හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහත්වරුන්ට විරුධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද එහි ගියේය. පසුගිය රජය සමයේ සිදුවුයේ යැයි කියන අපරාධ ගැන තොරතුරු එහිදී ඔහු බාරදීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව ආණ්ඩුවට වද්දගන්න නම් හොඳ නැහැ (නදී)
මෙයා ඒ පැත්තේ ඉන්න කොට කිව්වේ ඒ පවූලට සදා නයයී කියලා. ඒ පවූල රජවරූ කියලා. අද කියනවා හොරූ කියලා. මෙයා කරපු දුෂණ දන්නේ කැලණියේ ඉන්න අපියී. (නදී)
ඔන්න වව්ලෙක් ලයිට් කම්බියේ එල්ලිලා (නදී)
පව් අප්පා මෙයාවත් මෙයාගේ පුතාවත් කිසිම වරදක් කරලා නැහැ අැල්වතුරත් නිවලනේ බොන්නේ. දුටුගැමුණු කවදද එහෙම කළේ. (නදී)
අහෝ දුටුගැමුණු, නුඹ එළාර වෙන්නද යන්නේ ? (නදී)
ඒ වගේම එහාට මෙහාට පැන්න කුඩු කාරයෝ ටිකටත් නඩු දාන්න ඕනා. (නදී)
ළිදෙන් වතුර බීලා.. එයින් වතුර නාලා.. ළිඳට ගල් ගසාලා.. වතුර බොර කරයි මිනිසා.. ගඟට ආවඩයි.. ගහේ වැල එතීලා යාවී හැදී.. පසුව මිලින වීලා සාරේ අදී.. කාලා බීලා නිදලා කාලේ ගෙවයි.. කාපු තැනද වනසා මිනිසා දුවයි.. ඉණිමන් තබාලා නැගීලා බලයි.. එයට පහර දීලා කඩාලා දමයි.. අතීතේ නසාලා දිනුවා සිතයි.. තිබූ තැනද නැතිවී පරාදේ වැටේ.. (නදී)
එතකොට ඔයා ගැන කව්ද කියන්නේ? පලි ගන්න වෙලාවක් එනතුරුද මෙච්චර කල් හිටියේ. ලැජ්ජයි මේවා ගැන ඇහෙනකොට. (නදී)
දැන් කව්ද මර්වින් සිල්වාට විරුද්ධව අල්ලස් සහ දුෂණ කොමිසමට යන්නේ. මොහුත් ඉස්සර අනුන්ගේ ගෙවල් වල හිටි කෙනෙක්. පත් කල මන්ත්‍රී වරයෙක් හැටියට පැමිණ විශාල දේපොළ සහ මුදල් වලට හිමිකරුවෙක් වුනා (නදී)
එතකොට මර්වින් සිල්වා කල හොරකම්, දූෂණ, හොයන්නේ කවුද? එයාගේ පුතා තරුණ ගැහැනුන්ට කල කරදර හොයන්න අනුන් හදන්න කලින් ? (නදී)
ඔයාගේ ෆයිල් එකත් ලඟදි එලියට එනවා. ඔහොම ඉන්න අනුන්ගේ කුණු අදින්නේ තමන්ගේ ඒවා වහගන්නද ? ඔයාට ෆයිල් විතරක් නෙමයි එයින් එහාට ගිය බරපතල චෝදනා තිබෙනවා කියල මහජනයා කියනවා (නදී)
අනුන්ගේ ඇහේ රොඩ්ඩට කලින් තමන්ගේ ඇහේ පරාලය අයින් කරගන්න (නදී)
හොරාව අල්ලන්න මිනිස්සු එලවනකොට හොරාත් මිනිස්සු එක්ක දුවනවාලු අල්ලපියවූ හොරෙක් හොරෙක් කියලා. (නදී)
කොහොම හරි අලුත් ආණ්ඩුවට රිංගන්න බලන්න. (නදී)
මෙයාට මේවා හොදට පුරුදුයි. කලින් සැරෙත් මෙයා මේකම කළා (නදී)
මියගිය මන්ත්‍රී හසිත මඩවල මහත්මයාගේ ඝාතනය ගැන වෙන්න ඇති (නදී)
මෙයා කවුද කියල මුලු රටම දන්නවා. රූපවාහිනියට පැනල යකා නටපු වෙලාවෙ කනින් ඇදල එලියට වීසි නොකරපු එකේ වැරැද්ද. (නදී)
මේවාට දෙකොනින් හිනා යනවා. (නදී)
එක පතේ කාපු, බීපු අයම මෙහෙම කරන එක වැරදියි නේද? පුළුවන් උනා නම් මේ "හොරත්" මෙලහට "වී.අයි.පී ලෝන්ජ් " එකෙන් රට පැනල මහ රෑම. මෙයාගෙත් අතිතය හොයන්න, (ගස් බැඳපු හැටි, කියපු වල් කතා ගැන, ගහපු ගැහිලි ගැන එහෙම) කියන්න, කවුරු හරි ළඟදීම ඉදිරිපත් වේවි. එතකන් කලබල නොවී ඉවසා බලා ඉඳිමු. (නදී)
අළුත් ආණ්ඩුවට යන්න පොටක් පාදාගන්න එපැයි. අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු (නදී)
ඔයාලා දන්නේ දෙපැත්තක් විතරයි. හරි නැත්නම් වැරදි. ඒත් සාක්කි තියෙන්නේ එකට වැරදි කරපු අය ලඟයි. පොදු සමාවක් එක්ක අහලා බලමු (නදී)
මදැයි "මෙගා හොරුන්ට" දඩුවම් කරන්න/ඩොලර් ට්‍රිලියන ගණනින් වංචා කරපුව හොයන්න කියල රජයක් පත් කර ගත්ත. මෙන්න මේ වෙලාවේදී තමයි ජෙනරල් සරත් ෆොන්සේකා වගේ කොන්දක් තිබෙන නායකයෙකුගේ වටිනාකම තේරෙන්නේ. (නදී)
සිංහයෝ නරි වෙන හෙටි පේනවා නේද (නදී)
කළු කුඩු බස්මය ඕන වෙලා (නදී)
සජී ඔබ හරියට හරි (නදී)
ඕවා ජනාදිපතිවරනයට පෙර නේද පැමිණිලි කරන්න තිබ්බේ! (නදී)
ඔන්න නියම මිනිස්සු ,,මහත්තයෝ තමුන්ට හු කියල එලවන්න අපිට බලය තියනවා වල් බල්ලෝ වගෙ දරුවෝ නටනකොට පින්ගුත්තරයෝ වගෙ බලන් ඉන්න රාජපක්ස ලා හෙට දකුනේ න් බිහිවෙන්නෙ නැහැ. කාපු පතේ පහරනවා (අ)
හොරෙක් හොරා පොලිස් නටයි. මූට තියන වාහන ගැන හොයල බලන්න.(අ)
මේ වගේ අයට පාර දිගේ ඇදගෙන ගිහින් ගහන්න ඕනේ අහිංසක මනුස්සයන්ගේ ලේ උරාබොනවට (අ)
අනේ මෛත්‍රී මහත්තයෝ, රනිල් මහත්තයෝ අපි ඔබතුමන්ලාට බලය දුන්නේ ඔබතුමන්ලාට රට හදන්න අවංක ඕනෑකමක් තියෙන බව පෙනුන නිසා. නමුත් පහුගිය ආණ්ඩුවේ හිටපු හොරුටික ඔබතුමාලා ගත්තොත්නම් ඔබතුමාලත් ජනතා අප්‍රසාදයට පත්වෙනවා. එනිසා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. මර්වින් මහත්තය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අනෙක ශ්‍රී. ල. නි. ප. යේ සභාපතිකම මෛත්‍රී මහත්තයට දෙන්නේ ආදරේට නෙවෙයි. ඒ. ජා. ප. යෙන් මෛත්‍රී මහත්තයව වෙන්කරන්න ඕන නිසා. තමන් සභාපතිකම දරන පක්ෂය තියෙද්දී ඒ. ජා. ප. යට එකතුවෙන්න මෛත්‍රී මහත්තයට බැරිබව ඒගොල්ලෝ හොදටම දන්නවා. මීලඟ මහා මැතිවරණයේදී ශ්‍රී. ල. නි. ප. ය දිනවලා අායෙත් හොරු ටික රට කන්නයි ඔය හදන්නේ. මෛත්‍රී මහත්තයෝ ඕවට අහුවෙන්නනම් එපා. ඔබතුමා තමයි මේ රටේ එකම බලාපොරොත්තුව.(අ)
බලන්නකොට ඔක්කොම එක වගේ. මේ අයව රජයට ගන්නකොට මෛත්‍රී ජනපතිතුමා පරිස්සම් වෙන්නෝන.(අ)
බැසිල්ගේ හිර කූඩුවේ ඔයාටත් ඉන්න ඉඩ ඇති . බෙලිඅත්තේ යාලුවෝ . මුන් ලෝක හොරු. ලජ්ජා නෑ. මුන්ව ගස් බඳින්න .(අ)
කල කල දේ පල පල දේ . (අ)
මෙයා හිතාගන ඇති මිනිස්සු ගොන්නු කියලා. කාලෙන් කාලෙට එයා කියන කරන දේවල් දිහා අපිත් සද්ද නැතුව අහගෙන ඉන්න නිසා (නදී)
මට කියන්න වචන නැහැ (නදී)
කොලණියෙන් කප්පන් ගන්නේ කව්ද? මත් පෙති ගෙන්වන්නේ කව්ද.? (නදී)
මෙයා කරපු දේවල් වෙනම ගනිමු. මෙයා කියන දේ ගැන අවදානය යොමු කරමු. රාජපක්ෂ පවුලේ දූෂණ , බීෂණ,හොරකම් ගැන මෙයා ගොඩක් දේවල් දන්නවා. ඒවා එලියට ගන්න ඕනා (නදී)
මේ වගේ නළු බට්ටෝ දන්නේ මේ වගේ ගොන් පාර්ට් දාන්නා විතරයි.(අ)
කතාව හරියට හරි ඔහොහම යන් ඔයත් ලෑස්ති වෙන්න ඇතුලට යන්න (අ)
හැම හොරෙක්ම අයින් කරන්න ඕනි .ආණ්ඩුවට ගන්න හොද නෑ (දිල්)
පළමුව මේ මනුස්සයාව උල තියන්න (අ)
එදා වේදිකාවේ රනිල් අගමැති තුමාට කියපු කතාවලට මෙයානම් ඒ පැත්තට යන එකක් නැ .(අ)
පිස්සුද හැටිද? මේවා සේරම ඇත්ත අපි දන්නවා කලින් ඉදන්ම. දැන් යන එන මන් නැති නිසා මේවා මෙයා කියනවා. (නදී)
ඔයා දුෂ්ට උනත් විකට නළුවෙක්. විනෝදයට හොඳා. (නදී)
ජනපති තුමනි, පහුගිය කාලේ සිදුවුණු අපරාධ සම්බන්ධ පරීක්ෂණ වලට සාක්කි කාරයෙක් හැටියට මිසක් වෙන නම් කිසිම දේකට මෙයාව ගාවගන්න එපා. (නදී)
ඔය ඔක්කොම හොරු . (අ)
මෙයා මොකටද එන්න හදන්නේ දැන්? (අ)
තිලක්-ඩුබායි -සත්‍ය පසුවී හෝ වැටහීම ගැන සතුටු වෙමි. (නදී)
කැළණිය පැරදුනේ මෙයාගේ දුෂ්ඨ වැඩ නිසා. ආයේ කැළනියට එනවා බොරු (නදී)
ළඟදීම බලාපොරොත්තු වන්න හොරුන්ගෙත් හොරු (නදී)
මෙයා තමයි කැලණිය කෑවේ. ගොටාභය යුද්ධය දිනුවා හරි. මෙයා මොනවා කරලද මේ කෑගහන්නේ (නදී)
සිංහයා දුබලව බිම වැටුණු කළ බියගුළු නරි පසුපසින් පැමිණ සිය පස්ස අතුල්ලා දුවති (නදී)
මෙය හොදයි ෆ්‍රෙඩී සිල්වාගේ චරිතය රඟපාන්න (නදී)
කැලණියේ පැත්තේ තියෙන පාසලකට දාගන්න මෙයාට රුපියල් ලක්ෂ 2-3 ක් දෙන්න ඕනේ. ඒ ගැනත් හොයන්න. (නදී)
කල දුටු කල වල ඉහ ගන්නෝ. (නදී)
මර්වින් සිල්වා රටට, මේ කලේ ඉතා අනර්ග සේවයකි. අපේ ජනතාවගේ ස්තුතිය පිරිනමමු. පොඩ්ඩක් ඉවසන්න පළමුව ජාතියට බරපතල වංචා, දුෂණ, අපරාධ කරපු අයගේ නඩු අසා දඩුවම් ලැබෙයි. මේ දවස්වල එ්කයි වෙන්නේ. ඊට පස්සේ සුළු අපරාධ කරපු අයගේ නඩු අසනු ලැබේ. (නදී)
හොද වෙලාවට ලිබියාවේ මෛත්‍රී කෙනෙක් ජනාධිපති නොවුනේ. එහෙම උනානම් රටම විනාශ කළ ඒකාධිපති ගඩාෆි තවමත් බුදු සැප විදිමින් පැරණි මාලිගාවේම ජිවත් වෙනවා. (නදී)
ඔහොම යමු. (අ)
මේ අය කරපුවට විරුද්දව මහින්ද මුකුත් නොකරපු හින්ද තම එයත් පැරදුනේ (නදී)
රජකම් කෙරුවත් කළකම් පලදේ? සිංහල ප්‍රස්ථාව පිරුළු ටික පිළිපදිනවා නම් ඒ ටිකම ඇති අපේ මිනිසුන්ට හැදෙන්න. (නදී)
කාටත් තේරුණේ නැතුවට මේවා ඉතා බරපතල චෝදනා. කියන එකා පැත්තකට තියලා කරන චෝදනාව ගැන විධිමත් පරීකෂණ අවශ්‍යයි. (නදී)
මේ වගේ දේශපාලුවන්ව ආණ්ඩුවට නොගත යුතුය. මේ පුද්ගලයා සහ පුතා ගැන මුළු රටම දන්නවා. මේ අයට විරුද්දවත් අල්ලස් දුෂණ කොමිසමට සහ පොලිසියට පැමිණිලි කළ යුතුය. (නදී)
නරකද තමන්ගේ පුතාගේ වැරදි ටික ඉස්සෙල්ලා හදා ගත්ත නම්. අනිත් මිනිස්සුන්ගේ අඩු පාඩු සොයන්න බලධාරියෝ ඉන්නවනේ. (නදී)
මෙන්න බොලේ දුටුගැමුණු පරපුර වෙතින් පාවා දෙනන්නෙක් බිහිවෙලා (නදී)
"පැණි වරක ගහටත් හෙන ගහනවලු" කියන පැරණි කියමන මතක් උනා. (නදී)
ඔක්කොම එක වල්ලේ ගෙඩි තමයි. ගහ උඩ තියෙද්දී කියන්න බැහැනේ කුරුවල් කියල දැන් තමයි තේරෙන්නේ. සමහර ගෙඩි නම් ගහ උඩ තියෙද්දීම කුණු වෙලා තිබුනා අපට දැනුනා. (නදී)
මෙය තවත් ට්‍රෝජන් අශ්වයෙක් රාජපක්ෂ එවාපු. රැවටෙන්නේ නැහැ (නදී)