(එච්.එච්.ධර්මපාල)
ඩුබායි රටේ සැඟව සිටිමින් දුරකථන මගින් මෙරට මත්ජාවාරම් හා මනුෂ්‍ය ඝාතන සිදුකරවන ප්‍රධාන පෙලේ හෙරෝයින් ජාවාරම් කරුවෙකු වන මාකඳුරේ මදුෂ් යන අයගේ මෙරට ප්‍රධාන වෙඩික්කරුවකු වූ කලුවන් මධුෂාන් ආබෘ නැමැති හෙරෝයින් ජාවාරම්කරුවකු අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝගමත ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට පත්වන විට හෙරෝයින් මිලිග්‍රෑම් 1060ක් වැල්ලම්පිටියේ ගැනුම්කරුවෙකු වෙත ලබා දීමට සුදානම් වන අවස්ථාවේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පැවැසීය.
සැකකරු කරන ලද පාපොච්චාරනයට අනුව මොහු 2018.7.8 ජම්පටා වීදියේදී ගිතා හා රාජා යන අඹු සැමි යුවල වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු වන බවත් 2018.8.3 මෝදර තැපැල් කාර්යාලය අසලදී කුඩුකන්නා නැමැති හෙරෝයින් ජාවාරම්කරුගේ පියාට වෙඩිතබා ඝාතනය කළ වෙඩික්කරු වන බවත් සී.සී.ටී.වී දර්ශන වලින් හඳුනාගෙන ඇත.
සැකකරු අලුත්ගම සංජීව සහ අහුන්ගල්ලේ ලොකුපැටි නැමැති හොරෝයින් ජාවාරම්කරුවන් සමඟ ජාවාරමේ යෙදී සිටියදී හඳුනා ගනු ලැබූ බවත් සංජීව සහ ලොකුපැටි පිලියන්දලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ රංගජීවට වෙඩි තැබූ පුද්ගලයන් බවත් පොලිසිය කියයි.
මෙම වෙඩික්කකරු යොදාගෙන සිදුකරන ඝාතනයන් වෙනුවෙන් ඩුබායි රටේ සිටින මදුෂ් හෙරෝයින් ජාවාරම් කරුගෙන් ලක්ෂ පහ බැගින් ලබාගන්නා බවත් පසුගිය කාලයේ සිදු කළ ඝාතන ඩුබායි සිට ලැබෙව දුරකථන ඇමතුම් අනුව සිදු කරන බවත් සැකකරු පොලිසියට පාපොච්චාරනය කර තිබේ.
මදුෂ් සැලසුම් කර ඉදිරියේදී සිදු කිරීමට තිබූ ඝාතන කිහිපයක තොරතුරු හෙලිවී ඇතැයිද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මොනවද බලන් ඉන්නේ පොලිසියට සඟවාගෙන ඉන්න හෙරොයින් පෙන්වන්න කියන්න. හිරේ දමන්නේ නරක මිනිසුන් හොඳ මිනිසුන් කර සමාජගත කරන්නම්, මෙවන් මිනිසුන් කිසිදිනක හොඳ මිනිසුන් කර සමාජ ගතකල නොහැක. එමනිසා මොවුන්ගෙන් අන් මිනිසුන්ට තවත් කරදර වෙන්න ඉඩතියන්න එපා.
මාකඳුරේ මධූෂ් කියන්නේ ප්‍රබන්ධයක්.., මේ මිනිසාගේ දකුණු අත ඇල්ලුවා කියලා කාලෙකට කියනවා... ප්‍රධාන ගෝලයා අල්ලාගත්ත කියලා කියනවා. අායිත් කියනවා එ්ත් පාතාලය නිමක්වෙන්නේ නැහැ.. මේක රට ඇතුලේම ප්‍රධාන දේශපාලන හස්තයකින් ක්‍රියාත්මක වෙන දෙයක් කියලයි මම නම් කියන්නේ, බින් ලාඩනුත් ඇල්ලුවා නම් ඩුබායි වල ඉන්නවා කියන මේකව ගෙන්නන එක වැඩක්ද? ඩුබායි කියන්නේ තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරන රටක්,.. අපරාධකාරයෙක්ට නම් ලේසියෙන් ගැලවිලා ඉන්න ලැබෙන්නේ නැහැ... මට හිතෙන්නේ පොලිසියෙන් විස්තර දීලා නැහැ ඩුබායි වලට...