IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මං මෝහන් සිං ඉන්දියා ස්ථාවරය කියයි

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව යළි පදිංචි කිරීම හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ඉන්දියාව හැමවිටම ඉහළම හා වැදගත් ප්‍රමුඛත්වයකින් කටයුතු කරන බවත්, යුද ගැටුම් අවසන් වීමෙන් පසු එම ජනතාවගේ යහ පැවැත්ම හා සුබ සාධනය පිළිබඳව ඉන්දියා රජයේ අවධානය යෙමු වී ඇති බවත් ඉන්දියා අගමැති ආචාර්ය මංමෝහන් සිං පවසයි. දෙමළ ජනතාවගේ අයිතීන් ලබා දෙන්නැයි සඳහන් කළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ඉකුත් අගෝස්තු 20 වැනි දා ඉන්දියා ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි විසින් ඉන්දියා අගමැතිට යවූ ලිපිය පිළිතුරු ලිපියක් යවමින් ඊයේ  ආචාර්ය මංමෝහන් සිං මහතා මෙම කරුණු අවධාරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. බලය බෙදා හැරීම හා දෙමළ ජනතාවට සිය අයිතීන් ලබාදීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ රජයේ  හා අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කරන බව ඉන්දියා අගමැතිවරයා හිටපු තමිල්නාඩ් මහා ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.



අදහස් (0)

මං මෝහන් සිං ඉන්දියා ස්ථාවරය කියයි

වන්නි Thursday, 04 October 2012 07:42 AM

අපිට මොකටද අනේ

:       0       0

ඉන්දික Thursday, 04 October 2012 08:27 AM

මුලින්ම ඒ රටේ ප්‍රශ්න ටික විසදුවොත් නේද හොද මහත්තයෝ? (නි)

:       0       0

සරත් Thursday, 04 October 2012 09:01 AM

මොනවා වුණත් සීරුවට විසදාගත යුතු ප්‍රශ්නයක්. (නි)

:       0       0

හේමන්ත Thursday, 04 October 2012 09:03 AM

තමිල්නාඩුවේ අයට අපේ රටේ ඉන්න දෙමළ ජනතාවට ආදරෙන් සළකන්න බලාගෙන ඔක්කොම ටික එහාට අරගෙන යන්න. අපේ අකමැත්තක් නැහැ. (නි)

:       0       0

ශිෆ්රාන් Thursday, 04 October 2012 09:10 AM

මේ යුද්දෙන් පස්සේ දෙමළ අය වෛරකාරයෝ වෙලා (ස)

:       0       0

ශ්‍රිෆ්රාන් Thursday, 04 October 2012 09:17 AM

මෙයාට කියා දීලා තියෙන්නේ අනුන්ට වෛර කරන හැටි විතරයි (ස)

:       0       0

නිර්මාල් Wednesday, 03 October 2012 08:19 PM

අපි අපේ ස්තාවෙරේ ඉම්මු

:       0       0

විකී Thursday, 04 October 2012 09:57 AM

ඔහොම බනින්න එපා අපි ගැන කොච්චර දුක් වෙනවාද එයා, අපේ මැති ඇමතිලාවත් අපි ගැන එච්චර හිතන්නේ නැනේ. එයාලාගේ රටේ කොච්චර ප්‍රශ්න තිබුනත් ලංකාව ගැනමනේ හිතන්නේ. මන් හිතන්නේ රෑට හීනෙනුත් පේනවා ඇති. ඉන්දියාවේ මිනිස්සු ඡන්දේ දීල පත් කර ගෙන තියෙන්නේ ලංකාවේ ප්‍රශ්න විසදන්න. හරි නම් අපිටත් දෙන්න ඕන ඉන්දියාවේ මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, නැද්ද මන් කියන්නේ?(ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 03 October 2012 09:12 PM

ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල වැසිකිළි යාමෙන් පසු සෝදන්න ජලයවත් නැහැ. එයාලා අපේ ප්‍රශ්න ගැනයි ඒ වුණත් හොයන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 09:20 PM

දෙපැත්තම බේරාගන්න එහෙම කියනවා ඇති. (නි)

:       0       0

තිලක් Wednesday, 03 October 2012 09:46 PM

තමිල්නාඩුවේ ඉන්න දෙමල සරණාගතයින්ට සළකන්නේ නැති අය අපේ රටේ දෙමළ ජනතාවට සළකන හැටි ගැන කිඹුල් කඳුළු හෙළනවා. අපේ රජය මීට වඩා ඍජු විය යුතුයි. මෙහෙම ඉන්දියාවට නැමෙන්න ගියාම එයාලා අපිව බොරුවට බය කරන්න එනවා. අර ජේආර් එදා බය වුණේ රජිව්ට. එහෙම නොකර වඩමාරච්චියෙදීම ගේම ඉවර කළා නම් මේ කරදර නැහැ. ඒ කාලේ කොටි පිටිපසේ හිටියේ ඉන්දියාව විතරයි. බටහිර රටවල් එච්චර කරට අරන් හිටියේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 04 October 2012 11:44 AM

වැඩක් නැහැ වැඩක් නැහැ

:       0       0

සරත් Wednesday, 03 October 2012 10:20 PM

ඉන්දියා අගමැති හරි සූරයා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 03 October 2012 10:27 PM

ඉන්දියාව මොකටද අපේ රටේ ඒවා හොයන්නේ? (නි)

:       0       0

ජීව Wednesday, 03 October 2012 11:15 PM

ලංකාවෙ ඉන්න දෙමළ අය ගැන මං මෝහන් සිංට මෙච්චර අමාරු මේ අය ඉන්දියානු අය නිසා වෙන්න ඇතිනෙ. බැරිද දන්නෙ නැහැ චීනෙන් ණයක් ගන්න. සල්ලි දීලා හරි මේ අයව ඉන්දියාවටම පටවන්න. එතකොට මං මෝහන්ගෙ ප්‍රශ්නයත් ඉවරයි, අපේ ප්‍රශ්නයත් ඉවරයි.

:       0       0

මංගල Wednesday, 03 October 2012 11:34 PM

මනමෝහන් සිං, තමන්ගේ රටේ සනීපාරක්ෂිත කටයුතු දියුණු කළොත් නේද හොද? අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 04 October 2012 01:55 AM

අපේ වැඩ අපි බලා ගන්නම්. අන්න අර කොළුවන්ට ක්‍රිකට් ගහන හැටි කියලා දුන්නනම්. (නි)

:       0       0

සුමන හිමි Thursday, 04 October 2012 01:22 PM

ඇයි තමිල්නාඩු ධිවර වෙළෙන්දො මෙහේ මාළු ටික හුරගෙන යනවා. උතුරෙ දෙමළ මිනිහට නේද ඒකෙ පාඩුව. මෙකට කෑගහන්න එකම දෙමළ මිනිහෙක් ලංකාවේ වත් නැහැ. බොරුවට අඩන කොළඹ දෙමළ නායකයොවත් උඩරට දෙමළ නායකයොවත් උතුරෙ දෙමළ නායකයොවත් නැහැනෙ. දෙමළ මිනිස්සුන්ට මේ කිසිම දේශපාලකයෙක් ආදරේට නෙවෙයි කථා කරන්නේ. තමන්ගේ හොද්ද බොරකරගන්න. මේ ටික ලංකාවේ ඉන්න දෙමළ මිනිස්සු තේරුම් ගත්තොත් අපිට සාමයෙන් ඉන්න පුලුවන්(ස)

:       0       0

සුමන හිමි Thursday, 04 October 2012 01:30 PM

මන්නාරමට කිට්ටුව න්‍යෂ්ටික බලාගාරයක් ගහනවාලු. ඉතින් ඒක හානි උනොත් මුලින්ම මැරෙන්නේ ලංකාවෙ දෙමළ මිනිස්සු කෝ එකට කෑගහන එක දෙමළ දේශපාලකයෙක්වත් නැහැනෙ. සාමාන්‍ය දෙමළ මිනිස්සු තේරුම් ගන්න ඔන මේ දේශපාලකයො තමන්ගෙ බඩගෝස්තරය රැකගන්න තමයි කෑගහන්නේ.(ස)

:       0       0

චින්තක Thursday, 04 October 2012 03:07 AM

අපේ රට අපි රැක ගනිමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site