2015 මහ මැතිවරණය මෙරට ඉතිහාසයේ මෙතෙක් පැවැති සාමකාමී හා සාධාරණ මැතිවරණයක් බවත් රජය, දේශපාලන පක්ෂ හා ආධාරකරුවන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පනවන ලද නීතිවලට සැලකිය යුතු මට්ටමකින් අනුකූලතාව දැක්වීමත් විශේෂ කරුණක් වූ බව මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණු පැෆ්රල් සංවිධානය පවසයි.
අද (19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ 19 වැනි සංශෝධනය අනුව තමන් වෙත පැවරී ඇති බලතල ක්‍රියාවට නැංවීම සහ සාමකාමී මැතිවරණයක් සහතික කිරීමේ අරමුණින් පනවා ඇති නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත් මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කාල සීමාව පුරා කටයුතු කිරීම අප සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක්විය යුතු බවයි.
මැතිවරණ ප්‍රචාරණ සමයේ පැමිණි 1323 ක් පැෆ්රල් සංවිධානයට ලැබුණු බවත් න් බහුතරය බරපතල නොවන ඒවා බවත් ඔහු කීවේය.
ආබාධිතයන් ඇතුළු ඡන්ද පොළට පැමිණිය නොහැකි ඡන්ද දායකයන් වෙනුවෙන් සුවිශේෂී වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීමට ප්‍රමුඛතාවය දෙන්නැයි අලුත් රජයෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ වන විට රාජ්‍ය අංශයට පමණක් තැපැල් ඡන්ද ක්‍රමය හඳුන්වාදී ඇතත් එම වරප්‍රසාද නොමැති රාජ්‍ය අංශයේ නොවන වෛද්‍යවරු, හෙදියන් ඇතුළු අනිවාර්ය රාජකාරීවල නියුතු විශාල පිරිසකට සෑම මැතිවරණයකදීම ඡන්ද අයිතිය අහිමි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා අගය කළයුතු පුද්ගලයෙක් තමයි (නි)
මෑත ඉතිහාසයේ බුද්ධිමත් කාර්යක්ෂම එඩිතර රාජ්‍ය නිලධාරියෙක් ඔබට ජනතා පැසසුම්!ස්තුතියි (ම)
ඔබගේ සේවය අගය කළයුතුයි (නි)
හරියට කිවුවා ගයාන්. ඇත්තෙන්ම අගය කරන්න ඕනෑ පුද්ගලයෙක් තමයි අපේ මැ.කො !!! (නි)
හිටපු සමහරුන්ට වඩා නම් සිය දහස් ගුණයක් හොඳයි (නි)
ඇත්ත එතුමාගේ සේවය ඉහලින්ම අගය කළ යුතුයි. කවදාවත් අමතක නොවන චරිතයක් වේවි මැතිවරණ ඉතිහාසයේ. තවත් කාලයක් රටට සේවය කීරීමට හැකි වේවි ප්‍රර්ථනා කරමි. (ම)
දකුණේ අය ඔහොම තමයි.නිර්භීතයි. (නි)