සිව් හැවිරිදි දැරියක ද සමග එප්පාවල පොතානේගම පැරණි පුද බිමක් අසල අද අළුයම ගැවසෙමින් සිටි 12 දෙනෙක් එප්පාවල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පූජා භාණ්ඩ, අලවංගු, මිටි, හෑරීම් උපකරණ ද ඔවුන් ළඟ තුබූ බවත්, ඉපැරණි චෛත්‍යයක නිධන් හාරන්නට ඔවුන් එන්නට ඇති බවත් කුඩා දරුවකු ගෙන ආවේ බිළිදීම සඳහා දැයි නොදන්නා බවත් පොලීසිය කියයි.
වෑන් රියකින් ආ සැකකරුවන් මාතලේ අකුරැස්ස ඌරගස්මං හන්දිය හා එප්පාවල පදිංචිකරුවන් බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ රටේ නිදන් හාරන තරමට තියෙනවද දන්නේ නැහැ ඉතුරුවෙලා. (ස)
හංගපු ආයුද පෙන්නන්න එක්ක යන්නයි වටින්නේ ... (ස)
මේ අයට රජකාලේ දඬුවම් දිය යුතුයි.(නදී)
මේ වාහනය එලවගෙන ඇවිත් තියෙන්නෙ මේ ළමයගෙ තාත්තලු. ඒකතාව ඇත්ත නම් තාත්තෙකුට පුළුවන්ද තමන්ගෙම දරුවෙකුට මේ වගේ අපරාධයක් කරන්න.මෙවැනි තිරිසනුන් නම් මේ සමජයේ තියන්න හොද නැහැ. (නි)
ඔය වගේ උදවියට රජ කාලේ දඩුවම් දෙන්න ඕන ආයෙත් ඔය වගේ කැත වැඩ නොකර ඉන්න. (ස)
පොඩි එකාව ගෙනත් ඇත්තේ නිදානයෙන් බාගයක් දෙන්න වෙන්න ඇති.(නදී)
පොඩි එකා හැර අනෙක් කට්ටිය නිධන් පෙන්නන්න එක්කගෙන යන්න. (නි)
මෙන්න මෙහෙම අයව තමයි ආයුධ පෙන්වන්න එක්කගෙන යන්න තියෙන්නේ. (නි)
නිධන් ගන්න ගිහින් වැනසුණු කෙනෙක් ඇරෙන්න නිධන් අරන් රැකුණු කෙනෙක් අද තව වෙනකල් මම නම් දැකලා නැහැ (නි)
දැඩි දඩුවම් දෙන්න ඕනෑ පොඩි ළමයි එක්ක අපරාධ කරන්න එනවට. බිලි දෙන්න ගෙනවා නම් මතක හිටින්න පාඩමක් උගන්නන්න ඕනෑ. (නි)