(විනීතා එම් ගමගේඡ)
මීගමුව කළපුවෙන් බැහැර කර ඇති රොන්මඩ සහිත පස් තොගයේ වැලි ඉවත් කරගැනීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
එම රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහාම සොයා බලා, එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යංශෙයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දී තිබේ.
2018 දී ධීවර අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘතියේ දී මෙම රොන් මඩ තොගය ගොඩ දමා ඇති අතර, ගම්පහ දිසා අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය මෙම පස් තොගය කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්නද, ධීවර අමාත්‍යංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධව දිස්ත‍්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය, ප‍්‍රදේශයේ මැති ඇමැතිවරුන් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු ව ඇති බවට ඉකුත් 31 වැනිදා පලවූ මාධ්‍ය වාර්තා අනුව මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගත් බව පරිසර අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයට ඕක සුළු දෙයක්. ඒ වැඩේට අතිදක්ෂ හාමුදුරු නමක් ඉන්නවා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ... වැලි හෝදලා නිවන් මගට පාර හදන්න දෙයියා. කලපු හෝදන්නත් දෙයියා. මේ දිනවල වැඩක් නැති නිසා අපේ පැත්තේ වැව් හෝදනවා.