මෙක්සිකෝවෙන් කුරුලු උණ H5N1 රෝගියකුගේ මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ, කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගිය පළමු තැනැත්තාය.

තච, පාචනය, ස්වසන අපහසුතා, කැරකිල්ල කුරුලු උණ H5N1 රෝග ලක්ෂණ බව පැවැසෙයි. 59 හැවිරිදි මෙම රෝගියා මියගොස් ඇත්තේ පසුගිය අප්‍රේල් 24 වැනිදාය.

මෙම රෝගියා කුරුලු උණ H5N1ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු මෙක්සිකෝ සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර ඇත්තේ මැයි 23 වැනිදාය.

(එන්.ඩී.ටීවී.)