ප්‍රසාද් මුතුකුඩ
මීගමුව පෞද්ගලික බැංකුවක ඒටීඑම් යන්ත්‍ර යේ තිබූ බව කියන රුපියල් ලක්ෂ 40ක් කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කරනු ලැබ ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව පරික්ෂණ ආරම්භ කර ඇති බව මීගමුව පොලීසිය පවසයි.
අදාල බැංකුවේ නිළධාරියෙකු විසින් ඒටිඑම් යන්ත්‍රයට මුදල් නැවත පිරවීමට ගිය අවස්ථාවක යන්ත්‍රෙය් මුදල් අඩුවීමක් ඇති බව දැනගත් පසු මේ සම්බන්ධව පොලීසියටද දන්වා ඇත .
ඒටීඑම් යන්ත්‍ර යේ ඉකුත් 30 දින අලුයම 2.47ත් 3.00 අතර කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් ආරක්ෂිත දොරගුළු සූක්ෂමව විවර කර එහි කැසට් තුළ බහා තිබු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 813 සහ දහසේ නෝට්ටු 712 රැගෙන පලා ගොස් ඇති බව පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහා සිංගප්පූරුවට පැනලා යන්න ඇති !!!
ඔය මැෂින් ටැම්පර් කරන්න දන්නේ බැංකුවල වැඩ කරන ඒ ටි එම් ඔපරේටර්ලයි ඒවා රෙපයාර් කරන මැකනික් අය විතරයි.
මෙම වැරදි දෙකම එක සමානයි .මහා බැංකුවේ මුදල් ගැනීම හා මෙම බැංකුවේ මුදල් ගැනීම.
මෙවැනි දෙයක් කරන්න 'ඇතුලතින්' උදව්වක් ඕන.