IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


භාෂා ප්‍රශ්නයක් නිසා ගාලු නගර සභාව උණුසුම්

අමල් වික්‍රමරත්න සහ සුගතපාල දීයගහගේ

ගාල්ල මහා නගර සභාවේ භාෂා ප්‍රශ්නයක් උද්ගතවීම නිසා අද (10) උදෑසන 10.30ට ආරම්භ කරන ලද මංගල සභා රැස්වීම් වාරය විනාඩි දහයකට කල් තැබිණි.

නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමත් සමඟම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එම්. එම්.එෆ්.රිහානා මන්ත්‍රීවරිය විසින් තමාට සභාවේ සිංහල භාෂාවෙන් සිදුකෙරෙන දේ පිළිබඳව භාෂා ගැටළුවක් ඇති බව සඳහන් කරමින් භාෂා පරිවර්තකයෙක් අවශ්‍ය බව පැවසීම නිසා සභාව එම ගාල ගෝට්ටියක් බවට පත්විය.

ඒ සමගම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රී පි.එල්.දේශප්‍රිය මහතා නැගී සිටිමින් තමාට රිහානා මන්ත්‍රීවරයගේ භාෂාව නොතේරෙන බැවින් භාෂා පරිවර්තකයකුගේ සහාය ලබා ගත යුතු යැයි පැවසීමත් සමඟම නැවතත් සභාව උණුසුම් විය.

මන්ත්‍රීවරුන් නැගිට විවිධ අදහස් පළ කිරීම නිසා සභාව විනාඩි 10 යකට කල් තැබීමට නගරාධිපති   ප්‍රියන්ත සහබන්දු මහතා තීරණය කළේය. 

මේ වනවිට පැය භාගයකට ආසන්න කාලයක් ඉක්ම ගොස් ඇතත් සභාව රැස්වී නොමැත.

 

 

 



අදහස් (24)

භාෂා ප්‍රශ්නයක් නිසා ගාලු නගර සභාව උණුසුම්

lalithsjm Tuesday, 10 April 2018 06:16 AM

අනේ මන්දා ලංකාවේ තමා මේ ඔක්කොම ප්‍රශ්න. එකක් මහා පාලකයන්ගේ කොන්ද පන නැති කම දෙක බලලෝභී කම තුන නුගත් කම.

:       33       264

sachith Tuesday, 10 April 2018 06:21 AM

අපරාදේ, ඔතනට ටෙන්ඩර් එකක් එහෙම දැම්මනම් ඔය හැමෝටම ප්‍රස්නයක් නැතුව තේරෙනවා.

:       0       133

ලුම්බිණි Tuesday, 10 April 2018 06:33 AM

මේකට තමයි මෝඩයින්ගේ පාරාදීසය කියන්නේ.

:       108       227

සතයපාල Tuesday, 10 April 2018 06:35 AM

නගරාධිපතිවරයා උපායශිලී වුවානම් නගර සභා රැස්වීම පැවැත්වීමේ හැකියාව තිබුණා.ඔහු කලයුතුව තිබුණේ නගර සභාවේ වැඩ කටයුතු සාමානයෙන් කෙරෙන්නේ සිංහල භාෂාවෙන් බවත් තමන්ට හාෂාවේ ප්‍රශ්නයක් ඇත්නම් ඒබව කලින්දැනූම් දිය යුතු බවටත් ඊළග සභාවාරයේ සිට බ.භාෂා පරිවරථකතකුගේ සහය ලබාදිය හැකිබවට ප්‍රකාශ කර සභාව පවත්වාගෙන යාමය.

:       15       627

Vajira Tuesday, 10 April 2018 06:42 AM

ගාල්ලේ ඉඳලත් සිංහල බැරිනං මඩකලපුවට යනවා ! ශ්‍රී ලංකාවේ දකුණු පලාත්වල දෙමල මාධ්‍ය පාසල් සිංහල මාධ්‍යට හැරවිය යුතුයි.

:       562       640

Ranil Tuesday, 10 April 2018 06:49 AM

හා හා ළමයිනේ මේක යහපාලනයනේ. එක නිසා මුකුත් කියන්න එපා. මුස්ලිම් ජාතිවාදී එවුන් කියන කතා දැනගන්නයි සිංහල අපිට ඕනෙ.................

:       75       239

nisar Tuesday, 10 April 2018 08:17 AM

ඔය ඔක්කොම ඉන්දියාවෙන් ව්‍යුත්පන්න වෙච්ච භාෂානේ. ඔතන වෛර කරගන්න දෙයක් නැහැ. භාෂා කියන්නේ කිසිම ගුප්ත ගතියක් නැති සන්නිවේදන මාධ්‍යක් විතරයි. ඔක්කොම අමතක කරලා කඩ්ඩෙන් කතා කෙරුවනම් කව්රුත් ගෞරව කරනවා

:       137       226

BamunuarachchiTuesday, 10 April 2018 12:58 PM

සිංහල භාෂාව ඉන්දියාවෙන් ආව කියන්නේ ඉන්දියාවේ මොන ප්‍රාන්තයේද, මොන ගමේද සිංහල කතා කරන්නේ. හැබැයි මුසල්මානුවන් සහ ද්‍රවිඩයින් ලංකාවට පාත් වුනේ ඉන්දියාවෙන්. ඒ කාලේ තිබුන සංහිදියාව තමයි අද අපට කෙලවෙලා තිබෙන්නේ. අපට භාෂාවක් තිබෙනවා

:       0       293

KIRTHIWednesday, 11 April 2018 04:54 AM

ඉංග්‍රීසි මොකටද ලංකාවේ පරිපාලනයට? ගාල්ලේ ඉන්නවානම් සිංහලෙන් වැඩකරන්න පුළුවන් වෙන්න ඕනේ.

:       0       0

HAFEEL Tuesday, 10 April 2018 08:25 AM

අනවශ්‍ය ප්‍රශ්නයක්. බලනකොට 2020 නොවෙයි, 2022 වෙනකං මේවා අපිට අහන්න වෙන්නේ. මොකද්ද පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙන්නේ 2022 දී. මහජන මුදල් නාස්ති වෙන්නෙක පමණයි වෙන්නේ.

:       0       11

sampath Tuesday, 10 April 2018 08:36 AM

සිව් හෙළයට වෙච්ච දෙයක්.

:       0       254

BamunuarachchiTuesday, 10 April 2018 03:49 PM

වෙන්න පටන්ගත්තේ 2015 දී 2020 වෙනවිට සියල්ල කෙරිලා හමාරවෙවී.

:       0       6

Damayantha Tuesday, 10 April 2018 08:52 AM

සිංහල රටේ ප්‍රධාන භාෂාව නිසා ලංකාවේ ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරනවානම් සිංහල අනිවාර්යයෙන් දැනගන්න ඕන. එහෙම කතා කරන්න බැරි නම් දේශපාලනය නොකර වෙන වැඩක් කරගෙන ඉන්න ඕන. අනික භාෂාව නොදැන කොහොමද රටට සේවය කරන්නේ ? විශේෂයෙන්ම මේක ගාලු ප්‍රදේශය දෙයක්. කොහොමද මේ මැටි ගොඩ නිලදාරීන් එක්ක වැඩ කරන්නේ සිංහල බැරුව ? මේ වගේ අය එළවලා දාන්න ඕන.

:       28       541

maaraya Tuesday, 10 April 2018 08:57 AM

සුළඟක් හමන බව පේනවා නේද හීනියට

:       2       63

Sakwithi Tuesday, 10 April 2018 09:02 AM

මේක තනිකරම කුමන්ත්‍රණයක්. තේරෙන්නේ නැති අය නොදන්නා වැඩ වලට එන්නේ ඇයි? කව්ද දන්නේ නෑ උපදෙස් දුන්නේ?

:       0       28

BamunuarachchiTuesday, 10 April 2018 01:06 PM

ඔය පටන් ගැන්ම.

:       0       19

manoj Tuesday, 10 April 2018 10:46 AM

සිංහල බැරිනම් පුරුදු වෙන්න ඕන. මේක සිංහල රට කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

:       0       23

බද්රානි Tuesday, 10 April 2018 10:54 AM

ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ප්‍රාදේශීය හා පළාත් සභා මන්ත්‍රීන් සිය දහස් ගණන් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීන් හැරුන විට, ප්‍රාදේශීය හෝ නගර සභාවකට එක මන්ත්‍රී කෙනෙක් සිටියා නම් හොඳටම ප්‍රමාණවත්. පළාත් සභා කියන දේ නම්, අවශ්‍යම නැහැ. අවශ්‍යවන්නේ, සුදුසු කම් ලත් නිලධාරීන් පමණයි. මේ සියලුම පුහු දේවල්, අසරණ ජනතාවගේ මුදල් කොල්ල කන ව්‍යාපෘති. බලලෝභී අඥාන සිංහල නායකයින් උනුන් විනාශ වෙනු පිණිස ඇති කර ගත් විපරීත ක්‍රමවේදවලින් අවුල් සිදුවෙනවා මිස, වෙන නම් සිදු වුන හා අනාගතයේදී සිදුවෙන දෙයක් නැහැ. තමන්ගේ වල තමන් විසින්ම කපා ගෙන සිටින මෝඩයා,අනුන්ට දෙස් තියමින් කෑ මොර දෙමින් බෙරිහන් දුන්නට පලක් නැත. මොලේ කලඳක් නැති, ප්‍රධාන දේශපාලන පක්ෂ වලට මැර බලයෙන් සහයෝගය ලබාදී, අසරණ ජනතාවගේ බදු මුදලින් පිනට යැපෙමින්, ප්‍රදේශයේ සිදුකෙරෙන සියලුම වර්ගයේ ජාවාරම් කරමින්, පරිසරය විනාශ කරමින්, හා රටේ විනය ගරුක පුරවැසියන් අපහසුවට පත් කරමින් කරන මේ දේශපාලනය මෙරටින් තුරන් කිරීමට අකමැති අඥාන සිංහලයාට, භාෂා ප්‍රශ්න වලට පමණක් නොවෙයි, අනාගතයේදී,මීට වඩා විශාල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙනු ඇත.

:       0       0

Bamunuarachchi Tuesday, 10 April 2018 12:41 PM

හා හා ඔය එන්නේ ටික ටික ඔය එක්කෙනෙක් ඉඳලා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමට බලා ගන්න පුළුවන්.

:       1       73

Bamunuarachchi Tuesday, 10 April 2018 01:14 PM

ගාල්ලෙත් සිංහල නොදන්නා අය ඉන්නවාද? ඔය කසකාරයා පෙරහැර මග එනවා. දැම්මේ මුට්ටිය ඕක කුඩුකලේ නැතිනම් සිංහලයනේ එය ඔබේ අවසානය

:       1       256

pakeer Tuesday, 10 April 2018 03:08 PM

අනිවාර්යෙන් ලංකාවේ භාෂාව ඉංග්‍රීසි වෙන්න ඕනේ. සමහරවිට මට මේකේ ඉන්න අය පරිභව කරයි . හැබැයි අපි හැමෝම දන්නවා ඉංග්‍රීසි තමයි ආයුදේ කියල. මේක බොහොම පුළුල්ව කතා කල යුතු දෙයක්.

:       18       0

KirthiWednesday, 11 April 2018 04:59 AM

ලංකාවේ භාෂාව සිංහල. සිංහලයාගේ රට. ඉංග්‍රීසියෙන් වැඩකරන්න ඕනේ නම් ඉංග්‍රීසි රටකට ගියානම් හොඳයි! මොකටද ලංකාවේ ඉන්නේ?

:       0       4

ranjith Tuesday, 10 April 2018 03:13 PM

කටුස්සාගේ කරේ රත්තරන් දැම්මහම ඔහොම තමයි. සිංහල ප්‍රදේශයක ජිවත් වෙනවනම් සිංහල ඉගෙනගන්න ඕනේ. නැතිනම් ඔය මන්ත්‍රී කම සිංහල තේරෙන කෙනෙකුට දීලා ගෙදර යන්න කියන්නයි තිබුනේ සබාපතිට.

:       0       41

Kirthi Wednesday, 11 April 2018 05:05 AM

දෙමල භාෂාව උතුරු නැගෙනහිර පළාත් වලට සීමා කල යුතුයි. බොරුවට කාලයත් මුදලුත් නාස්ති කරනවා මේ පුංචි රටේ සිංහල අපේ දරුවන්ට දෙමල පටවලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2041 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site