චීන ආරක්ෂක හමුදාවලට හම්බන්තොට වරායට ඇතුළු වීමට ඉඩක් නැතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.ඉන්දියාවේ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බවත් ඒ මහතා කියයි.
“අපි අනෙක් රටවල් ගැනනම් දන්නේ නැහැ.හම්බන්තොට වරායේ කිසිදු මිලිටරි ක්‍රියාකාරකම් සඳහා ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාව චීන ආයෝජක සමාගමට තරයේ අවධාරණය කළා“පකිස්තානය ග්වදර් වරාය චීනයට පැවරීම ගැන සඳහන් කරමින් ඒ මහතා සඳහන් කරයි.
වරායේ කොටස්වලින් 80% ක් චීනයට ලබාදීමට විරුද්ධව විපක්ෂ ආධාරකරුවෝ සිය ගණනක් උද්ඝෝෂණය කළහ.ඊට කම්කරු සංවිධාන මෙන්ම ප්‍රදේශවාසීහු ද එක්වූහ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව පසුගිය කාලයේදී චීන ව්‍යාපෘති වලට විරුද්ධ විය.හම්බන්තොට අක්කර 15000ක් චීන කර්මාන්තපුරයකට ලබාදීමට විරුද්ධවත් වරාය ව්‍යාපෘතියට විරුද්ධවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ද උද්ඝෝෂණය පැවැත්විණි.
කෙසේවෙතත් හම්බන්තොට ව්‍යාපෘති වලට සහ අනෙකුත් ව්‍යාපෘති වලට ඩොලර් බිලියන හතක් පමණ වැය කළ මහින්ද රාජපක්ෂ මහතා දැන් චීනයට වරාය කොටස් ලබාදීමටත් ඉඩම් චීනයට ලබාදීමටත් විරුද්ධ වෙයි.
“කුඩා කණ්ඩායමක විරෝධය නොසලකා ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්නවා.“විරෝධතා ගැන චීනයට පැහැදිලි කරමින් ඒ මහතා පවසයි.
වාණිජමය වාසියක් නොමැති නිසාත් චීනයට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති නිසාත් හම්බන්තොට වරායේ කොටස්වලින් 80%ක් වසර 99ක බද්දට චීනයට ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රජය පවසයි.
චීන ජනපති ජින්පින් මහතාගේ අදහසකට අනුව ‘සේද මාවත‘ දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් මැයි මාසයේදී පැවැත්වෙන සමුළුවට ශ්‍රි ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වෙන බවද තානාපතිවරයා සඳහන් කරයි.
රාජ්‍ය නායකයින් විසිදෙනකු පමණ එම සමුළුවට සහභාගී වන බවට තහවුරු කර ඇති නමුත් විස්තර ලබා දී නැතැයි චීන බලධාරීහු පවසති.වික්‍රමසිංහ මහතාගේ සහභාගීවීම ඉන්දියන් සාගරය හරහා ඉදිවෙන ‘සමුද්‍ර සේද මාවත‘ නම් දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා වැදගත් වනු ඇත.
-042

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරාය දීමෙන් චීන්නු දකුණට, සේද මාවතෙන් ඉන්දියානුවා උතුරට. එහෙම උනොත්, රටේ මතු පරපුරට දෙවියන්ගෙම පිහිටයි. (ම)
අපේ අනාගත දරුවන්ට අයිති රට කවුරු කවුරුත් එකතුවෙලා පිට රටවලට 99 අවුරුද්දට බදු දෙනවා කිව්වහම අපිට නම් මහා බයක් දැනෙන්නේ. එතකොට මේ බිමේ කොටසක් තව රටක මිනිස්සු අයිති කරගෙන. මේ මිනිසුන්ට නම් ඒක නිකන් සුළු ගේමක්. අපි මහවැලියේ ණය ගෙව්වෙත් ජලාශ වේලි ඒ රටවලට බදු දීලද (නි)
මුහුදට උඩින් රේල්ලු යන්නද හදන්නේ? නියමයිනේ!
අනේ අම්මපා! මහවැලියේ ණයත් අපි ගෙව්වේ වේලි ටික ඒ රටවලට 99 අවුරුද්දට බදු දීලද? මේ රටේ වරාය භුමිය 99 අවුරුද්දකට දෙනවා කියන්නේ ආණ්ඩුවේ උදවියට නම් හරි සිම්පල්. අනේ අපිට නම් විශාල බයක් දැනෙනවා. ඒ කාලේ වෙනකොට රටේ ඒ හරිය ගැන වගවෙන්නේ කවුද කියලා. අපි කවුරුත් ඒ කාලෙට මේ ලෝකේ නැහැ. මැරිලා. අනාගත පරපුර නේද මේ අමාරුවේ වැටෙන්නේ? (නි)
බලය තිබෙන කාලයේදී අපේ මව්බිම පිට රැටියනට විකුණන නායකයන්ට මව්බිම බේරාගෙන ජීවිතය පුජා කෙරු සහ ආබාධිත සොයුරන්ගේ උණු කදුලු මතින් මතුවන රශ්මියෙන් පවාදෙන්නන්ගේ විනාසය උදාකර දෙත්වා.... (ම)