
(යොහාන් භාසුර)
ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු ඉහළ දමන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ඒ සදඟා වන වාර්තාව සකස් කර ප්‍රවාහන අමාත්‍යංශයට යොමුකරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
එම යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍යංශය සළකා බැලීමෙන් පසුව අවසන් තීරණය ගනු ඇති බවත් ඉන් පසුව බස් ගාස්තු සංශෝධනය වන ආකාරය ප්‍රසිද්ධ කරන බවත් චන්ද්‍රපාල මහතා කීය.
ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් වුවත් විශේෂ අවස්ථාවක් ලෙස සළකා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය බස් ගාස්තු සංශෝධනය සකස් කිරීමේ කටයුතු කළ බව කී චන්ද්‍රපාල මහතා හැකි ඉක්මණින් නිල නිවේදනය නිකුත් කරන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd