සෑම බන්ධනාගාරයකම භාවනා වැඩසටහන් ඇරඹිමට පියවර ගන්නා බව අධිකරණය ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. “සිපිරි ගෙයින් දහම් මඟට” ලෙස එම වැඩසටහන නම් කර ඇත.
නිදහස ලැබී සමාජගත වීමට ආසන්නව සිටින රැදවියන් ඉලක්ක කරගනිමින් භාවනා වැඩසටහන් පැවැත්වෙයි. භාවනා පුරුදු පුහුණු කිරිමේ දැනුමින් හෙබි ස්වාමින් වහන්සේලා මේ සඳහා සහභාගි කරවා ගනු ලැබේ.
“දින දහයක් පුරා වැඩසටහන පැවැත්වෙයි” මෙහි සමාරම්භක වැඩසටහන රැදවියන් හතළිස් හත්දෙනෙකුගේ සහභාගිත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ දී සිදුවිය.
කොස්ගම ධම්ම සොභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය බදුල්ලවල සීලරතන , මාකොළ සුමංගල , පොළොන්නරුවේ මහානාම හිමිවරු එය මෙහෙය වුහ.
එම ස්වාමින් වහන්සේලා බන්ධනාගාරයේ නේවාසිකව වැඩ වසමින් රැදවියන්ගේ ආහාරපාන දානය වළදමින්, බිම සැතපෙමින්, එම රැදවියන් සමඟම එක හා සමානව වාසය කරමින් භාවනා වැඩසටහන ක්‍රියාත්මක කළේය. මෙමගින් ඉතා උසස් ප්‍රතිළුල ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා අගනා දෙයක්, එයාලව නිසි මගට ගැනීමට උපකාරී වන එක දෙයක් පමණි, ඒ වගේම සමාජයේ සිදුවන්න වූ අසධාරනයන අවම කිරීමත් කලයුතු වෙයි මන්දයත් හුගක් දෙනා බන්ධනාගාරගත වීමට සිදුව ඇත්තේ ඔවුන්ට මේ සමාජයෙන්ම වෙන අසදරනකන් නිසා බව අපි දන ගත උතුටුයි. (ර)
අති විශිෂ්ට ක්‍රියාවක්, ඉහළින් අගය කරමි. (බ)
සංවිධායකයන්ට හා සහභාගිවූවන්ට මගේ ආශිර්වාදයමේ වැඩසටහන නිවස සමග එක්ව සංවිධානය කළ යුතුයි ඒ අයට මානසිකව නිවසේ අය සමග සාමාන්‍ය ජීවිතය ගත කිරීමට මනස සැහැල්ලු කරගැනීමට එය වැදගත් (බ)
අැත්තටම යහපාලන අංගයක්, ඉදිරියටම ගෙනයමු. (නි)
දැන් භාවනා උගන්වන හිමිවරු ඉන්නවාද? ඔක්කොම පාරේ උද්ඝෝෂණ කරනවා බාගයක් පාර්ලිමේන්තුවේ මොකක්ද මේ කවද්ද සියලුම හාමුදුරුවන් දේශපාලනයෙන් ඉවත් වෙන්නේ (බ)
ඉතා විශිෂ්ට අදහසක් (නි)
මිනිසා හදා රට හදමු.(හේ)
කාලෝචිත වැඩක් රටේ සදාචරය ගොඩනගන්න බෞද්ධ දර්ශනය තුලින් කරන්න පුළුවන් වැඩ අනන්තයි සමාජයේ යහපත වෙනුවෙන් ස්වාමින් වහන්සේලා කැපවීම අගය කරනවා නිර්මල බුදුදහම සියලු දෙනාහට වටහා ගැනීමට ශක්තිය ලැබේවා.(හේ)