(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ හිතුවක්කාර ගමන අවසන් කරන විප්ලවීය වෙනස මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
ජනමතයට මුහුණ දීමට නොහැකි ආණ්ඩුව තවදුරටත් මැතිවරණය මගහැරීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
හැකිනම් ජනමතයට මුහුණ දෙන්නයි ආණ්ඩුවට අභියෝග කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
මෙවර පළාත් පාලන ආයතන තුන්සිය තිස් හයක් සඳහා සමගි ජනබලවේගය තරග කරන බවත් එම සියලු ආයතන වල බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මැතිවරනයකින් ඔය ලමයගෙ ගමනත් අවසානයි, ආයිමත් අර2015 පැන්න වගේ රංගොජා ගෙ , ඔඩොක්කුවට පැනල හුරතල් වෙවී ඉන්න.
මෙයාගෙත් කාලය ඉකුත්වී ඇත. කොහොමත් ගිය ගිය පැත්ත පරාදයි.
කවුරු බලයට ආවත් කමක් නැහැ මේ පොහොට්ටුවේ සෙට් එකට ආපහු ඡන්දේ දෙන අයටනම් කතා කරලා වැඩක් නැහැ.
මයිනගේ කූඩුවට පැනලා අවසන් ගමන් ගිය ගිරවෝ…. ඔයා කොහොමද ඒක කරන්නේ…?
රට ගොඩනැගීමට බල ඉල්ලා සිටිනවු දේශපාලකයන් සහ පවතින දේශපාලනය නිසාත්, රටේ කිසිදු දියුණුවක් නොමැති නිසාත් රටේ පුරවසියන් මේවනවිට දේශපාලනය සහ දේශපාලකයන් පිළිකුල් කරතිබේ. පුරවැසියන්ගේ වචනයෙන් කිවහොත් "අපෝ දේශපාලකයෝ මතක් කරන්න එපා" යන්නාවූ තැනට රටේ දේශපාලනය සහ දේශපාලකයන් පත්ව තිබේ. ඉදිරි ජාතික මැතිවරණයකදී රටේ පුරවැසියන් කල යුත්තේ කුමක්ද යන්න වූ පැනයට පිළිතුරු දී රටට වෙනසක් ලබාදීමට පුරවැසියන් මේවනවිට සුදානමින් සිටි.
ආන්ඩුව ඒ විදියටම තියෙනවා. නාකි බයියො. හොර හැතිකරේ. මේ චන්දෙන් එන චන්දෙන්. හිර කුඩුවට යන්න ජම්පර් මහා ගන්න. මුන්ට ලැජ්ජාවක් තියෙන වානම් මේ දුප්පත් රටෙ දේවල් හොරා කයිද. මුන්ගෙ පිරිමි කම කොහෙද තියෙන්නෙ දන්නෙනැහැ. ඒකත් ස්පා එකේද දන්නෙ නැහැ. මුන් කරපු අපරාදෙට මේ රටට. මුන්වහම ගහන්න ඕන මහ චන්දෙ කාලේදි ප්‍රතිපල කියන්න කලින්. ගුවන්තොටුපල. මුහුදු යාත්‍රා වසා තබන්න ඕන. කොයිතරම් හිගා කැවත් මුන්ට කඩේ යන හිවල්ලු තවත් ඉන්නවා
ඔබ අයින් වුනොත් තමා ඒ ගමන අවසන් වෙන්නේ . ඒකනේ ඇත්ත .
මොන පක්ශෙන් ඉල්ලුවත් ඔබ වැනි පරන දූශිත දේශපාලකයන්ට මෙවර ජනතාවගෙන් බහුතරයක් මනාපෙ නොගසන බව සිහි තබාගන්න
පෝෂණ මලු දීල ආගම ජාතිය වෙනස් කරන්න හදයි. NGO කාරයො ලන්කාවට කෙලවෙල තියෙන එකෙන් උපරිම ප්‍රයොජන ගන්නව මේ දවස් වල රැවටෙන්න එපා.