රුපියල් හැට ලක්ෂයක පුංචි ලොරියක් නොමිලයේ දෙන බව කියමින් ලියා පදිංචි ගාස්තු ලෙස රුපියල් 26600ක් බැංකු ගිණුමකට බැර කරන ලෙස ලිපියක් ලද හොත් ළඟම ඇති පොලිසියට කියන්නැයි බකමූණ පොලිසිය මහජනයාට අවවාද කරයි. කඳාන මීගමු පාරේ ලිපිනයකින් මෙවැනි ලිපි ලියන පුද්ගලයකු පසුපස පොලිසිය හඹායයි. දැනටම දිසා 11කින් බැංකු ගිණුමට මුදල් තැන්පත් කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට සැරයක් මේවගේ අරුම පුදුම හොරවැඩ කරන සක්විතිලා බිහිවෙනවා. මේක දැන්මම දැනුවත් කිරීම හොඳයි. බොහෝම ස්තූතියි. (නි)
ලංකාව කියන්නේ ආසියාවේ අනෙක් රටවල් හා බලන කල ලංකාව අධ්‍යාපනය අතින් ඉහල රටක්. මේවගේ දෙවල්වලට අසුවෙන අය ඉන්න එක ගැන තියෙන්නේ කනගාටුවක් (අ)
ආලය අන්දයි කියල කතාවක් තියෙනවා- නමුත් ආලයටත් වඩා තන්හාව අන්ධයි. (අ)
තන්හාවට අපේ මෝඩයෝ අහුවෙනවා (ස)
මෙච්චර වංචා පුවත්පත් වලින් හෙලි කරද්දිත් ඒවාට තවත් අහුවෙන මෝඩයින් ඉන්න එකනේ පුදුමේ. (නි)
මේ ගැන කලින් දැනුවත් කරානම් ඇත්තටම හොඳ වැඩක් , ස්තූතියි පොලීසියට හා ලංකාදීපයට (ස)
කොච්චර කිව්වත් අපේ අය මේවට අහු වෙනවා . නොමිලේ දෙනවා කිව්වෝත් දුර දිග බලන්නේ නෑ අපේ අය (ස)
මෙවැනි දේ පෙන්වා දෙන ලංකාදීපයට ස්තුතියි. (ස)
අනේ අනිච්චං.....(ස)
කාලෙක් කාලෙට එක රඑක තාලේ හොරු එනවා. අපේ අයත් රැවටෙනවා. (නි)
මේකට ගොඩක් කට්ටිය අහුවෙලා ඉවරයි . සම්මුක පරීක්ෂණයක් තියලා තෝරාගන්නේ (ස)