මහජන එක්සත් පෙරමුණේ 22 වැනි සම්මේලනය හෙට (17 වැනිදා) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු මම සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයෝ වෙති.
පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ මෙම සම්මේලනයේදී වැදගත් දේශපාලන තීන්දු කිහිපයක් සඳහා එකඟතාවක් ඇතිකරගැනීමේ සූදානමක් තිබෙන බවයි.
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් පක්ෂ සම්මේලනය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ත්‍රීවීල් පක්ෂයක් ලංකාවේ තවමත් තියෙනවද? මේ ඉන්නේ දේශපාලන අනාථයින්....
නගර ශාලාවේ පක්ෂ සම්මේලනයක් තියනකොට හිතා ගන්න පුලුවන් ඉන්න ජනතාවගේ තරම...
අපරාදේ නගර ශාලාවට සල්ලි ගෙවන්නේ. ඔය කොහේ හරි ගහක් යටට කැඳවන්න තිබුනනේ සමස්ත පක්ෂ සාමාජිකත්වයම. අනික, වැදගත් තීන්දු ගන්නවයි කිව්වේ වෙන අය ගන්න තීන්දුවලට හා කියන එකටනේ.
අපරාදේ වියදම් කරන්නේ මේ සම්මේලනය දිනේෂ්ගේ ගෙදර තියන්න තිබ්බා...
එහෙම ත්‍රීවීල් පක්ෂයක් ලංකාවේ තවමත් තියෙනවද? මේ ඉන්නේ දේශපාලන අනාථයින්...
"බොරලුගොඩ සිංහයා" නමින් විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධන පවුලේ අන්තිම පුරුක වන (මහජන එක්සත් පෙරමුණේ නායක කියාගන්නා) මහළුවී, සේවයක් රටට කිරීමට බැරුව අසරණවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙම ම.එ.පෙ. මහ සමුළුවේදී වැදගත් තීරණයක් වශයෙන් සිය විශ්‍රාම යාම දන්වා සිටින බව අප ඊට පෙර සිටම දන්වා සිටිමු..!
මේ පක්ෂයේ සාමාජිකයෝ කී දෙනෙක්ද ඉන්නේ?
ගෙදරම තිබ්බා නම් හරිනේ. වැඩිම වුනොත් 50ක් විතර ඉඳීවී අරක්ෂක නිලධාරීන් සහ කේටරින් අයතනයේ අයත් එක්ක...
වත්මන් ජනාධිපතිගෙයි, හිටපු ජනාධිපතිගෙයි ආරක්ෂක පරිවාරයන්ගෙන්ම ශාලාව පිරෙන්න ඇති.
පක්ෂෙ තිබුණට ජනතාවට කරපු මගුලක් නැහැ.
මේ කියාගන්නා පක්ෂයේ නායකයා යැයි කියා ගන්නා කෙනා රටට කරපු දෙයක් නැත. මුළු ජීවිත කාලය තුළම කලේ තමාගේ මන්ත්‍රීකම හෝ ඇමැතිකම රැකගන්න කාගේ හෝ පක්ෂ නායකයකුගේ රෙද්දේ එල්ලීමට කුරුමා නම් ඇල්ලීමයි. ඉන්පසු එම පක්ෂයට කඩේයාමයි. මෙවැනි අාත්මාර්තකාමින් නිසා තමයි මේ රටට හෙණ වැදුනේ. ආයෙත් මෙවැනි අය පාර්ලිමේන්තු යවන්න තරම් මෝඩ වෙන්න එපා.
මොන සම්මේලන තිබ්බත් තනියම ඡන්දෙට ඇවිත් දිනන්න බැහැ. ඒ නිසා හැමදාම හිටියේ අනුන්ගේ කරේ එල්ලිලා. මේ පක්ෂයෙන් එහෙම ඉල්ලලත් දිනන්නේ දිනේෂ් විතරයි. ලිස්ට් එකෙන් හැමදා එන්නේ තමුන්ගේ මල්ලි විතරයි. මේක නේද පවුල් වාදය...? ඒ පවුල්වාදය තවත් පවුලක් ගොඩගන්න කඩේ යනවා. ඔක්කොම කම්බ හොරු..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් යන්තම් පාර්ලිමේන්තුවට රිංගනවා... මෙයාලගේ වාචාලකම් නිසා.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන ඡන්ද අඩුවෙනවා. මේ ගොල්ලන්ගේ පක්ෂය ඡන්ද දහසක් ගන්න පුළුවන් පක්ෂයක්ද? මොන වැඩක්ද රටට කරලා තියෙන්නේ?
ලෙස්ලි, ෆිලිප්, විවියන් ගුණවර්ධනලාගෙන් පැවත එන මොහුගේ නියම නම දිනේෂ් නෙවෙයි ‘ඩෙනිස්’. මෙයත් හරියට පර්සි මහේන්ද්‍ර ‘මහින්ද’ වුනා වගේ ඩෙනිස්, දිනේෂ් වුනා.
මේ ලියලා තියෙන ඒවාවත් බලලා හැදෙනවානම් හැදෙන්න පුළුවන්
මෙහි ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනෙක් ලංකාවේ දේශපානය කියලා දන්නේ රූපවාහිනී ප්රවෘත්ති වලින් පෙන්වන ටික පමණක් බවයි පේන්නේ...