
(ඉන්දිකා රාමනායක )
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් ඊයේ (20) සවස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඩී අංශයේ 83 වන සිර මැදිරිය පරීක්ෂා කිරීමේදී එහි තුළ තිබී මේවා සොයාගෙන ඇත.
සොයාගත් තහනම් භාණ්ඩ අතර නවීන ජංගම දුරකථනයක්, කේබල්, සිම්පතක්, බැටරි චාජරයක්, සහ තවත් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ බන්ධනාගාර පාලන අධිකාරිය වෙත භාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවන දේවල් දිහා බලාගෙන ගියාම මට හිතෙන්නේ මුලු ලංකාවම කනපිට පෙරලුවත් සුද්ද කරන්ඩ පුළුවන් වෙයිද කියන එකයි...
ලැජ්ජාවක් ඇත්නම් භාණ්ඩාගාර කොමසාරිස් වහාම ඉල්ලා අස්වෙන්න... නැත්නම් වහාම අත්අඩංගුවට ගන්න
බන්ධනාගාරයට ඇතුළුවුණු සියළුම තරාතිරමේ අයවලුන් දැඩි පරික්ෂාවට ලක්කිරීම හැර වෙන කිසිඳු ක්‍රමවේදයක් හරියන්නේ නැති හැඩයි පේන්නේ...