කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙනේ බුදු පිළිම වහන්සේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් අද (30)සවස විවෘත විය.
මෙම පිළිම වහන්සේගේ වැඩ අවසන් කිරීමට වසර 13ක් ගත විය. පිළිම වහන්සේගේ උස අඩි 67 අඟල් 05කි. ලොව විශාලතම සමාධි පිළිමයක් ලෙස මෙය සැලකේ.
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකායේ එගඩමුල්ලේ අමරමෝහි මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි පිළිම වහන්සේ නිර්මාණය කැරිණි.
ඉන්දියාවේ මුත්තයියා ස්ථපති මෙම පිළිමය නෙළීමේ ප්‍රධාන ශිල්පියා වූ අතර ඇෆ්ඝනිස්තානයේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසු ඒ හා සමාන පිළිමයක් නෙළීමේ අදහස අමරමෝලි හිමියන්ට පහළවී ඇත.
ඡායාරූප - සමන් විජය බණ්ඩාර
ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරුතර නායක හාමුදුරුවන්ට නිවන් දකින්නට මේ පිනම ඇති,,, (ම)
ඔය පිළිම වහන්සේටත් කවදාහරි අර බාමියන් පිළිම වලට කරපු දේම කරාවි!!! (බ)
මේකට කිසිම ශ්‍රී ලාංකිකයකු දායක වී නොමැත දායක වුණානං ඒ මුදලින් පමණි . මෙය නිර්මාණය කොට ඇත්තේ දකුණු ඉන්දියාවේ සිට පැමිණි දමිල මහත්මයෙක්. ලංකාවේ දමිල මහත්තයෙක් මේක කරානන් දුක නෑ (බ)
එසැන පාඨක ඔබටත් ලක්වැසි සියලු දෙනාටමත් ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (බ)
ඒ අසිරිමත් අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ලොව පවතින තාක් මේ පිළිම වහන්සේ වැජඹේවා! සාධු…සාධු…සාධු…! (නි)
තෙරුවන් සරණයි දායකවුණ හැම දෙනාටම... (නි)
මටද මෙයට ඉතා සුළු වශයෙන් වුණත් දායකවීමට පින ලැබුනා. එම පින සියළුම දෙනාට අනුමෝදන් වේවා. (නි)
සාදු.......... සාදු.......... සාදු ............අමරමෝලි මාහිමිපාණන් හට පින් පතන්නෙමු. (බ)
නමෝ බුද්ධාය! සතුටු සිතින් අනුමෝදන් වෙමි. තව තවත් එවැනි නිර්මාණ බිහිවේවා! (නි)
හිමියනි, ඔබ වහන්සේ තවමත් ජීවමානය (නි)
උදිත වගේ අය කොහොමටවත් සතුටුවෙන්නේ නැහැ. (නි)
ලංකාවේ කොච්චර හොඳ නිර්මාණ ශිල්පියෝ ඉන්නවද? (නි)
පිළිම වහන්සේට ආවරණයකුත් හැදුවා නම් හොඳයි නේද ? (නි)
උදිත, ඒ කියන්නේ දැන් දුකද? මේ වගේ දේකදිවත් ජාතිය ජන්මය ගාවගන්න එපා... (ම)
ජනපතිතුමනි ඔබ හරිම පිංවන්තයි මෙවන් අවස්ථාවක් ලැබීම.ඒ වගේම අමරමෝලි හිමියන්ද මෙය නිර්මාණ කරුවන්ද පිංවන්තයෝ වෙති.(ම)
දමිළ අයට බුදුපිළිම අකැපද - මෝඩ කතා. (ම)
සුපුන් සහ උදිත පිළිමය නෙළුවේ කව්ද නොව කරපු වැඩේ අගය කරන්න.(ම)
මිනිස් සිතේ පින් සිත්විලිවලට ජාතිය නොමැත බාධා...(ම)
සුපුන් හරියටම හරි (නි)
සියළු දෙනාටම උතුම් බුදුසරණේ පිහිට ලැබේවා! (නි)
ප්‍රථමයෙන් සමහර හාමුදුරුවරුන්ට ශීලාචාරව කතාකරන්න,හැසිරෙන්න උගන්වන්න ඕනෑ.විශේෂයෙන් තරුණ භික්ෂුන්ට. දිනපතාම ප්‍රවෘත්ති වලින් අපි දකිනවා භික්ෂුන්ගේ නාඩගම්. මේවා දකින අපිට දානයක්වත් දෙන්න හිතදෙන්නේ නැහැ. මේවාට කඩිනම් විසඳුම් මහනාහිමිවරු දුන්නේ නැත්නම් ගිහියන් සහ භික්ෂූන් අතර විශාල පරතරයක් ඉක්මනින්ම ඇතිවෙනවා. (නි)
මිනිස් සිත පින් කෙතකි-කුල ජාති මල නැති (නි)
බුදුසසුන බැබළේවා! ලෝකයේ මිනිසුන් හට බුදු දර්ශනය අවබෝධ වේවා! (නි)
සුපුන්, ලෝක ධර්මතාවයත් වගේම බුද්ධ ධරමතාවත් එකම නේද ? සියලු සංස්කාරයන් නැසෙන සුලුය ! (බ)
උදිත මහතා කියනදේටම තම මටත් දුක. ලාංකිකයන් අතින් මෙය නිමවුනානම් කොතරම් අපූරුද? රජ කාලේ අපිම නේද මේවා කළේ. අපිට නොතේරෙන ප්‍රශ්නයක් තියෙන්න ඇති. කෙසේ හෝ ලාංකිකයෙක් වශයෙන් මේ ගැන ආඩම්බර වන අතර මෙයට සහභාගි වුන සැමටම පින්. සාධු සාධු! (බ)
බුදුසසුන බැබලේවා ,,,අනේ දන්නා කෙනෙක් රත්නපුරේ ඉදල යන්න පුළුවන් ලේසිම පාර කියනවද ලොකු පිනක් (බ)
21 සියවසේ විශිෂ්ට නිර්මාණයක්. විවේචනයට වඩා අගය කිරීම නේද වඩා හොඳ, (බ)
පියුමි , රත්නපුරෙන් අවිස්සාවේල්ල හරහා කෑගල්ලට ඇවිත් එතැන් සිට පොල්ගහවෙල හරහා කුරුණෑගලට හෝ කෑගල්ලේ සිට රඹුක්කන හරහා මාවතගමට පැමින රිදීගම පාරේ ගිය විට මේ අපුරු දුර්ලබ නිර්මාණය දැක බලා ගැනිමට පුළුවන්. පාර සොයා ගැනීම ඉතා පහසුයි (බ)
රත්නපුර සිට ඇහැලියගොඩට පරකඩුව හරහා යන්න.(B495) ඊළගට දෙහිඕවිට (B110), රුවන්වැල්ලට (A21), ගලපිටමඩ (B457), නෙලුන්දෙනිය (B540), අලව්ව (B539), කුරුණෑගල (A6), මල්ලවපිටිය (A10), රිදීගම, රම්බඩගල්ල (B264) ...කිලෝ මීටර් 133 (බ)