තම දේශපාලන මූලධර්ම කිසි විටක අනිවාර්ය නිවාඩු යවා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
වසර දහයක් තිස්සේම පාර්ලිමේන්තුවට වග කියන රජයක් නොතිබූ බවත්, ජනවාරි අට වැනි දා බලයට පත් වූ දින සියයේ රජය පාර්ලිමේන්තුවට වග කියන ආණ්ඩුවක් බවත් ඔහු අවධාරණය කෙළ්ය.
‘මගේ මිත්‍ර මහාචාර්ය ජී ඇල් පීරිස්, බන්දුල ගුණවර්ධන හිටපු ඇමැතිතුමා දැන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නෙත් ඒවට උත්තර දෙන්නෙත් මෙග් ඒ මූලධර්ම මා ආරක්ෂා කරන නිසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන කමිටුව පත් කළෙත් මම. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙත් මම. ඒකයි එදා සහ අද රජයේ වෙනස. ඒ වෙනසයි මහේග මිත්‍ර හිටපු ඇමැතිවරුන් තේරුම් නොගන්නේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි අපි බලමුකෝ! (නි)
අනේ අගමැතිතුමනි, අනුන්ට දොස් කිය කියා නොසිට අපේ රට ගැන හිතලා සේවයක් කරන්නකෝ. (නි)
27 වරක් ශ්‍රී ලාංකිකයින් ප්‍රතික්ෂේප කළ අයෙක් නේද මේ කියන්නේ? පසුගිය අවුරුදු 10 ටම බැරිවුණ දේවල් දින 100 න් කළා. හැබැයි අපි සතුටු කරන්න නම් නෙමෙයි. අහිංසක එජාප පාක්ෂිකයෝ නොමඟ ගිහින් තම පක්ෂ වෙනුවෙන් පෙනීසිටිනවා (නි)
එජාපය වෙනුවෙන් අදහස් දක්වන බුද්දි මතුනි , ඊයේ උතුරේ මහා ඇමති කියනවා හමුදාව මුළු මනින්ම ඉවත් විය යුතුලු . ඒ වගේම එක ද්‍රවිඩ මන්ත්‍රී වරයෙක් උසාවි ගල ගැසීම හමුදා බුද්දි අංශයේ වැඩක් කියනවාලු . නීති විශාරද හිටපු අගවිනිසුරු රුපවාහිනියේ කියනවා , මේ පාලනය සම්පුර්ණයෙන්ම තිති විරෝධී කියලා . පොලිස් මුල්‍ය අපරාද කොට්ටසය තනිකරම නීති විරෝධී හා විරුද්ද වාදීන් ව දඩයම් කරන්න අටවා ගත එකක් කියලා . දැන් මොකද මේ ගැන කියන්න අපේ ඇමෙරිකාවේ චානක් මහතා , චතුරි නෝනා වගේ බුද්දිමත් උදවිය ? ඔබතුමාන් ලා අවනක්ව අහිංසකව මේ රජය අවේනුවෙන් අදහස් දානවා පෙනී සිටිනවා , නමුත් මේ රජ මේ අහිංසක එජාප පාක්ෂිකයින් වෙනුවෙන් පෙනී සිටිනවද ? කරුණා කර හරි දේ හරියි වැරදි වැරදියි කියලා කියන්න , අපිටත් උගන් වන්න . මගේ නමින්ම මා අමතන්න (කේ)
.ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය ඉස්සරහට දමා අවලාද නගන්න එපා. (ත)
ප්‍රශ්නයක් නැහැ.දේශප්‍රේමී ජනතාව ළඟ එන මැතිවරණයෙන් ඔයා ගැන තීරණයක් ගනියි නොවරදවාම. (නි)
මට නම් සිතෙන විදිහට මහත්මා දේශපාලනයකට යන්න උත්සාහ කරන්නේ ගරු ජනාධිපතිතුමා පමණි. නමුත් එතුමාගේ ගමන වටකරගෙන සිටින දේශපාලන බලලෝභී අය හැකි උපරිමයෙන් විරුද්ධකම් කරනවා.මේ රටේ වැඩිම පිරිසක් ඡන්දදායකයන්ටත් , දේශපාලන ගැතිබව නිසා දේශපාලනයට නියම සුදුස්සා කව්ද කියා වටහාගන්න බැහැ. (නි)
රනිල් නගන අවලාද මේ රට විනාශ කිරීමට රුකුලකි. (බ)
මෙයාගෙ දේශපාලන මූලධර්ම 2001 ආණ්ඩු කාලෙ අපි දැක්කා. (නි)
මහින්ද අද වෙනකොට පන්සල හා මල් වට්ටිය තම බලය සදහා යොදාගනිමින් සිටියි (නදී)
ඔහොම යනකොට මොනවා වෙයිද කියලා කවුද දන්නේ? (නි)
මහානාම, ඔහේ වගේ කෙනෙකුට ප්‍රජතන්ත්‍රවාදය උගන්වනවා කියන එක තේරුමක් නැහැ. (නි)
චාමික මහත්තයෝ, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මහානාම මහත්තයා ඉහත ලියා ඇති විස්තරයේ කියවෙන දෙයටද?(ම)
මේ කතා වලට නියම උත්තර අපි දෙන්නම් ඊළඟ ඡන්දෙදි.ජනවාරි 08, මිනිසුන් රැවටුනා. ආයෙත් ඒ වගේ ගොන්කම් කරයි කියලා හිතන්න එපා මහත්තයෝ. (නි)
පිවිතුරු යහපාල , ජනාධිපතිවරැණයේදිත් ඔය වගේම ලස්සන හීනයක් දැක්ක , තව බලන්න හොඳට නැවත මහින්ද මහත්තයට එන්න බැරියෝ ! (ම)
අපි තව ටිකක් ඉවසලාම බලමුකෝ.... (නි)
මහත්වරුන්ගෙයි මහත් හොරුන්ගෙයි වෙනස නොතේරන කට්ටිය තාම ඉන්නව (බ)
ප්‍රශ්නයක් නැහැ..දේශප්‍රේමී ජනතාව ලග එන මැතිවරණයෙන් ඔයාව අනිවාර්ය නිවාඩු යවයි නොවරදවාම....(ම)
හිටපු අගවිනිසුරු කියන විදියට මේක අච්චාරු රජයක වගකීමක් (ත)
පිවිතුරු යහපාල, පත්කරගත්තේ ගෙදර යවන්න නෙමෙයි. (ත)
තවම ජනතා ඡන්දයෙන් පත් වුණේ නෑ. (ත)
පද්මිණි නෝනා , නැත මම කවදාවත් කියන්නේ නැහැ කලින් අගමැති හෝ කලින් ජනාධිපති ඕනෑ කියලා. එයාලා වැරදි කර ඇත්නම් නීතිප්‍රකාර දඬුවම් කරන්න. මම කියන්නේ මේ ලැබූ නිදහස, මේ දිනු රට පාවාදෙන්න එපා කියලා. ඒ ගැන ඔබතුමිය එකඟයි නම් මට වාදයක් නැත (නි)
වෛරය ,දඩයම තියනවා නේද (බ)
17 වසරේ ශාපය මතක්වුණා. 30 වසරක තිබුණ කුරිරු යුද්ධයෙන් මිදුන කට්ටිය අමතකවුණා (නි)
දසවසරක ශාපයෙන් මිදිලා ඉන්න නිසා නේද අද හැමෝම කතා කරන්නේ? ඒ කාලේ හැමදේකටම අතීතය ආවර්ජනය කරන්නම ඕනෑ මෙයාලට මතක්වෙන්න.(නි)
අනුර, දස වසරක ශාපය ගැන නම් මතක්කරන්නවත් එපා (නි)
අනේ මන්දා මහත්තයෝ මේ කතා? (නි)
මහානාම කලින් හිටපු අගමැති හොඳයි කියල නේද කියන්නේ? (බ)
මොන ශාපයක්ද. මම නම් දකින්නේ තිස්වසරක ශාපය නිමකර කුමන හෝ සංවර්ධනයක් තිබුන කාලයක් හැටියටයි. රටේ හොර වැඩ තිබුනේ අද ඊයේ නොවෙයිනේ. 1977 පස්සෙනේ මේවා ඔක්කොම පටන් ගත්තේ මහත්වරුනේ. මතක් කරලා බලන්න හොදට. (බ)
අනුර ඔයාල 17 වසරක ශාපේ කාලේ හිටියේ නැද්ද එතකොට. එ්ක 10 එකට වඩා ගොඩක් සැරයි (බ)
මට බැරි මොනවද? නමුත් ඒ තව කොච්චර දවසකටද? (නි)
වැඩක් නැහැ අසංග. මෙයාලට මතක ටික කාලයයි. අර මට මතක නැහැ කිව්ව මහත්තයත් දැන් මෙයාලා එක්කනේ. 2010න් එහාට මෙයාලට මතක නැහැ (නි)
සොපි නොනද මහතාද දන්නේ නැත . කොහොම වුණත් තමාගේ පහත් මිම්මෙන් අනෙක් අයව මනින්න එපා . (අ)
සෙනසුරු ඒ රාස්ටකයේ,උපන් වෙලාවයි 69 ඉහළ අංකයක් එවන්න හරියටම කියන්නම් මොකද වෙන්නේ කියලා (බ)
අනේ නිහාල්, තවත් ලැජ්ජා නැහැනේ! (නි)
තවත් මොන කතාද? (නි)
අගමැතිතුමනි, ඔබ ලෝකය තුළ ප්‍රජාතාන්ත්‍රික රටවල් නියෝජනය කරන ඉහළ ගණයේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරන කෙනෙක්. නිහතමානීව මගේ රටට,තරුණ දේශපාලකයින්ට, ඔබ ලබාගත් අත්දැකීම් ලබාදෙන්න. පරණ යල් පැනගිය කුහක දේශපාලකයින්ගේ සැබෑ තතු හෙළිකර බුද්ධිමතුන්ගේ ශ්‍රී ලංකාවක් ගොඩනඟන්න (නි)
මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය විසඳුව හැටි අපි දැක්කනේ! (නි)
සුභ අනාගතයේ ඉඳලා මේ මනුස්සයා දැනට නම් කියක් වෙනස් කරාද ..?දැන් ඒපාර කඳාන කියලා නම වෙනස් කරගෙන.කවදා හැදෙයිද මන්දා...(බ)
කොහෙන්ද මන්දා කතා කරන්නේ? මේ දස වසරට ඉස්සර භීෂණ දාහත් වසරක් තිබුණු බව මතක නැද්ද? (නි)
ජනතාව රවටන්න නම් හදන්න එපා මහත්තයෝ (නි)
පහුගිය අවුරුදු 10 ට රටේ අගමැති කියලා කෙනෙක් හිටියද නැද්ද කියලාවත් මට නම් මතක නැහැ (නි)