ගිය රජයේ ප්‍රබලයකු ලොකු තනතුරකට පත්වීමට පෙර ඔහු අතින් සිදු වූ බිහිසුණු අපරාධයක තොරතුරු නව රජයේ ප්‍රභලයකු තමා සමග පැවසුවේයැයි පසු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එසැණ සමග පැවසිය.

‘ඒ බිහිසුණු සිදුවීම වෙන වෙලාවේ ඔහු ඒ අසලමයි ඉදලා තියෙන්නේ.පැරණි මැති ඇමතිවරු කිහිප දෙනෙකුත් මේ අපරාධය ගැන දන්නවා. ඔයාට ඕනේ නම් ....... ඇමති තුමාගෙන් මේ ගැන අහන්න පුළුවන් ( හිටපුඇමතිවරයෙකුගේ නමක් කියයි).  එදා මේවා යට ගැහැව්වත් නැවත ඇදලා ගන්න ඕනෑ කියලයි මම කියන්නේ.‘