නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතය.
විදේශ අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මංගල සමරවීර මහතාගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වන අතර අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී දෙරටේ වත්මන් තත්ත්වය පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
සමරවීර මහතා ඉන්දීය විපක්ෂ නායිකා සෝනියා ගාන්ධි, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ඔහු ඉන්දීය විදේශ ඇමැතිනිය සුග්මා ස්වරාජ්ද හමුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ජිනීවා නාඩගම හැදී ගෑවිලාම ගියා කියන එක බලාගන්න පුළුවන් ලබන සැසි වාරයේදී. ලෝකයේම ඉන්න කොටි මෛත්‍රී ආවම ප්‍රීති උනේ මොකද කියල පොඩ්ඩක් ඔලුව අත ගාලම බලල හිතන්න. (නදී)
මුළු ලෝකයම එකම යායක් වී ඇති කලකදී බොරුවට කයිවාරු ගහන්නේ නැතිව පිටරට වලට බනින්නෙත් නැතිව ඒ රටවල් සමග ද්වි පාර්ශ්වික සබදතා ගොඩ නගා ගත යුතු වෙනවා. එයින් හැගෙන්නේ නැහැ අපි ඔවුන්ට යටත් විය යුතුයි කියා. අඩුම ගනනේ අපේ නිෂ්පාදනයක් වත් පිටරට යැවීමට මුලික පියවර ගත යුතු වෙනවා. මේ කිසිවක් නොකර හිටපු ජනපති නොවැම්බර් වල විශාල කණ්ඩායමක් සමග ඉතාලියට ඇවිත් නාස්ති කරලා ගිය කෝටි ගානක ධනස්කන්ධය අපි හෙළි කරන්නද (නදී)
අනේ මන්දා (නදී)
හොද සම්බන්ධාවක් දෙරට අතර තහවුරු කර ගන්න.(හේ)
චීනෙටත් ගියොත් හොදයි නේද?(හේ)
ආ පටන් ගත්තද නිල සංචාර, කලින් කට්ටියත් කරපු වැරදි වලින් එකක් තමයි ඔය නිල සංචාර. විශේෂ ගුවන් යානයක් එහෙම නෙවෙයි නේද? සාමාන්‍ය ජනතාව යන එකේ නේද ගියේ? (නදී)
කීර්ති එහෙනම් ඔයාගේ විදියට මොකක්ද වෙන්න ඕනි? (නදී)
හැබයි අල්ලපු වත්තේ ලොකු අය්යාගේ බුලි වලට යටත් වෙන්න නම් එපා. (බ)
මංගල මහත්තය කරයි කියල තමයි බය...(බ)
මේ වගකීම් පිරි තනතුරට මෙයාවනම් කොහෙත්ම සුදුසු නැහැ. මේක නම් චන්ද්‍රිකාට ඕනවට කරපු පත් කිරීමක් කියල හිතන්න පුළුවන්....අනේ මන්ද ජිනීවා වලදී කොහොම මුහුණ වෙයිද දන්නේ නැහැ (බ)
ඉන්දියාව කැමති නැහැ අපි දියුණු වෙනවට. (හේ)
මංගල සමරවීර අත ගහපු කිසි දෙයක් වැරදිලා නැහැ. ඔහුට හොඳ දුර දක්නා නුවනක් තියෙනවා (නදී)
ඇයි ඉතින් පහුගිය කාලෙත් කෙරිලා තියෙන්නේ කීර්ති. කවුද රාජ්‍ය තාන්ත්‍රික සේවාවේ ඉන්නේ? සා පෙළ නැති දේශපාලක ඥාතීන්, ආවඩන නළු නිළියන්ගේ ළමයින්, ගුස්තිකාරයන් සමහරු රට අතහැර ගිය කට්ටිය. ඔන්න තානාපති කාර්යාල වල විදේශ සේවාවට සුදුසු කට්ට්ය. (නදී)
අපේ අසල් වැසි මිතුරන්.(හේ)
ඉන්දියාව තමයි ආරාධනා කරලා තියෙන්නේ . ගිහින් තියෙන්නේ පස් දෙනයිලු . එහේ නිලධාරින් අහලා මෙච්චරද ආවේ , කෝ අනිත් කට්ටිය වෙනදාට අඩු ගානේ 30 ක් වත් එනවනේ කියලා. නැටුම කණ්ඩායම් පුද්ගලික රුප ලාවන්ය ශිල්පිනියන්, අතට පයට ආවතේව කාරයන් එහෙම අරන් ගිහින් කියල ආරංචියක් නැහැනේ. ඒ නිසා දැනට බලමු මොකද කරන්න යන්නේ කියලා. (හේ)
බලමු මොකද වෙන්නේ කියලා.(හේ)
අප්‍රේල් වල මහා ඡන්දයක් තියෙනවා නම් මොකද මේ ඇමැති පදවි බෙදාගෙන ඉන්දියාවට දුවන්නේ? ලාංකිකයෝ තවම මහා ඡන්දයකට මුහුණ දුන්නේ නැහැනේ?(හේ)
පාලිත, මේ පාර පසුගිය කාලයේ වගේ වන්දනා නඩයකට සෑහෙන්න සෙනග රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තට ගිහිල්ලා නැහැ. ඉන්දීය ජනපතිට අපේ ජනපතිගේ ආරාධනයක් භාර දෙන්නත් එහේ විදේශ කටයුතු ඇමැතිනියගේ ආරාධනයක් නිසාත් තමයි ගිහිල්ල තියෙන්නේ. (නදී)
හොඳ කලක් යාවි (බ)
ජයසේකර, ජිනිවා නාඩගම ආණ්ඩුව පැරදුනාත් එක්කම හැඳි ගෑවිලා ගියා (නදී)