මෙම වසරේත් කුමක් හෝ ඡන්දයක් පැවැත් වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (01)සීමා නීර්ණය කමිටු සාමාජිකයින් හමුවීමෙන් පසු මාධ්‍යට පැවසුවේය.

“අපිට සල්ලි තියෙනවා මේ අවුරුද්දේ පලාත් පාලන මැතිවරණය පවත්වන්න.අපිත් කැමති කොහොම හරි මේ අවුරුද්දේ ඡන්දය තියන්න. 1994 ඉඳන් අපි හැම අවුරුද්දෙම මොකක් හරි ඡන්දයක් තියලා තියෙනවා.ඒ නිසා මේ අවුරුද්දේ ඡන්දය නොතිබ්බොත් ඒක නිකං හරි නෑ වගේ කියලා අපිට දැනෙනවා” යනුවෙන්ද ඔහු පැවසීය.

RDS_7969