IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මගේ බොරු ෂෝ නෑ

SAN_8588

 

මිනිස්සුන්ගේ හොඳ අහන්න බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි මම. දකුණු අතින් ගත්ත දේ වම් අතින් දැන ගන්න ඉඩ තියන්නෙත් නැහැ. මගේ හෘද සාක්‍ෂියට එකඟව වැඩ කරන කෙනෙක්. මම කරන සේවය සමාජයේ දැනෙන අය දැනගත්තාවෙ. ඒක මට හොඳටම ඇති. දේශපාලනයේදී ඇත්තටම මගේ අරමුණ ජනතාවට සේවයක් කිරීමයි.

 


මේ විදියට අදහස් ප‍්‍රකාශ කරන නදීෂා හේමමාලී වේදිකාවට ගොඩවෙන්නයි මේ සූදානම. මෙදා සැරේ ඇය වේදිකාවට එන්නෙ ඇයි දන්නවද? ඇයගෙන්ම ඒ ගැන අහමු.

 


buttonනදීෂා මේ දිනවල වැඩිය පෙනෙන්න දකින්න නැහැ. මොනවද මේ දිනවල කරන්නෙ?
මම නිතරම පෙනෙන්න සිටින කෙනෙක්. නමුත් කලා ක්‍ෂේත‍්‍රයේදී මම අනුගමනය කරන විදියක් තියෙනවා. තෝරා බේරාගෙන චරිත රඟපාන්නෙ. ඒ නිසා රංගන ක්ෂේත‍්‍රයේදී නිතර මගේ මුහුණ දක්නට ලැබෙන එකක් නැහැ. අවුරුද්දකට නිර්මාණ දෙකකට හෝ තුනකට තමයි වැඩිම වුණොත් සම්බන්ධ වන්නෙ. ඒක තමයි ඒකට හේතුව.

 

SAN_8540
buttonමේ දිනවල ඔබ ගැන මොන වගේ හේතු මුල්කරගෙනද කතා කරන්න තියෙන්නෙ.?
මං ගැන කතා කරන්න ගොඩක් දේ තියෙනවා. ජීවිතය කියන්නෙ පුදුමාකාර දෙයක්. හැමදාම අලූත් දේවල් ජීවිතයේ සිද්ධ වෙනවා.

 


button මොනවද වෙච්ච අලූත් දේ?
මේ දිනවල මම සම්පත් ශ්‍රී රෝෂණගේ අලූත්ම චිත‍්‍රපටයෙ රංගනයට සූදානම් වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යයක රංගනයට සූදානම් වෙනවා. ඒ වගේම සමාජ සේවා කටයුතුවලත් යෙදෙනවා. මේ දේවල් එක්ක මම කාර්ය බහුලයි.

 


button ඇයි වේදිකාවට එන්න හිතුණේ?
ඇත්තටම වේදිකාවේ ප‍්‍රධාන චරිතයක් සමඟ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙයයි. මෙච්චර කාලයක් මම ටෙලි නාට්‍ය හා චිත‍්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මගේ කලා ජීවිතය පටන් ගත්තෙ පාසල් වේදිකාවෙන්. ප‍්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක චරිතයකට එක්වීම ඇත්තටම සතුටට කරුණක්.

 


button කාර්ය බහුල බොහෝ රංගන ශිල්පිනියන් වේදිකාවට එනවා අඩුයි. ඒත් ඔබ?
මම දායක වන්නේ නිර්මාණවලට. ඒ හැර කරන්නන් වාලේ, රඟපාන්නන් වාලේ රඟපාන්නේ නැහැ. නිර්මාණයකට දායක වීමේ අනිවාර්යය කැපවීම මට තියෙනවා. ෆොටෝ ෂූට් එකකට පෙනී සිටියත් මම සංකල්පයක් ලෙස, යම්කිසි අදහසක් ඇති ව ඊට පෙනී සිටීම කරනවා. මොකද මම වෘත්තීය රංගන ශිල්පිනියක්. ඒ දේ හරියට කරන්න  ඕනෑ. මගේ පේ‍්‍රක්‍ෂයින්, රසිකයින් බලා සිටින්නේ අපි මොනවද කරන්නෙ කියලයි.

 


button ෆොටෝ ෂූට් එකකදී, නැතිනම් ඡුායාරූප ගැනීමේ අවස්ථාවක් වෙනුවෙන් බොහෝ නිළියන්ට - ගායිකාවන්ට තියෙන්නෙ අද බැහැ හෙට ලෙඬේ. එක්කෝ නිර්මාණාත්මක යමක් කිරීමේ උනන්දුව නැහැ. ඒත් ඇයි ඔබ ඡුායාරූපකරණයට පෙනී සිටීමේදී වඩා උනන්දු වෙන්නෙ?
නිර්මාණශීලි පිරිසක් එකතු වුණාම නිර්මාණශීලි දෙයක් කරන්න පුළුවනි. එවිට නරඹන්නන්ට එය රස වින්දනය කරන්න පුළුවනි. මෙන්න මේ වගේ දේ නිසා තමයි මම නිතරම පෙනී සිටින්නෙ නැත්තෙත්. හැමෝම නිර්මාණශීලි නැහැනෙ. නිර්මාණශීලි අය එක්ක එකතු වෙලා අලූත් දෙයක් කළාම මගේ පේ‍්‍රක්‍ෂකයින් එයින් සතුටක් ලබන්නෙ.

 


button මොකක්ද මේ වේදිකා නාට්‍යය? මොන වගේ තේමාවක් රැගත් නාට්‍යයක්ද?
හාස්‍ය තේමාවක් රැගත් වේදිකා නාට්‍යයක්. මූලිකව හාස්‍ය තේමා කර ගෙන සමාජයට පණිවුඩයක් ගෙන දෙන නිර්මාණයක්.

 


button දේශපාලන වේදිකාවේ ඔබගේ භූමිකාව අද මොන වගේද?
සමාජයේ  ඕනෑම පුරවැසියෙක් සෘජුව හෝ වක‍්‍රව දේශපාලනයට සම්බන්ධයි. මමත් ක‍්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින කෙනෙක්. දැනටත් මම එජාපයේ ගාලූ දිස්ත‍්‍රික් සංවිධායිකාව. ජාතික යොවුන් පෙරමුණේ තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක. ඉතින් ඒ හරහා මගෙන් ඉටු විය යුතු සේවාවන් තියෙනවා. මගෙන් ජනතාවට සේවාව නිහඬව කරනවා.

 


buttonවතාවක් ඔබ ඡුන්දයෙන් පැරදුණා. ඒ වෙලාවේ ඇති වූ හැඟීම මොන වගේද? අද ඒ අවස්ථාව දකින්නෙ කොහොමද?
මම හරි සන්තෝෂ වුණා. ජීවිතයේ වෙච්ච හැම දෙයක්ම අත්දැකීම් කර ගත්තා. ඉදිරියටත් එහෙමයි. ජය පරාජය ජීවිතයේ කාටත් පොදු දෙයක්. ඉතින් ඒ සියල්ල වෙතින් ජීවිතයේ ඉදිරියට ඒවා පන්නරයක් වෙනවා. එදාට වඩා අද පරිනත වෙලා.

 


button කලාව වෙතින් හෝ රූපවාහිනී වැඩසටහන්වලට දායකවීමෙන් ඔබ කරන කියන ප‍්‍රකාශ කොයි තරම් දුරට ඔබගේ දේශපාලනයට වැදගත්ද? මිනිස්සු හිතන දේ ගැන ඔබ විශ්වාස කරනවාද? ඒවා වැදගත්ද?
මට වැදගත් වෙන්නෙ මිනිස්සු හිතන දේ නෙවෙයි. මොකද මගේ හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වන කෙනෙක් මම. අදහන ධර්මයත්, සංකල්පයත් තියෙනවා. ඒවාට අනුකූලව තමයි වැඩ කරන්නෙ. කියන දේ කරන කෙනෙක්, කරන දේ කියන කෙනෙක් නදීෂා හේමමාලී එහෙමයි. මං කරන හැම ක‍්‍රියාවකටම අර්ථයක් තියෙනවා. බොරු ෂෝ නැහැ.

 

විලාසිතා - (තමාර සමරක්කොඩි)

The attire Boutique

හැඩගැන්වීම් - Nuwan
පසුතලය - Hayles Cafe pixel

 

SAN_8608sadun-gamage



අදහස් (0)

මගේ බොරු ෂෝ නෑ

කපිල Thursday, 28 May 2015 07:54 AM

තමා ගැන ගොඩක් කියවන්නේ ඇත්තටම එහෙම නැති උදවිය (ම)

:       0       0

බමුණු Sunday, 31 May 2015 06:08 AM

මගේ බොරු ෂෝ නෑ ලොකු ෂෝ විතරයි. නිකන් යන්න හොලිවුඩ් නිළියන්ගේ කොටසක් තරම්වත් වටින්නේ නෑ (බ)

:       0       0

නිෂ් Tuesday, 26 May 2015 09:22 AM

ඕනවට වඩා තමන් ගැන වර්ණනා කරන්නේ තමන්ගේ කුණු වහගන්න. අනේ මෙයාව කවුද නොදන්නේ. (බ)

:       0       0

සුපුන් Tuesday, 26 May 2015 11:00 AM

ඔය ලංකාවේ ඉන්න ඉන්ජෙක්සන් ගහගත්ත බොරු සෝබන නිලියෝන්ට වඩා මෙයානම් හොදයි. කෙලින් කතාව. රගපාන්නත් පුළුවන්. සල්ලි පස්සේ දුවන්නේ නෑ. (ර)

:       0       0

ආරියරත්න Monday, 25 May 2015 12:28 PM

මොනවා වුණත් කෙළින් කතාකරලා නම් තිබෙනවා (නි)

:       0       0

පුබුදු Tuesday, 26 May 2015 04:04 AM

ඔයා නම් කෙලින්ම තමයි ආයේ දෙකක් නැහැ. හොඳ නිර්මාණ වලට විතරක් යොමුවෙන්න. සුබපැතුම්. (නදී)

:       0       0

තාරක Friday, 29 May 2015 04:35 AM

ඔයා මුලින්ම ආව දවස්වලනම් ඇත්තටම ලස්සනයි අහින්සකයි . ඒ වගේම හොදට රග පෑවා . නමුත් දැන් නම් අන්තිමයි . රගපෑමත් එහෙමයි රූපෙත් එහෙමයි. ගන්න දෙයක් නෑ . (බ)

:       0       0

ශාන් සෞදි Monday, 25 May 2015 02:58 PM

එ්ක කොහොම වුනත් ඔයාගේ ගන්න දේකුත් නැ නේද (බ)

:       0       0

නිලාන් වසන්ත Tuesday, 26 May 2015 06:30 AM

වැඩ නැහැ (බ)

:       0       0

සාරිකා Monday, 25 May 2015 04:28 PM

හොදටම රගපාන්න පුළුවන්.(නදී)

:       0       0

සන්දු Monday, 08 June 2015 10:04 AM

මොනවා වුණත් ගිය ස්කොලෙටත් අගෞරවයක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site