විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 123 ක් රැස්කරමින් විස්සයි20 තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලෝක වාර්තාව තමන් සතු කරගැනීමට සමත් විය. මැකලම් විස්සයි20 අන්තර්ජාතික තරගවලදී ශතක දෙකක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා බවට ද පත්විය. මෙහිදී බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 58 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර හතක් සමගින් ලක-ුණු 123 ක් රැස්කළේය. දකුණු අප‍්‍රිකානු ආරම්භක පිතිකරු රිචඞ් ලෙවි මෙම වසරේ (2012) පෙබරවාරි මස 19 වැනිදා නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී නොදැවී ලකුණු 117 ක් රැස්කරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි. නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 3 ට 191 (ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 35, බ්‍රෙන්ඩන් මැකලම් 123, රෝස් ටේලර් නොදැවී 14, අබ්දුර් රසාල් 28/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තේ ටීම් එක හරි විනීතයි..(ස)
සුභ පැතුම් මැකලම්! (නි)
නිහතමානී, මහත්මා ගති ඇති ක්‍රීඩකයෙක්. සුභ පැතුම්! (නි)