
(බිමල් ශ්‍යාමන්)
තමන්ට විවිධ පාතාල කණ්ඩායම් වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පවසා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අද(22) මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් අගෝස්තු මස 29, වෙනිදින පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.
එම ලිපියේ මෙලෙස සඳහන්ය.
මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි,
මා වර්ෂ 2025 පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස පත්වී මේ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධුරයේ කටයුතු කරන බවට සැල කර සිටිමි. නමුත් මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේ දී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජනන එල්ල විය.
මීට අමතරව විවිධ පාර්ශ්ව විසින් මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලා හරහා මාහට තර්ජන එල්ල කරනු ලබන බවට ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් වතාවන් ගණනාවක් මා පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බවට කියා සිටිමි. එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලිසිය විසින් මා හට දැනුම් දුනි.
මා අධිකරණයට පැමිණෙන අවස්ථාවක දී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බව මා හට විශ්වාසයක් පවතින බව සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ල කර ඇත.
ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු ඇමතිලා මහා උඩඟු ලෙස දේශනා කලේ තර්ජනයක් තියෙනවා නම් බුද්ධි විශ්ලේෂණ කර අවශ්‍ය පියවර ගන්නවා කියලා. කෝ ගත් පියවර, මේ මනුස්සයා තමන් මරා දමන්න ඉඩක් තියෙනවා කියා තිබෙන්නේ මාස ගාණකට කලින්.
කරපු අපරාද හිතේ ගොජ දමන නිසා මර බියෙන් ඉන්නවා... අහිංසක දරුවන්ට කුඩු පොවද්දී හිතුනේ නැද්ද මොකුත්? දැන් ඉතින් ආරක්ෂාව තියෙනවනේ... නිදහසේ ඉන්න පුළුවන්..
අවි ගත්තෝ අවියෙන්ම නසිති...
අවි ගත්තෝ අවියෙන්ම නසී...
කරන තරමක් නීති විරෝධී වැඩ කරලා ආණ්ඩුවෙන් ආරකෂාව ඉල්ලනවා. රටේ ඡනතාවගේ බදු මුදල් වලින් පාතාලයෝ ආරක්ෂා කරන්නේ මොකටද?
බම්බුව, දැන් එතකොට ඇප අරං එළියේ ඉන්න ඔක්කෝම පාතාල, මිනීමරු, දූශිතයෝ පොලිස්පතිතුමාට ලියුම් යැවුවොත් මට මරණ තර්ජන තියෙනවා කියලා, ඔවුන් ඔක්කෝටම දියල්ලකෝ පොලිස් ආරක්ෂාව... අපේ සල්ලි වලින්. මිනිසුන්ට මොලයක් දීලා තියෙන්නේ හිතන්න. ගොං මොළවලට මිනිස් සිරුරු බද්ධ වෙච්චි අයට උදාහරණ comment වලින් පේනවා...
අවි ගත්තෝ අවියෙන් නසිති .
අපරාධවලින් උත්පාදිත තව කෙනෙකුට වැලැක්විය නොහැකි දේපලක් තමයි මරණ තර්ජන. ඕනෑම අපරාධකරුවෙකුට නීතිමයව හෝ අනීතිකව මර්ණ තර්ජක එක එක නියමයක්.මියගිය පුද්ගලයාද අපරාධකරුවෙකු බව වාර්තාවනව. ඒ අනුව ඔහුට හිමි දේ ඔහිත් දැනසිටි බවයි පේන්නේ. කෙසේ නමුත් අනීතිකව මිනිසුන් මරාදැමීම අනුමත කළ නොහැකියි. ඉක්මනින් මෙම තත්වයෙන් රට ගලවා ඇනීමට පොලීසිය ඇතුලු සියලු අදාල අංශ ඉක්මනින් පියවර ගනිත්වා.
සමාජ මාධ්‍ය වල කොමෙන්ට් වලින්ම තේරෙනවා මේ මනුස්සයට තිබුනු තර්ජනයේ තරම. මේක හොරාට ජවිපෙ ත්‍රස්ඨයන් කරපු වැඩක් නෙමේ. එලිපිටම කරපු වැඩක්.
හැබැයි මාලිමාවට කඩේ යන ඉතාම පහත් විදියට මිනිස්සුන්ටත් මඩ ගහන යූටියුබ් කාරයෙක්ට නම් ආරක්ශාව දීලා තිබුනා. දැඩි ඒකාධිපති වාදයක් දැන් රටේ යන්නේ.
පාතාලය එක්ක ඇයි සම්බන්ධතා ඇති කරගත්තේ? අවුරුදු 20-21 ඉදන්ම ඔවාට සම්බන්ධ වුනා නේද?
අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව අපි අසා ඇත්තෙමු.
අනේ ගුණයෝ... පාතාලේ ගේම් දීලා සුදනෝ වෙන්න හැදුවට වැඩක් නෑ. කළ පව් එනවා පස්සෙන්... ගුණයා නියෝජනය කළ දේශපාලන ප්‍රවාහයම පත්කළේ කොටසක්නේ... දුකයි නුඹලා වගේ මන්ද මානසිකයින් ගැන.
පාතාල කල්ලි ඇයි මේ හොද මනුස්සයාවම මරන්න බලන්නේ... ඇයි ඒක ලිපියේ දක්වලා නැත්තේ?
බල්ලොත් එක්ක නිදිය ගත්තාම බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. පාතාලය එක්ක සෙල්ලම් කරනකොට ඔහොම තමයි. මේවා ගුණරත්න වගේ නූගත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුණාට රටේ සාමාන්‍ය ජනතාව දන්නවා.
ඒ කියන්නේ පාතාලය සමඟ මොකක් හරි ගනුදෙනුව ක් තියෙනවා. නැත්නම් අනෙක් සභා වලටත් මෙහෙම දෙයක් තියෙන්න එපැයි .