තමන් නියෝජනය කරන ආදරය කරන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී එහි නායකයා ලෙස පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වුව ද රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ පක්ෂය පැත්තකින් තබා පක්ෂ පාට බේදයකින් තොරව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නෙළුවේ දී කීවේය.
2008 වර්ෂයේ දී ගංවතුරෙන් විනාශ වී ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබූ නෙළුව රෝහල වෙනුවෙන් දකුණු පළාත් සභාව රුපියල් කෝටි 70ක් වියදම් කර සෑදූ නව රෝහල විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.
‘‘ මට ජනාධිපතිවරයා ලෙස වැඩකරද්දී පක්ෂ පාට බේදයක් නැහැ. රට සංවර්ධනය කළ යුතුයි. විදේශ රටවල් නවීන තාක්ෂණය යොදාගෙන විදිමත් වැඩපිළිවෙලක් ඔස්සේ රට සංවර්ධනය කරනවා. නමුත් අපේ රටට විවිධ බාධක තිබෙනවා. ඉන් එකක් මත් ද්‍රව්‍ය උවදුර. මෙය රටට වසංගතයක් බවට පත්වෙලා. රට සංවර්ධනයට ඇති බාධා ඉවත්කරමින් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගමන් කරවිය යුතුයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට තමයි මේ ශ්‍රී ලංකාව බේදවලින් තොර තැනක් බවට පරිවර්තනය කරන්න පුලුවන් (නි)
මහානාම, දිනාගත් රට ආරක්ෂා කරගන්න වෙන්නේ බලය අල්ලන්න දඟලන වැලේ වැල් නැතුව ඉන්න රැලෙන්. (නි)
ජනාධිපති තනතුර හැටියට පක්ෂ භේදයක් නැහැ. නමුත් එහෙමනම් පක්ෂ නායක තනතුර දැරීමත් හරි නැහැ. පක්ෂයට ආදරය කිරීම ක්‍රියාවෙනුත් කරන්න පුළුවන් තැනැත්තාටයි පක්ෂ නායකකම ලැබෙන්න ඕනෑ. දැන් යන විදිහට අගමැතිතුම රටටම අගමැති වුණත් පක්ෂයටත් සළකනවා. එහෙම නම් ජනාධිපතිතුමාත් රටටම ජනාධිපති වුණත් පක්ෂයටත් සළකන්න, එහි ඉදිරි ගමන ගැන වැඩ කරන්න ඕනෑ. එතෙනදි පක්ෂ භේදය මතුවෙනවා. එහෙම නොවෙන්න නම් ජේ ආර් ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනෑ. (නි)
ජාතික නායකයා කියා දේශපාලන නායකකම නොදෙනවා නම් දේශපාලන නායකකම තබාගැනීමත් පක්ෂයට කරන වරදක් නේද? (නි)
"හඩ මිස වැඩ නැත්නම්" අපිට සතුටක් නැහැ (නි)
ඔබ තුමා පක්ෂයට ආදරේනම් පක්ෂයේ සාමාජිකයන්ගේ වැඩිම කැමැත්ත තියන කෙනාට පක්ෂ නායකත්ව දෙන්න . ඔබ තුමාට පුළුවන් ස්වාධීනව මේ රටේ ජනාධිපති විදිහට පක්ෂ බේදයකින් තොරව කට යුතු කරන්න . ඔය දෙබිඩි චරිත රගපාන්න ගිහිල්ල ශ්‍රී ලංකා එකට කරන්නේ විශාල හානියක් (බ)
ඔබතුමා අපි විශ්වාස කරනවා (නි)
පක්ෂයට ආදරය කරනවා වගේම රටටත් ආදරය කරන්න (නි)
ඔබ තුමාගේ සංකල්ප ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ප්‍රයෝගිකව යොදවා, රට නව යුගයකට යොමුකරන්න.(නදී)
පක්ෂෙට පමණක් නොව රටටත් වින කරන මොවුන් දේශපාලනයට නුසුදුසු බව කිව යුතුය. (නදී)
පක්ෂෙට ආදරේ නොකලා ට පක්ෂේ නොරැක්කට කමක් නැහැ මැතිතුමනි වැදගත් වන්නේ රටයි , රටේ ආරක්ෂාවයි , ස්වෛරිය බාවයයි. විශේෂයෙන් නොබැදි පිළිවෙතයි හා නොබෙදුණු රටක්. ජනාධිපති තුමනි වැදගත් වන්නේ කතාව නොවේ ක්‍රියාවයි , ඔබතුමා පක්ෂේ ආරක්ෂා නොකරට කමක් නැහැ , නමුත් දිනා ගත් රට ආරක්ෂා කරන්න. (නදී)
සාමා හරියටම හරි දිනා ගත්ත රට ආරකෂා කර ගත යුත්තේ එය දිනා දුන් අයගෙන් නොවේ. මේ රට කෑලි වලට කඩා මස් රාත්තලම ඉල්ලන ඩයස්පෝරාව ඇතුළු බෙදුම්වාදීන්ගෙනි. වැලේ වැල් නැතුව හිටිය බෙදුම්වාදීන් හා ඩයස් පෝරාව ජන 9 න් පසු ඉඩෝරයකට අහුවුණ වගා බිමකට මහා වැස්සක් අකණ්ඩව වැටුනා වගේ දැන් පෝෂණය වෙමින් , දළු ලමින් ජාත්‍යන්තරව හා දේශීය වශයෙන් සවිමත්ව , තිරව , සෙමිහිට ක්‍රියාත්මක වෙනවා ඔබතුමිය හරි (නදී)
මහානාම කඳාන, මට නම් කියන්න තියෙන්නේ එකම එක දෙයයි. අපට මෙතෙක් කල් බයක් තිබුනේ දෙමල ඩයස්පෝරාව ගැනයි. දැන රටට තියෙන විශාලතම බය විදේශ ඇමතිගේ ක්‍රියා පිළිවෙලයි. ජනාධිපති ලෙසින් ඔබතුමා මේ ගැන වැඩි අවධානයකින් සිට බේරාගත් රට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇඟිලි ගැසීමට හෝ එයට භාර දෙන තැනට කටයුතු කිරීමෙන් වලක්වාගන්නා ලෙසයි. (නදී)
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තරඟයට ඉදිරිපත් උනේ නිකම් නෙවෙයි. අපේ රට නිවැරදි ලෙස යහපත් මගට ගෙන යමින් කාටත් වඩා හොඳට රට පාලනය කිරීමට දන්නා බව වටහා ගත් නිසයි. ඒ නිසා රට නොසිතු ලෙසින් වෙනත් මගකට ගෙනයන ඕනෑම බලවේගයකට හරස් වීමට එතුමාට ශක්තිය ඇති බව විස්වාසයි. එතුමාට එයට සජීවී ශක්තිය දෙන්නට ජනතාව පෙළ ගැසෙනු ඇත. ඒ බව ඔබතුමා තේරුම් ගෙන ඇති බව ද විශ්වාසයි. අපි බෙදුම්වාදී ත්‍රස්තවාදී කොටස් පරාජය කර දිනු ජාතියක් වෙමු. අපි පරාදීන නොවේ. අප වැනි ජයගත් ස්වාධින රටවලට කිසිම බලවතෙකුට අනවශ්‍ය අත පෙවීමට ඉඩ නො දීම ඔබතුමාගේ පරම වගකීමයි. අපේ රට තුළට වෙනත් කිසිම රටකට දේශපාලන බලතල ලබාගෙන පැමිණීමට ඉඩ නොතැබීමට ඔබතුමා කටයුතු කරන බව අපි විශ්වාස කරමු. ඒ ඔබතුමා කාටත් වඩා රටට ආදරේ බැවිනි. (නදී)
සියල්ල දැන් අතෙන් ගිලිහි ගොස් හමාරය. කරපු සංවර්දනයක් නැත. දැන් ඉතිරිව තියෙන්නේ ජාතියේ මළබත ඉවීම පමණි. (නදී)
ඔබතුමා ඇඳුමෙන් පවා ඉන්දියාව ආදර්ශයට ගත්තා. එය ඉතා හොඳයි. ඒ වගේම ඉන්දීය ජාතික හා විදේශීය ප්‍රතිපත්තිය තේරුම් ගෙන අපේ රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය රැකගන්නට කටයුතු කිරීම ප්‍රසන්සනිය වේ. ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය අවදානමට වැට යන්නය. (නදී)
මෑත ඉතිහාසයේ ඉතාම කාලෝචිත සුසංයෝගය, ආදර්ශය ඔනතුමා සහ අගමැති තුමා. රටේ යහපත තකා ගන්නා වූ සෑම තීරනයකටම අපගේ සහයෝගය ඔබ දෙපොළටම. (නදී)
කොහොමත් පක්ෂයක් අල්ලගන්න එක වැරදියි. ජනවාරි 8 පැරදුනානම් ඔය පක්ෂයේ ඔබතුමත් එක්ක කව්ද අද ඉන්නේ. ඔබතුමා වෙනුවෙන් වෙඩි කෑවේ මැරුණේ යුන්පී කාරයෙක් නේද? (නදී)
එජාපය බය වෙලාය. හෙළ උරුමය කොර වෙළාය. ජවිපෙ පච වෙළාය. ආචාර්ය බාහුගේ නව සමසමාජය පීචං වෙලාය. අසාද් සාලිගේ පිරිසට කෙල වෙලාය. ද්‍රවිඩ ජාතික සන්ධානය කිච වෙලාය. හකීම්ගේ මුස්ලීම් කොංග්‍රසයට මඤ්ඤංය. හදවතින්ම ශ්‍රිලනිප කණ්ඩායම හමුවේ ඩාර්ලි රෝඩ් ශ්‍රිලනිප කණ්ඩායම කුජීත වෙලාය. මහින්ද සුළඟ හමුවේ මේ පක්ෂ සහ කල්ලි සියල්ල පාරේ යන ත්‍රීවිල් වැනිය. ඔවුහු වමට සිග්නල් දමා දකුණට හරවති. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය සහ නොර්වේ රටවල් සිදුකරන දේදුනු විප්ලවයේ න්‍යාය පත්‍රයට රූකඩ මෙන් නැටවෙති.(නදී)
ඔබතුමාගේ සංකල්පය නම් ඉතා අගය කරනවා. (නි)
මත්ද්‍රව්‍ය උවදුර ගැන කියන ඔබතුමා ඇල්ලු වෙලේ සුදා සහ ගෝලබාලයින් සම්බන්ධයෙන් ක්‍රියාකරන්නට නීතිය පසුබට වෙන්නේ මන්දැයි සොයා බලන්නකෝ. ඔබතුමා කියන්නේ මත්ද්‍රව්‍ය උවදුර ගැන නම් රට ඉදිරියට නොයන එකම හේතුව එයම නම් දැනට අත්අඩංගුවේ සිටින ලොකුම හෙරොයින් නායකයින් සහ මහා මොළකරුවෝ සම්බන්ධයෙන් විසඳුම් දෙන්නකෝ. මේවා ඉවරයක් නොවනවිට තව තවත් ෆයිල් නැතිවෙන්නේ නැද්ද? (නි)
ඔබතුමා එක්ක අපි එකඟයි (නි)
ඔබතුමාගේ සංකල්පය නම් ඉතා අගය කරනවා. (නි)
අපි දන්නවා මහත්තයෝ ඔබ බලයට කෑදර නැහැ කියලා (නි)
කතාව නම් විශිෂ්ටයි! (නි)
කතාව නම් හොඳයි. ඒත් ඔබතුමා ඔය කියන්නේ 1978 ව්‍යවස්ථාවට කලින් තිබුණු ජනාධිපති ධුරය ගැනයි. විලියම් ගොපල්ලව ජනපතිතුමාත් ඉතා අවංකව රට වෙනුවෙන් වැඩකළා මිසක් පක්ෂයකට වැඩකළේ නැහැ. නමුත් 1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනපතිකම ඇතිකළාට පස්සේ තිබුනේ පක්ෂය වෙනුවෙනුත් වැඩකරන ජනපතිකමක්. ජේ ආර් ජනපතිතුමා 1982 ඡන්දයේදී කලය ලාම්පුව පෙන්නුවේ පක්ෂය නිසයි. ඉතින් ඔබතුමාට ගොපල්ලව මැතිතුමා මෙන් පක්ෂ භේදය නැතුව වැඩ කරන්න නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න. දැන් රටේ නායකකමයි පක්ෂ නායකකමයි දෙකම අරන් පක්ෂයට වැඩ නොකිරීම හරි නැහැ. (නි)
ඔයා ඔහොම කිව්වට අගමැතිතුමා නම් එක්සත් ජාතික පක්ෂයට මුල් තැන දෙනවා. ඒක නිසා රැවුලයි කැඳයි දෙකම තියාගන්න ගිහින් රැවුල විනාස වෙන්න අරින්නේ නැතුව රැවුල ගානට බලා ගන්න පුළුවන් කෙනෙක්ට රැවුල (පක්ෂය) දෙන්න. නැත්නම් කැඳ එකේ රහට වහ වැටිලා රැවුල නැතිවෙන බව පෙන්නේ නැහැ. කැඳ හැලිය ඉවරවුන දවසට රැවුලයි කැඳයි දෙකම නැහැ. (බ)
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වුණේ ජාතික නායකයෙකු ලෙස මිස දේශපාලන පක්ෂ නායකයෙකු ලෙස නොවේ. එම තත්වය රැකගැනීම ඔහුගේ වගකීමකි. ජනතාවට අවශ්‍ය වන්නේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් වැඩකරන පොදු ජාතික නායකයෙක් වන ජනාධිපතිවරයෙක් මිස පක්ෂයකට මුල් තැන දෙන ජනාධිපතිවරයෙක් වේ. රටට අවශ්‍යව තිබෙන්නේ සියලු පක්ෂවලට නායකත්වය දියහැකි දේශපාලන නායකයෙක් වන ජනාධිපතිවරයෙකි. (නි)
අපේ ජනාධිපතිතුමා තව ටිකකින් කියාවි මට ජාතියකුත් නැහැයි කියල. එ්ක තමයි මංගලයි චන්ද්‍රිකයි ඔයාට ආදරේ. (බ)
මහානාම -කදාන , ඔබ හැම ලිපියකටම කොමෙන්ට්ස් දල තියෙනවා. මට පේන විදියට ඔබේ රැකියාව බත් පැකට් එකට හා රුපියල් පන්සීයට රැස්වීම්වලට යාම සහ කොමෙන්ට් දැමීමයි (නදී)
ඇත්ත තමයි... එදා මෙදාතුර ශ්‍රී ලංකා එකේ කවුද කාටද පුළුවන් වුනේ බලේ හිටපු තමන්ගේ පක්ෂයේ රාජ්‍ය බලය අහිමි කරවල යු අැන් පියට බලය අරන් දෙන්න ,පාක්ෂිකයින්ට ගුටි අන්නවන්න,උන්ගේ රස්සාවල් අහිමි කරවල වැඩපළවල් වලින් එලියට දම්මවන්න, තමන් එක්ක අවසාන මාස ගනිද්දී අහක බලාගෙන ඉන්න වගේම පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණය අහුරන්න ද්‍රෝහී නඩයත් එක්ක දන්නා දහන් ගැට ඔක්කොම ගහන්න ....මේ වගේ පක්ෂයට ආදරය කරන ආදරණිය සභාපති කෙනෙකුටම මිසක..ගරු ජනාධිපති තුමනි..අපි ලක්ෂ 62ක බහුතර ජනමතයට ගරු කරනවා..ඔබව අපෙත් ජනාධිපති හැටියට පිලි ගන්නවා..නමුත් ඔබ ඔබට විරුද්ධව ඡන්දය දුන් ලක්ෂ 58ක ජනමතය නියෝජනයට දේශපාලන නායකයෙක් විදියටනම් කවදාවත් පිළිගන්නේ නැහැ..පොරොන්දු දුන් පරිදි නිර්පාක්ෂික වෙන්න.ඔය නිදහස් පක්ෂයට කරන අසාධාරණයට සාධාරණයක් කරලා සභාපතිකමෙන් ඉවත් වෙන්න..එතකොට ඔබට තියෙන ගැටළු ගොඩක් විසදේවි..(බ)
ඔබතුමා විශිෂ්ටයි! (නි)
ශාමන්ත වෙල්ගම, "කාලෝචිත සුසංයෝගය"? ඒ මොකද්ද අප්පා ඒ හරුපය? දෙන්නෙක් විතරක් මදිනේ! අපි ඕකට විදේශ ඇමතිත් එකතු කරමු නේද?
ජනාධිපතිතුමනි, වැදගත් වන්නේ කතාව නොවේ ක්‍රියාවයි. ඔබතුමා පක්ෂය ආරක්ෂා නොකළාට කමක් නැහැ, නමුත් දිනාගත් රට ආරක්ෂා කරන්න. (නි)
අනේ මන්ද. සිංහලයෙක් වීම ලැජ්ජයි කියපු පවුලක අයත් එක්ක වැඩට ගිහින් දැන් පක්ෂයට ආදරෙයි කියා එය රැකගන්න වැඩ කරන්නත් ලජ්ජයිද. ඒක නිසාද බණ්ඩාරනායක මහතා හදපු පක්ෂයට තිබුන ආණ්ඩුව උදුරලා එතුමාට කෙනෙහිලිකම් කරපු පක්ෂයට බලය අරන් දුන්නේ. (ස)
ඉස්සර හැමදේම මහාමෙරක් කරගත්ත අනුර කුමාර මහත්තයලගේ දැන්නම් කිසි සද්දයක් නැහැ. ඇස් අන්ධවෙලා. (නි)
නියම කතාව මහත්තතයෝ! (නි)
පක්ෂය දෙකඩ කරන්නට වගේම රට දෙකඩ කිරීමේ වගකීමත් ඔබතමා ආරම්භ කළේ (ම)
ඔබතුමා ප්‍රවේශමෙන්! (නි)
ආදර්ශයට ගත යුතු බොහොම වැදගත් කියමනක්. (නි)
තවම කිසිම සංවර්ධනයක් වෙලා නැහැනේ. කුඩු කතාව පටන්ගත්තේ මේ ළඟදිනේ. (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය අයිති රෙද්ද බැනියම ඇදපු ගමේ මිනිහට හා සඟ වෙද ගුරු කම්කරු බලවේගයට. එ්ක දැන් හොරුන්ටයි, වංචා කරයන්ටයි, දූශිතයන්ටයි, යටවෙලා. එ්කෙන් බේරාගෙන ඡන්දෙට ගෙනියන්න අවශ්‍යයි. (ස)
ඔබතුමා රටට වාසනාවන්! (නි)