අමල් වික්‍රමරත්න සහ සුගතපාල දීයගහගේ
ගාල්ල මහා නගර සභාවේ භාෂා ප්‍රශ්නයක් උද්ගතවීම නිසා අද (10) උදෑසන 10.30ට ආරම්භ කරන ලද මංගල සභා රැස්වීම් වාරය විනාඩි දහයකට කල් තැබිණි.
නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමත් සමඟම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම්. එම්.එෆ්.රිහානා මන්ත්‍රීවරිය විසින් තමාට සභාවේ සිංහල භාෂාවෙන් සිදුකෙරෙන දේ පිළිබඳව භාෂා ගැටළුවක් ඇති බව සඳහන් කරමින් භාෂා පරිවර්තකයෙක් අවශ්‍ය බව පැවසීම නිසා සභාව එම ගාල ගෝට්ටියක් බවට පත්විය.
ඒ සමගම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රී පි.එල්.දේශප්‍රිය මහතා නැගී සිටිමින් තමාට රිහානා මන්ත්‍රීවරයගේ භාෂාව නොතේරෙන බැවින් භාෂා පරිවර්තකයකුගේ සහාය ලබා ගත යුතු යැයි පැවසීමත් සමඟම නැවතත් සභාව උණුසුම් විය.
මන්ත්‍රීවරුන් නැගිට විවිධ අදහස් පළ කිරීම නිසා සභාව විනාඩි 10 යකට කල් තැබීමට නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා තීරණය කළේය.
මේ වනවිට පැය භාගයකට ආසන්න කාලයක් ඉක්ම ගොස් ඇතත් සභාව රැස්වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා ලංකාවේ තමා මේ ඔක්කොම ප්‍රශ්න. එකක් මහා පාලකයන්ගේ කොන්ද පන නැති කම දෙක බලලෝභී කම තුන නුගත් කම.
අපරාදේ, ඔතනට ටෙන්ඩර් එකක් එහෙම දැම්මනම් ඔය හැමෝටම ප්‍රස්නයක් නැතුව තේරෙනවා.
මේකට තමයි මෝඩයින්ගේ පාරාදීසය කියන්නේ.
නගරාධිපතිවරයා උපායශිලී වුවානම් නගර සභා රැස්වීම පැවැත්වීමේ හැකියාව තිබුණා.ඔහු කලයුතුව තිබුණේ නගර සභාවේ වැඩ කටයුතු සාමානයෙන් කෙරෙන්නේ සිංහල භාෂාවෙන් බවත් තමන්ට හාෂාවේ ප්‍රශ්නයක් ඇත්නම් ඒබව කලින්දැනූම් දිය යුතු බවටත් ඊළග සභාවාරයේ සිට බ.භාෂා පරිවරථකතකුගේ සහය ලබාදිය හැකිබවට ප්‍රකාශ කර සභාව පවත්වාගෙන යාමය.
ගාල්ලේ ඉඳලත් සිංහල බැරිනං මඩකලපුවට යනවා ! ශ්‍රී ලංකාවේ දකුණු පලාත්වල දෙමල මාධ්‍ය පාසල් සිංහල මාධ්‍යට හැරවිය යුතුයි.
හා හා ළමයිනේ මේක යහපාලනයනේ. එක නිසා මුකුත් කියන්න එපා. මුස්ලිම් ජාතිවාදී එවුන් කියන කතා දැනගන්නයි සිංහල අපිට ඕනෙ.................
ඔය ඔක්කොම ඉන්දියාවෙන් ව්‍යුත්පන්න වෙච්ච භාෂානේ. ඔතන වෛර කරගන්න දෙයක් නැහැ. භාෂා කියන්නේ කිසිම ගුප්ත ගතියක් නැති සන්නිවේදන මාධ්‍යක් විතරයි. ඔක්කොම අමතක කරලා කඩ්ඩෙන් කතා කෙරුවනම් කව්රුත් ගෞරව කරනවා
අනවශ්‍ය ප්‍රශ්නයක්. බලනකොට 2020 නොවෙයි, 2022 වෙනකං මේවා අපිට අහන්න වෙන්නේ. මොකද්ද පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙන්නේ 2022 දී. මහජන මුදල් නාස්ති වෙන්නෙක පමණයි වෙන්නේ.
සිව් හෙළයට වෙච්ච දෙයක්.
සිංහල රටේ ප්‍රධාන භාෂාව නිසා ලංකාවේ ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරනවානම් සිංහල අනිවාර්යයෙන් දැනගන්න ඕන. එහෙම කතා කරන්න බැරි නම් දේශපාලනය නොකර වෙන වැඩක් කරගෙන ඉන්න ඕන. අනික භාෂාව නොදැන කොහොමද රටට සේවය කරන්නේ ? විශේෂයෙන්ම මේක ගාලු ප්‍රදේශය දෙයක්. කොහොමද මේ මැටි ගොඩ නිලදාරීන් එක්ක වැඩ කරන්නේ සිංහල බැරුව ? මේ වගේ අය එළවලා දාන්න ඕන.
සුළඟක් හමන බව පේනවා නේද හීනියට
මේක තනිකරම කුමන්ත්‍රණයක්. තේරෙන්නේ නැති අය නොදන්නා වැඩ වලට එන්නේ ඇයි? කව්ද දන්නේ නෑ උපදෙස් දුන්නේ?
සිංහල බැරිනම් පුරුදු වෙන්න ඕන. මේක සිංහල රට කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ප්‍රාදේශීය හා පළාත් සභා මන්ත්‍රීන් සිය දහස් ගණන් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීන් හැරුන විට, ප්‍රාදේශීය හෝ නගර සභාවකට එක මන්ත්‍රී කෙනෙක් සිටියා නම් හොඳටම ප්‍රමාණවත්. පළාත් සභා කියන දේ නම්, අවශ්‍යම නැහැ. අවශ්‍යවන්නේ, සුදුසු කම් ලත් නිලධාරීන් පමණයි. මේ සියලුම පුහු දේවල්, අසරණ ජනතාවගේ මුදල් කොල්ල කන ව්‍යාපෘති. බලලෝභී අඥාන සිංහල නායකයින් උනුන් විනාශ වෙනු පිණිස ඇති කර ගත් විපරීත ක්‍රමවේදවලින් අවුල් සිදුවෙනවා මිස, වෙන නම් සිදු වුන හා අනාගතයේදී සිදුවෙන දෙයක් නැහැ. තමන්ගේ වල තමන් විසින්ම කපා ගෙන සිටින මෝඩයා,අනුන්ට දෙස් තියමින් කෑ මොර දෙමින් බෙරිහන් දුන්නට පලක් නැත. මොලේ කලඳක් නැති, ප්‍රධාන දේශපාලන පක්ෂ වලට මැර බලයෙන් සහයෝගය ලබාදී, අසරණ ජනතාවගේ බදු මුදලින් පිනට යැපෙමින්, ප්‍රදේශයේ සිදුකෙරෙන සියලුම වර්ගයේ ජාවාරම් කරමින්, පරිසරය විනාශ කරමින්, හා රටේ විනය ගරුක පුරවැසියන් අපහසුවට පත් කරමින් කරන මේ දේශපාලනය මෙරටින් තුරන් කිරීමට අකමැති අඥාන සිංහලයාට, භාෂා ප්‍රශ්න වලට පමණක් නොවෙයි, අනාගතයේදී,මීට වඩා විශාල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙනු ඇත.
හා හා ඔය එන්නේ ටික ටික ඔය එක්කෙනෙක් ඉඳලා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමට බලා ගන්න පුළුවන්.
ගාල්ලෙත් සිංහල නොදන්නා අය ඉන්නවාද? ඔය කසකාරයා පෙරහැර මග එනවා. දැම්මේ මුට්ටිය ඕක කුඩුකලේ නැතිනම් සිංහලයනේ එය ඔබේ අවසානය
අනිවාර්යෙන් ලංකාවේ භාෂාව ඉංග්‍රීසි වෙන්න ඕනේ. සමහරවිට මට මේකේ ඉන්න අය පරිභව කරයි . හැබැයි අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි තමයි ආයුදේ කියල. මේක බොහොම පුළුල්ව කතා කල යුතු දෙයක්.
කටුස්සාගේ කරේ රත්තරන් දැම්මහම ඔහොම තමයි. සිංහල ප්‍රදේශයක ජිවත් වෙනවනම් සිංහල ඉගෙනගන්න ඕනේ. නැතිනම් ඔය මන්ත්‍රී කම සිංහල තේරෙන කෙනෙකුට දීලා ගෙදර යන්න කියන්නයි තිබුනේ සබාපතිට.
දෙමල භාෂාව උතුරු නැගෙනහිර පළාත් වලට සීමා කල යුතුයි. බොරුවට කාලයත් මුදලුත් නාස්ති කරනවා මේ පුංචි රටේ සිංහල අපේ දරුවන්ට දෙමල පටවලා.