(ඉන්දික අරුණ කුමාර සහ කාංචන කුමාර ආරියදාස)
නාඋල සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ ප‍්‍රශ්නගත පෙට‍්‍රල් තොගය ඉවත් කිරීමට තෙල් සංස්ථාව අද (28) පියවර ගත්තේය.
ඉන්ධන පිරවුම්හලේ නිකුත් කරනු ලබන පෙට‍්‍රල්වලට භූමිතෙල් කලවම් වී ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය වීමත් සමඟ තෙල් සංස්ථාව විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ අතර එහිදි ඉන්ධන පිරවුම්හලේ භූගත පෙට‍්‍රල් ටැංකියේ තිබු පෙට‍්‍රල් වලට භූමිතෙල් මිශ‍්‍ර වී ඇති බව අනාවරණය වීය.
ඒ අනුව දැනට ඉන්ධන පිරවුම්හලේ තෙල් ටැංකිෙය් තිබෙන ඉන්ධන ලීටර් 6500 තෙල් සංස්ථාවේ මහනුවර ශාඛාවේ නිලධාරීන් බවුසර් මගින් රැගෙනයාමට පියවර ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව නාඋල විවිධසේවා සමූපකාර සමිතියේ සභාපති ඩී.එම්. ජයරත්න දිසානායක මහාතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අහක දමන්න එපා. කැමති කෙනෙකුට පාවිච්චි කරන්ට අඩු මිලට දෙන්න. එකට නමයට අඩු කොම්ප්රේෂන් තිබෙන පැරණ එන්ජින් වලට අගුණයක් නෑ
නිසි නඩත්තු නැති වුනාම මෙවැනි අලාභ හානි සිදුවෙනවා. සංස්ථාවට පාඩු වුනා සේම, වාහන වලට "භුමි-පෙට්" (භූමිතෙල් මිශ‍්‍ර කළ පෙට‍්‍රල්) දැමීම නිසා වාහන එන්ජින් අක්‍රියවීම් සිදු වුනානම් ඒවාට වන්දි ගෙවන්නේ සංස්ථාවද ? දැනට ඉන්ධන පිරවුම්හලේ තෙල් ටැංකියේ තිබෙන, ගොඩගත් ඉන්ධන ලීටර් 6500 ට මොකද කරන්නේ ?
දැන් කට්ටිය කියාවි ඒගොල්ලොන්ට ලැබුනේ එහෙමයි කියලා. එහෙම වන්නත් පුළුවන්.