(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
සිය පියාගේ සොහොන් කොත පිරිසිදු කිරීමට බව පවසා හෝමාගම නියදගල සුසාන භූමියට ඇතුළු වී මාස තුනක පමණ බිළිදෙකුගේ දේහයක් භූමදානය කර තිබූ වලක් හාරා බිළිදා පැළද තිබූ රන් ආභරණ සොරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකරු ඊයේ (11) දා සවස ආදාහනාගාර ක්රියාකරු හමුවී පවසා ඇත්තේ තම පියාගේ සොහොන් කොත පිරිසිදු කිරීම සඳහා ඇතුළු වීමට අවසර දෙන ලෙසයි.
එහෙත් අදාල පුද්ගලයා සුසාන භූමියෙන් පිටව යන අයුරු ආදාහනාගාර ක්රියාකරුට නිරීක්ෂණය නොවීම නිසා ඒ පිළිබදව සොයා බැලීමේදී සුසාන භූමියේ දේහයක් භූමදානය කර තිබූ වලක් හාරා දේහයක් ගොඩට ගැනීමට උත්සාහ කර ඇති අයුරු දැක තිබේ.
ඒ අනුව ක්ෂණිකව ක්රියාත්මක වූ ආදාහනාගාරය භාර ක්රියාකරු හෝමාගම ප්රාදේශීය සභාවේ බලධාරීන් දැනුවත් කොට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.
ඒ අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බැලීමේදී මීට සති දෙකකට පමණ ඉහතදී භූම දානය කර තිබූ මාස තුනක් පමණ වයසැති බිළිදෙකුගේ වලක් මෙසේ හාර ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd