රිමාන්ඩ් බාරයේ සිටිමින් කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට පෙර දින රාත්‍රී පපුවේ අමාරුවක් සැදීම නිසා හෘද්ධ රෝග වාට්ටුවට ඇතුළු කර පරීක්ෂණ අවසන් වූ පසු පෙර සිටි වාට්ටුවට ගෙන ආ බව බස්නාහිර පළාත් ඇමැති නිමල් ලන්සා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය වශයෙන්ම ඔබතුමා රෝගී වෙලානම් ඉක්මන් සුවය පතනවා (නි)
මට හිතෙන හැටියට ... මෙයා මේ හදන්නේ මොනවා හරි ලෙඩක් පෙන්වලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටවෙන්නටයි... දොස්තරලා හදන්නේ මේ ලෙඩේ හොයාගන්න වෙන්න පුළුවන්... නැති ලෙඩක් හොයාගන්නේ කොහොමද.? අනේ මන්දා.. අපි බලාගෙන ඉමු මේ සංදර්ශනයේ අවසානය කුමක්ද කියලා. (ර)
බැසිල්ට පරීක්ෂණ කිවුවහම මම හිතුවේ ඔහු කරඇති අක්‍රමිකතා ගැන පරීක්ෂණ කියල (බ)
හොරකම් කරලනම් ඇත්තටම දඩුවම් දියයුතුයි තවත් හුරතල් නොකොට. ඒත් පළිගැනීමක්නම් හොද නෑ (බ)
බලන් යනකොට වෙලේ සුදා ඇරෙන්න ඔක්කොම ලෙඩ්ඩු (බ)
හැමදාම අපි බලාගෙන ඉන්න එකයි කළේ එයාල දින්නත් දිනුම් පැරදුනත් දිනුම් (බ)
ඔය ලෙඩ ටික ලංකාවට එන්න කලින්ම හොඳ කරගෙන එන්න තිබුනනේ.මාස 2 1/2 තිබුනනේ කල්. (නි)
අවසාන කලයි මගේ (බ)
කොටියා ඇත්තටම ආව දාට වරද බාර ගන්න වේවි.(බ)
අහිංසක වෙලේ සුදා සනීපෙන්ද සුපිරි ගෙවන වාට්ටුවක ඉන්න ඔහුටත් සල්ලි තියෙනවා නේද (බ)
මීළඟ උසාවි දිනයට නොයාමට කරන උප්පරවැට්ටියක්. (බ)
ඔබතුමාට කාලි පුජාවක් කළොත් හොඳ වේවි. (බ)
කරන කලට පව් මීරිය මීසේ, විදින කලට දුක් දෙවි ගිනිසේ.(ම)
ඔක්කොම අමාරු බන්ධනාගාරගත වුනාට පසුව තමයි. ඊට කලින් ඉහින් බහින් ලෙඩක් තිබුන බව කවුරුවත් දන්නේ නැහැ. (හේ)
අනේ බලන කොට අර වෙලේ සුදා උන්නැහේට විතරයි කිසිම ලෙඩක් නැත්තේ. ඒ මනුස්සයාගේ ඒ අවංක කමටවත් එන ආත්මයේ හොඳ ජීවිතයක් ලැබෙන්න කියලා මම පතනවා. . (හේ)