
(බිමල් ශ්‍යාමන්)
තමන්ට විවිධ පාතාල කණ්ඩායම් වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පවසා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අද(22) මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් අගෝස්තු මස 29, වෙනිදින පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.
එම ලිපියේ මෙලෙස සඳහන්ය.
මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි,
මා වර්ෂ 2025 පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස පත්වී මේ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධුරයේ කටයුතු කරන බවට සැල කර සිටිමි. නමුත් මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේ දී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජනන එල්ල විය.
මීට අමතරව විවිධ පාර්ශ්ව විසින් මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලා හරහා මාහට තර්ජන එල්ල කරනු ලබන බවට ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් වතාවන් ගණනාවක් මා පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බවට කියා සිටිමි. එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලිසිය විසින් මා හට දැනුම් දුනි.
මා අධිකරණයට පැමිණෙන අවස්ථාවක දී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බව මා හට විශ්වාසයක් පවතින බව සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ල කර ඇත.
ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි’’
ගුණරත්න Wednesday, 22 October 2025 10:08 PM
ආණ්ඩු ඇමතිලා මහා උඩඟු ලෙස දේශනා කලේ තර්ජනයක් තියෙනවා නම් බුද්ධි විශ්ලේෂණ කර අවශ්‍ය පියවර ගන්නවා කියලා. කෝ ගත් පියවර, මේ මනුස්සයා තමන් මරා දමන්න ඉඩක් තියෙනවා කියා තිබෙන්නේ මාස ගාණකට කලින්.
කලකම්පලදේ Wednesday, 22 October 2025 11:09 PM
මෙයා හරී අහිංසකයෙක්. නඩු දහයක් විතරයි තියෙන්නේ. සිරදඬුවමුත් අත්හිටුවලා තියෙන්නේ. පව්... හරක් කටාගේත් යාලුවෙක්ලු. සජිත් නොමිනේෂනුත් දුන්නා. හරිම අහිංසකයෙක්...
PereraThursday, 23 October 2025 05:49 AM
guneyo, බුද්ධි විශ්ලේෂණ කතාව කිව්වේ මේ වගේ පාතාලයන්ට අදාලව නොව, හිටපු ජනපතිවරුන්ට සම්බන්ධවයි. පාතාලයෙත් එක්ක සමීප සම්බන්ධතාවක් තියෙන හැම කෙනාම අවසානයේ මැරෙන්නේ මේ විදියට වෙඩි කාලා
දයාන් කන්නන්ගර Wednesday, 22 October 2025 11:38 PM
කරපු අපරාද හිතේ ගොජ දමන නිසා මර බියෙන් ඉන්නවා... අහිංසක දරුවන්ට කුඩු පොවද්දී හිතුනේ නැද්ද මොකුත්? දැන් ඉතින් ආරක්ෂාව තියෙනවනේ... නිදහසේ ඉන්න පුළුවන්..
Srinath Thursday, 23 October 2025 12:26 AM
අවි ගත්තෝ අවියෙන්ම නසිති...
Asanga Thursday, 23 October 2025 12:40 AM
අවි ගත්තෝ අවියෙන්ම නසී...
Ajith Thursday, 23 October 2025 02:48 AM
කරන තරමක් නීති විරෝධී වැඩ කරලා ආණ්ඩුවෙන් ආරකෂාව ඉල්ලනවා. රටේ ඡනතාවගේ බදු මුදල් වලින් පාතාලයෝ ආරක්ෂා කරන්නේ මොකටද?
sumith liyanage Thursday, 23 October 2025 02:55 AM
බම්බුව, දැන් එතකොට ඇප අරං එළියේ ඉන්න ඔක්කෝම පාතාල, මිනීමරු, දූශිතයෝ පොලිස්පතිතුමාට ලියුම් යැවුවොත් මට මරණ තර්ජන තියෙනවා කියලා, ඔවුන් ඔක්කෝටම දියල්ලකෝ පොලිස් ආරක්ෂාව... අපේ සල්ලි වලින්. මිනිසුන්ට මොලයක් දීලා තියෙන්නේ හිතන්න. ගොං මොළවලට මිනිස් සිරුරු බද්ධ වෙච්චි අයට උදාහරණ comment වලින් පේනවා...
ලුම්බිණි Thursday, 23 October 2025 04:57 AM
අවි ගත්තෝ අවියෙන් නසිති .
වැඩිහිටියා Thursday, 23 October 2025 06:03 AM
අපරාධවලින් උත්පාදිත තව කෙනෙකුට වැලැක්විය නොහැකි දේපලක් තමයි මරණ තර්ජන. ඕනෑම අපරාධකරුවෙකුට නීතිමයව හෝ අනීතිකව මර්ණ තර්ජක එක එක නියමයක්.මියගිය පුද්ගලයාද අපරාධකරුවෙකු බව වාර්තාවනව. ඒ අනුව ඔහුට හිමි දේ ඔහිත් දැනසිටි බවයි පේන්නේ. කෙසේ නමුත් අනීතිකව මිනිසුන් මරාදැමීම අනුමත කළ නොහැකියි. ඉක්මනින් මෙම තත්වයෙන් රට ගලවා ඇනීමට පොලීසිය ඇතුලු සියලු අදාල අංශ ඉක්මනින් පියවර ගනිත්වා.
Udugampola Thursday, 23 October 2025 07:36 AM
සමාජ මාධ්‍ය වල කොමෙන්ට් වලින්ම තේරෙනවා මේ මනුස්සයට තිබුනු තර්ජනයේ තරම. මේක හොරාට ජවිපෙ ත්‍රස්ඨයන් කරපු වැඩක් නෙමේ. එලිපිටම කරපු වැඩක්.
කැකිල්ලේ නීති Thursday, 23 October 2025 07:42 AM
හැබැයි මාලිමාවට කඩේ යන ඉතාම පහත් විදියට මිනිස්සුන්ටත් මඩ ගහන යූටියුබ් කාරයෙක්ට නම් ආරක්ශාව දීලා තිබුනා. දැඩි ඒකාධිපති වාදයක් දැන් රටේ යන්නේ.
රුවන් Thursday, 23 October 2025 08:27 AM
පාතාලය එක්ක ඇයි සම්බන්ධතා ඇති කරගත්තේ? අවුරුදු 20-21 ඉදන්ම ඔවාට සම්බන්ධ වුනා නේද?
ravin Thursday, 23 October 2025 08:41 AM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව අපි අසා ඇත්තෙමු.
Raix Khan - Maradana Thursday, 23 October 2025 09:04 AM
අනේ ගුණයෝ... පාතාලේ ගේම් දීලා සුදනෝ වෙන්න හැදුවට වැඩක් නෑ. කළ පව් එනවා පස්සෙන්... ගුණයා නියෝජනය කළ දේශපාලන ප්‍රවාහයම පත්කළේ කොටසක්නේ... දුකයි නුඹලා වගේ මන්ද මානසිකයින් ගැන.
ගුණරත්න Thursday, 23 October 2025 05:07 PM
කාන් මහත්තයා මේවා සාධාරණීකරණය කරනවා නම් කවදා හෝ දවසක කොහේ හරි යන පාදඩයෙක් අතින් මළොත් අපිටත් කියන්න වෙන්නේ පාතාලයෙක් වෙන්න ඇති, ඌ මළාම අපට මොකද, කමක් නැත්ද?
saman Thursday, 23 October 2025 09:23 AM
පාතාල කල්ලි ඇයි මේ හොද මනුස්සයාවම මරන්න බලන්නේ... ඇයි ඒක ලිපියේ දක්වලා නැත්තේ?
Rata Perata Thursday, 23 October 2025 11:34 AM
බල්ලොත් එක්ක නිදිය ගත්තාම බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. පාතාලය එක්ක සෙල්ලම් කරනකොට ඔහොම තමයි. මේවා ගුණරත්න වගේ නූගත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුණාට රටේ සාමාන්‍ය ජනතාව දන්නවා.
ගුණරත්න Thursday, 23 October 2025 03:03 PM
හා මහත්තයා, එක කාලයක් තිබ්බ ඔය සහෝදරවරු කියාගන්න මිනීමරු කල්ලිය තුන්ඩු යවා ඒ දේවල් ඇහුවේ නැතොත් ගෙදරට ඇවිත් මරා දමන. එහෙව් පක්ෂයකට සහයෝගය දක්වන උන් අපට නූගතා කියා අපහාස කරනවා. අප ඒ අපහාස ගණන් ගන්නේ නැහැ. මොකද ඔබ වැනි මෝඩයන්ට තේරුම් කර කියාදුන්නා කියල, කවදාවත් ඒ දේවල් තේරුම් ගන්නේ නැති නිසා. මේ ආණ්ඩුව පොරොන්දු වුනේ ශිෂ්ඨසම්පන්න නීතිගරුක ආණ්ඩු පාලනයක් ගෙනියනවා කියල, එත් පොදු ස්ථානයක මහජන නියෝජිතයෙක් මරා දමන තරමට තත්වය පිරිහිලා. මේක විවේචනය කරන්න ආත්ම ශක්තියක් නැති මෝඩ වහලෙක් ඔබ.
ජයනාත් Thursday, 23 October 2025 01:44 PM
ඒ කියන්නේ පාතාලය සමඟ මොකක් හරි ගනුදෙනුව ක් තියෙනවා. නැත්නම් අනෙක් සභා වලටත් මෙහෙම දෙයක් තියෙන්න එපැයි .