ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග අද අළුයම ඩුබායි බලා පිටත්ව ගියේය.
ඔවුහු ඩුබායි හරහා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා ප්‍රාන්තයට ගිය බව දැනගන්නට ඇත. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු ඇමරිකාවේ පදිංචිව සිටිති.
කලු පැහැ ඩිෆෙන්ඩර් රථයකින් හා බී.එම්.ඩබ්ලිව් රථයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි බැසිල් රාජපක්ෂ හා බිරිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරය දැරූ ඔහු සීමා රහිත ලෙස බල තල හිමිකරගෙන සිටි ඇමරිකානු පුරවැසියෙකි.
බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේය. ඔහුගේ පළමු නාම යෝජනා පත්‍රයෙහි රැකියාව ලෙස සඳහන් කර තිබුනේ ගොවිතැනයි.
ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිට ඔහුගේ ගම්පහ කාර්යාලයේ තිබු ලිය කියවිලි ඇතුලු බඩු භාන්ඩ සියල්ල රැසක් රැගෙන ගොස් තිබිණි.
පුෂ්පා රාජපක්ෂ මහත්මිය 'ලිය අබිමන්' සභාපතිනිය ලෙස කටයුතු කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට හෙන ගහන්න ඕනා අහිංසක මිනිස්සුන්ව රවට්ටලා හොරකම් කරලා රට පනිනවට (නදී)
අසීමිත බලතල අත්කරගෙන හිටියා.හැකි ක්‍රමයකින් නැවත අල්ලා නඩු මඟට ගෙනියන්න ඕනෑ (නි)
හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ (නි)
කෝ කවද්ද හොරු ටික අල්ලන්නේ? (නදී)
එයාලට නම් මොකද? ද්විත්ව පුරවැසිභාවය තියෙනවනේ. ලංකාවේ ඉන්න බැරි තත්වයක් ආවොත් ඇමරිකාවට යන්න පුළුවන්නේ. (නි)
හොරකම් කළේ නැත්නම් ඇයි පැනල යන්නේ? (බ)
පෞද්ගලික හේතුවක් හින්දා රට යන්න ඇත්තේ.(හේ)
වෙච්ච දෙයක්.දුක තමයි.(හේ)
මේ අය වෙනුවෙන් ඇන කොටා ගත්ත ගම්වල මිනිස්සුන්ට තමයි යන්න තැනක් නැත්තේ.(හේ)
ගිය අයට ආයේ එන්න වෙනවා.(හේ)
පිටරට පුරවැසි හිටපු නායකයෝ රට හැර යනවා,(හේ)
හරිම දේශ ප්‍රේමියෝ .මෙයාලට රැවටුණ කට්ටිය කොහෙද? (දිල්)
ඔය තියෙන්නෙ දේශප්‍රේමිත්වය. (දිල්)
මේ පින් බිමේ ඉන්න වාසනාවක් නැතිව ඇති (දිල්)
ගියාට කමක් නැ.දුෂණ චෝදනා ඔප්පු වුණොත් එන්න ඕනේ හොදද (දිල්)
මෙන්න ගොවියා මොඩ් ගොවියා. (නදී)
වැරදි කලේ නෙත්නම් ඇයි මේ අට රටින් පනින්නේ.(හේ)
උසාවි නියෝගයක් මත රටින් පිටවීම තහනම් නොකර ඇති ඕනෙම පුරවෙසියකුට ඕනෙම මොහොතක රටින් පිටවීමට හෝ රටට පැමිණීමට ප්‍රජත්රන්තවදීවූත් , මානව අයිතිවසිකමකුත් ඇති බව අපි පිළිගත යුතුය .(හේ)
හොරුන්ට පැනලා යන්න දෙන්නෙ නැහැ කියලා කට මැත දෙඩවූවනි. පිළිතුරු දෙනු. (නදී)
පලයල්ලා පලයල්ලා මහජන මුදල් මංකොල්ල කාගෙන උඔලා යටින් ගියත් උඩ දෙවියන් බලාගෙන ඉන්නවා. (නදී)
රට යනවා කියන්නේ පනිනවා කියන එකද? ඇත්තටම පැන්නා නම් ඒ නීතියට බයේද? එහෙනම් පැන්නා කියන එක පොලිසියට අපහාසයක් නේද?(දිල්)
මෙයාලගෙ හොද හොද වැඩ තව ටික දවසකින් එලියට එයි.එතකල් ඉවසන්න වෙයි ටික දවසක් (දිල්)
ඔක්කොම රට පනින්නේ දැන් තමයි.(හේ)
මොකද එක පාරටම රට යන්න හිතුවේ.(හේ)
ඔන්න රටට අාදරේ කට්ටිය.(හේ)
ඇමරිකන් පුරවැසියෙකුට මෙහේ ඡන්දේ ඉල්ලන්න පුළුවන්ද.(හේ)
ඇමෙරිකා පුරවැසියෙක් කොහොමද ලංකාවේ පාර්ලිමේන්තුවට ආවේ (දිල්)
හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් .කතා කළොත් මාතෘභූමිය.ඒ කට්ටිය පනිනකල් මේ රටේ කවුරුත් දන්නේ නැද්ද.රටේ ඉන්න මිනිසුන්ට දැන්වත් පෙනෙනවද ඇත්ත නැත්ත (දිල්)
හැමෝම එකතු වෙලා අයතා විදියට හම්බ කරපුවා අය කරගන්නේ කොාහාමද?(දිල්)
එතකොට ඡන්දේ දීපු පාක්ෂිකයෝ අසරණ වෙනවනේ.(හේ)
මේක හැමෝටම හොඳ පාඩමක්.... ඔය වගේ අයව ළංකරගන්නවට (බ)
ඇයි මේ ගොල්ලන්ට රටින් පනින්ට දෙන්නේ. (බ)
ඇයි යන්න දුන්නේ ? (නදී)