකුවට කතා!
දී කිරට බලලුත් සාක්කියි. හොඳට බාර්කාරයින්ට හේත්තු කෙනෙක්. ඡන්දෙන් ප්‍රතික්ෂේප වුණු කෙනෙක්.
මෙම කතාව සම්පුර්ණ සත්‍යයක්. නුවර පළාතේ පළාත් සභා නායකයෙක් ඉන්නවා. මේ කියන ගණයට අයිති කෙනෙක් ...
ඉතිහාසය නොදත් කෙනෙක් වගේ. මෙතුමා ගාමිනී දිසානායක මහතාගේ සමයේ සිට දේශපාලනයේ නියුක්ත වන උගතෙක්. මහින්ද මහතාත් මෙතුමාගෙන් වැඩක් ගත්තේ නෑ. වැඩක් ගන්න ඔලුවක් තිබ්බේ නෑ. එත් චන්ද්‍රිකා මැතිණිය නම් ලොකු සේවයක් ලබා ගත්තා. ජාත්‍යන්තර කටයුතු පිළිබඳව පුළුල් දැනුමක් තියෙන ආචාර්ය උපාධියක් උසුලන උගතෙක්. කසිප්පු කාරයින්ට නම් පේන්න බෑ තමයි.
ශ්‍රී ලංකාව කියන්නේ බුදහමමින් පෝෂිත රටක්. අපිට අපේ රට පාලනය කරන අය උගන්වන්න ඕන පස්පවින් වැළකිලා අනිත් අයට කරදරයක් නැතිව ජීවත් වනහැටි. ඒඅ වගේම රට පාලනය කරන අයත් රට වැසියන්ට ආදර්ශමත් වෙලා පෙන්වන්න ඕන. නරක දේ නරකමයි. මත්පැන් බීම ඉස්සර හොරෙන් කරන්නේ එක හොඳ නැති නිසා. ඉස්සර කලේ මගුල් ගෙවල් වල අරක්කු දුන්නේ පිළිකන්න පැත්තේ මඩුවක පොඩි ළමින්ට පෙන්නේ නැති වෙන්න. මත්පැන් බීම ලෝක සම්මතයට කරනවා කියන්නේ අපායට යන එකත් ලෝක සම්මතයට කරන්න ඕන කියන එකද.
නීත්‍යානුකූල මත්පැන් වුවත් අවදානම් සහගතයි. නමුත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නිෂ්පාදනය වන මත්ද්‍රව්‍ය වලට වඩා නීත්‍යානුකූල මත්පැන් භාවිතයෙන් වන ජීවිත අවදානම අඩු බැවින් නීති විරෝධී මත්පැන් භාවිතය පාලනය කළ හැකියි.
නිකන් මිනිස්සු නොමග යවන්න එපා හලෝ .. එහෙම බදු වෙඩි කරන්න ඕනෑම නම් කරන්න තිබ්බේ තියෙන මිලටම සමානුපාතිකව වැඩි කරන්නයි ..බියර් මිල ස්ථාවරව තියල එතනින් එහාට වෙනස් කරන්නයි ... අපි දන්නවා බියර් කොම්පැනියට විතරක් විශේෂ බදු සහන දීපු හැටි ... ලංකාව ට සංචාරකයෝ එන්නේ පාරේ කඩවල් වලින් බීර් ගන්න නෙවෙයි .. එහෙනම් ඩුබායි මාලදිවයින් යන එවුන්ට පිස්සු වෙන්න ඕන ..ඒ රටවල හොටෙල් වලින් විතරයි මත්පැන් දෙන්නේ ....
කසිප්පු සුලබ වීම එක්සත් ජාතික පක්ෂ පාලන යේ ලක්ෂණයක් .. කිව්වට් වැඩි දෙන කසිප්පු බොන ජාතියේ උන් ...
සම්පූර්ණ ඇත්ත... අයවැයේ අපිට දැනෙන දෙයක් තිබුණේ ඔච්චරයි.
කසුන්, තමුන්ට සාක්ෂරතාව ඇතිනේ.. ඉස්කෝලෙ ගිහිල්ලා ඇතිනේ. එහෙම නම් දාලා තියෙන ප්‍රතිචාරය හරියට කියවන්න. මම දාලා තියෙන්නේ ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාළව බියර් අඩු කරා කියලා සංචාරකයෝ එනවා කියලා තමුන්ම තමයි හිතාගෙන ඉන්නේ. තාමත් උත්තර නෑ, ලංකාවට එන්න සංචාරකයින්ට හේතුව මොකක්ද, අනිත් රටවල නැති?
තර්ක ඕනේ නෑ, බොන්නේ නැති අය වදේ කට වහලා ඉන්න.. බොන අය තමයි එකේ වටිනාකම දන්නේ... බියර් නිකන් දෙන්න ඕනෑ....
මෙයා ආපහු යූඑන්පී එකට යන්න වගේ හදන්නේ....