(කාංචන කුමාර ආරියදාස)
නාඋල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවම් කර අලවි කරන බව පාරිභෝගිකයන් නගන චෝදනාව මාධ්‍ය මගින් පසුගියදා ප්‍රචාරය කිරීමෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පෙට්‍රල් වලට භූමිතෙල් මිශ්‍ර කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විශේෂ වැටලීම් කණ්ඩායමක් නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලට පැමිණ පෙට්‍රල් නිකුත් කරන පොම්ප 2 මෙන්ම භූගත ටැංකිය මුද්‍රා තැබුහ.
එමෙන්ම කොලොන්නාවෙන් පැමිණ පරීක්ෂණ කණ්ඩායමක් මෙම ඉන්ධන පිරවුම්හලේ ඉතිරිවී ඇති භූමි තෙල් මිශ්‍ර බවට සැක කරන පෙට්‍රල් තොගය නැවතත් ලබාගෙන රැගෙන යෑමට පියවර ගන්නා බවත් එහි පැමිණි පරීක්ෂණ කණ්ඩායම පැවසුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර පමණක් සමාව දෙමු. වැරැදි වෙන්න පුළුවන්...