(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 160,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (12) කැඳවා ඇති අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194,890 ක ලංසු ඉදිරිපත් වී ඇති බවත් මහ බැංකුව පවසයි.
එහිදී රුපියල් මිලියන 99,660 ක ලංසු පමණක් පිලිගත් බව කී මහ බැංකුව දින 91 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08 ක් දක්වාත්, දින 182 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364 ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04 ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගියදා කිව්වේ රජයේ සුරැකුම්පත් සම්බන්ධයෙන් පැවැති අවධානම් අධිමිල මෑතකදී විශාල ලෙස අඩුවීමත් සමඟ වෙළඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන් ණය පොලී අනුපාතික, ප්‍රමාණවත් ලෙස සහ වේගවත්ව අඩුවනු ඇතැයි කියලා නේද?
තවමත් ඔවුන් ණය අර්බුදයක හිරවෙලා
ගනින් ගනින් තව ණය කරපන්.. මොකද අපිනේ ගෙවන්නේ
තව තවත් ණය අරගෙන රටට කෙලවලාම දාපල්ලා.