IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බළපිටිය උප සභාපති කතරගම දී පොලිස් අත්අඩංගුවට

කතරගම දී බීමත්ව, අශෝභන ලෙස හැසුරුනේ යැයි සැකපිට  බළපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න සිල්වා හා ඔහුගේ සමීප නෑයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. කතරගම දුටුගැමුණු විශ්‍රාම ශාලාව ඉදිරිපිට වූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බළපිටිය උප සභාපති කතරගම දී පොලිස් අත්අඩංගුවට

රංජිත් Monday, 30 July 2012 09:47 AM

ඔය ප්‍රාදේශීය සභා දැන් කාලයට ඔබින්නේ නැහැ. ‍රටටම මහා කරදරක්. නොතිබුණ කාලයේ මීට වඩා අපරාධ දුෂණ අඩුයි. (නි)

:       0       0

ඇරිස් Saturday, 28 July 2012 06:05 PM

මිතුරෙක් මුණ ගැසුනා....... පොඩි අඩියක් ගැහුවා. ඕක ඔය තරම් වරදක් ද ? (ස)

:       0       0

ප්‍රවීන් මානිලා Saturday, 28 July 2012 06:16 PM

කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා ඒක දැකපු මේ අජන්ත කණ පැලෙන්න බීලා......(ස)

:       0       0

අරුණ ශාන්ත කුමාර Saturday, 28 July 2012 06:48 PM

අනුවර්ථ නම් වලින් එවන ප්‍රතිචාර පළ කරන්නේ නැත

:       0       0

අජිත් Monday, 30 July 2012 10:28 AM

මෙන්න දකුණින් තවත් ඡන්ද ප්‍රතිඵලයක්. (නි)

:       0       0

ඒ. සී. (අජිත්) Saturday, 28 July 2012 07:41 PM

ඡන්ද කොමසාරිස් තුමනි කරැණාකර ඡන්ද ඉල්ලන අයදුම්‍ කරුවන්ට සුදුසු කම්‍ පනවන්න 1. අවම වශ යෙන් අ.පො.ස. ස.ෙප. සමත් 2. නඩු පැවරී නොමැතිවීම 3. ළමා හා ස්ත්‍රි දුෂිතයන් නොවිම 4. මත්ද්‍රව්‍ය ගෙන්විම/ප්‍රවාහනය/විකිණිමට සම්‍බන්ද අයෙකු නොවිම 5. රටට ජනතාවට අදරය කරන අයෙක් විම. (ඡන්ද කාල වලට පණෙක් නොව) 6. රටේ නිති රිති වලට ගරු කරන්නෙක් බවට සහතිකයක් ඉදිරි පත් කිරිම (ස)

:       0       0

තරුෂ Sunday, 29 July 2012 03:20 PM

අපි වඳුරන්ට දැලි පිහි දීලා ආයෙ පත් කරමු. කාටද ආඩම්බර? (නි)

:       0       0

රෝහණ Saturday, 28 July 2012 09:14 PM

දේව අනුහස (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 28 July 2012 09:16 PM

අජන්ත හොද කෙනෙක් කියලා තමයි බලපිටියෙන් ඇහෙන්නෙ.. (නු)

:       0       0

ගුණසේන Sunday, 29 July 2012 12:15 AM

දැං පොලිසියත් තටු ගහලා වැඩේට ඇවිල්ලා වගේ.. අල්ලන්නෙම දේශපාලනඥයෝ...!!(නු)

:       0       0

සිල්වා Saturday, 28 July 2012 12:52 PM

බලාගෙන යනකොට ගම සහ රට දෙකම වනසන්නේ ප්‍රාදේශීය සභාවේ කට්ටියනේ . (ස)

:       0       0

ෆාරු Saturday, 28 July 2012 12:54 PM

බොහොම හොඳයි.... (ස)

:       0       0

කමල් Saturday, 28 July 2012 12:57 PM

ආසියාවේ ආශ්චර්‍යය... (ස)

:       0       0

සුදේශ් Saturday, 28 July 2012 01:02 PM

හොඳ වැඩේ. (ස)

:       0       0

සරත් Saturday, 28 July 2012 01:07 PM

දකුණේ අයට මොකද මේ වෙලා තියෙන්නේ ????? (ස)

:       0       0

මංගල ලන්ඩන් Sunday, 29 July 2012 03:51 AM

ඉහළට යන්න ඕන නම් මේවා කරන්න වෙනවා... !!

:       0       0

වරුණ Saturday, 28 July 2012 01:23 PM

පත්කරේ ඔයාලනේ.......මේවට වගකියන්න ඕනත් ඔයාලම තමයි... (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 28 July 2012 01:30 PM

කාපු බීපු වෙලාවට කරන විහිලු ගණන්ගන්නේ ඇයි මේ රාළහාමිලා.... (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 28 July 2012 01:31 PM

මම මේ නොදන්න නිසා අහන්නේ....බලපිටිය තියෙන්නේ උතුරේද ???? (ස)

:       0       0

ගාමිනී Saturday, 28 July 2012 01:34 PM

ඊයෙ එක්කෙනෙක් ලක්ෂ තිහක අල්ලසක් ගන්න කොට අහුවුනා,දැන් තව එක්කෙනෙක් බීලා මොකක්ද ජංජාලයක් කරගෙන,පහු ගිය දවස් ටිකේම තව රංචුවක්ම විවිධ ආකාරයේ දූෂණ අක්‍රමිකතා බලපැම් අකටයුතු කම් නිසා චෝදනා වලට ලක්වුනා. මොකක්ද මේකට හේතුව කියලා බැලුවොත් පැහැදිලි වන ප්‍රධාන කරුනක් වන්නේ බොහොමයක් ආයතන වලට කිසිම සුදුසුකමක් නැති නූගත් පිරිසක් පත්වී දේශපාලන බලය අයුතු ලෙස පාවිච්චි කිරීමයි. දේශපාලන මතිමතාන්තර මොනවා වුනත් පලාතේ පාලනයට පත්කර ගත යුත්තේ ප්‍රදේශයේ බුද්ධිමත් උගත් පිරිසිදු නායකයන් බව සියලු දෙනාම තේරුම් ගත යුතුය. (ස)

:       0       0

මදූ Saturday, 28 July 2012 01:43 PM

මැණික් ගඟේ ඉන්න කිඹුලෙක්වත් කෑවනම්....... (ස)

:       0       0

රජික මංජුල Saturday, 28 July 2012 01:49 PM

නූගත් ඡන්ද දායකයෝ සර්ව පිත්තල ලෝකයෙන් අතරමංකරලා දිනාගත් බලයෙන් දේශපාලකයන් කරන වැඩ දැන්වත් පියවි ඇහෙන් දකින්න උත්සාහ කරන්න.. (නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 28 July 2012 02:02 PM

මට හිතෙන්නෙ එයාට අසනීපයි.. එයාව සුපිරි ගණයේ රෝහලක නැවැත්විය යුතුයි..! එයා ඒ විදියමට රගපායි.. එයාට රජයේ වියදමින් සුපිරි ගණයේ රෝහලකට මාරැකර යවයි..!!(නු)

:       0       0

රොෂීන් බළපිටිය Saturday, 28 July 2012 02:23 PM

අජන්ත ගුණරත්න කියන්නේ හොඳ මිනිහෙක්, නමුත් කතරගම ගියාම බීපු එකනම් වැරැදී, මට හිතාගන්නවත් බෑ (අ)

:       0       0

සජී Saturday, 28 July 2012 02:48 PM

ඔව් ඔව්..උතුරේ තමයි...යාපනයට ටිකක් විතර උතුරින් කියලා හිතාගන්නකෝ.. (ස)

:       0       0

සාහිල් Saturday, 28 July 2012 02:52 PM

කවදත් ලංකාවේ සමහර ප්‍රාදේශීය සභා මන්ත්‍රීල කියන්නේ තරමක් කලබලකාරි අය. (ස)

:       0       0

රුවන් Saturday, 28 July 2012 03:13 PM

කිව්වට තරහ වෙන්න එපා ...ඇත්තටම මෙයාලට මොකද වෙලා තියෙන්නේ...දේශපාලනයට මහා අපරාධයක් මේ වේගන යන්නේ.... (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Saturday, 28 July 2012 03:15 PM

සභාපතිවරු, උපසභාපති වරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ගොඩක් දැන් ඉන්නේ අත්අඩංගුවේ...මීට පස්සේවත් බුද්ධිමත්ව තීරණ ගන්න.... (ස)

:       0       0

ප්‍රියලත් Saturday, 28 July 2012 03:22 PM

කතරගම දෙවියෝ දීපු දඩුවමක්ද මේක ??? (ස)

:       0       0

රාවණ් Saturday, 28 July 2012 04:05 PM

දැනගියො කතරගම නොදැන ගියෝ අතරමග (අ)

:       0       0

රසික කටාර් Saturday, 28 July 2012 04:11 PM

දැන් මේවා සාමාන්‍ය දේවල් . අපරාද කරුවන්ව දේශපාලනයට ගෙන ආවෙත් අපිම තමයි .හෙට අනිද්දා ඡන්දයක් තිබ්බත් බලයට එන්නේ මේ හොරු ටිකම තමයි.ඵ්ක කරන්නෙත් අපිම තමයි. දැන් කනවෝ කනවෝ කීවට. මේ ඔක්කොටම හේතුව රටේ ශක්තිමත් නීතියක් නැති වීමයි. මොනවා නැතත් මේක හොරුන්ගෙ රෙදි ගෑලවෙන කාලයක්. දකුණ තමා දැන් ලංකාවෙ දූෂිතම පැත්ත නේද? (ස)

:       0       0

සුසිල් Saturday, 28 July 2012 04:23 PM

අමිල ඔයා ලංකාවේ නගර ගැන මීට වඩා දැනුවත් වෙන්න... (ස)

:       0       0

සංජිව ගම්පහ Saturday, 28 July 2012 04:35 PM

අපේ රටේ දේශපාලනයට මොකද වෙන්නේ. කවුද මෙයාලට නාම යෝජනා දුන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site