දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප දීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කර සැකකරුවනට ඇප දෙන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයේ අද නඩු තුනක් පැවැරිණි.
රාජපක්ෂ මහතාගේ එම නඩු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නඩුවේ වගඋත්තරකරුවන් වන නීතිපති හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිට ලබන අට වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාල්කාන්ත, ඔයාලා වගේ අය ඉන්න නිසා තමයි මෙරටේ අනෙක් මිනිස්සුත් දුක්විඳින්නේ. මොවුන් හොරකම් කළ දේවල් කොපමණද කියලා ඔවුන්වත් තාම දන්නේ නැහැ. රට එහෙම පිටින්ම ගොඩගන්න බැරි තරමට උකස් කරලා දාලා (නි)
මොනවාහරි කරලා බැසිල් අයියා එළියට ගන්නමයි දඟලන්නේ.කොහොමහරි පොලිස් පරීක්ෂණ ඉවරවෙනතුරු ඇතුළේ හිටියොත් ඒක පොලිසියේ වැඩට පහසුවක් වේවි...ඒ නිසා වාට්ටුව ඇතුළෙම ඉන්න අරින්න.වාට්ටුවෙත් හොඳට කන්න බොන්න, වෛද්‍ය ප්‍රතිකාර එහෙම හොඳට ලැබෙනවානේ.සමහරවිට ඒවටත් මෙයා සත පහක්වත් ගෙවනවාද දන්නේ නැහැ.... (නි)
බැසිල් නැවත දේශපාලනයට එන එක නවත්වන්න කරන වැඩක් වගෙයි. ඔක්කොම විරුද්ධවාදීන් හිරේ දාලා ඡන්දෙ දිනාගන්න පුලුවන්ද? (නි)
දිලාන්, රිමාන්ඩ් කියන්නේ සුපිරි ඉස්පිරිතාලෙකට වෙලා, රෑට ගෙදර ගිහින් උදේම ඇවි්ලලා ඇඳට වෙලා ඉන්න එක. ගමන් බිමන් යන්නේ ඇම්බියුලන්ස් එකෙන්. සුපිරි කෑම, සුපිරි බීම, ඕනෑ නම් අනිත් සියලුම සැප... හැබැයි මේවා අපිට ඔයාලට බැහැ. හරිනේ! හිරේ යන්නේ වැරදිකාරයෝ වෙලා අච්චු කළාට පස්සෙයි. මේගොල්ලන්ට ඉතින් කොහේ හිටියත් සැපම තමයි (නි)
මිනිහට බර වැඩ සහිත හිර දඩුවම් දෙන්න. හොර සල්ලි රාජසන්තක කරන්න. දුප්පතුන්ට ලබා දෙන්න. (ස)
මදි මදි. උපරිම දඬුවම් දෙන්න. (නි)
බැසිල්ට නීතිය මඟින් ඇප ප්‍රතික්ෂේප කරලා තියෙනකොට ඔහුගේ කට්ටිය ඇපලබා ගැනීමට තැත්කරනවා. බැසිල්ව එළියට දමලා මේ අයව ඇතුළට දැම්මා නම් හරි (නි)
තවම එක රුපියලක්වත් හොරකම් කළා කියලා ඔප්පු කරලා නැහැ. මිනිහෙක් වැරදිකරුවෙකු නොවී දඬුවම් කරන්නේ ඇයි? ඔබට වුණා නම් ඔබ කැමතිද? (නි)
ලාල් කාන්, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
ඇප නම් දෙන්න එපා (නි)
රිමාන්ඩ් කියන්නේ මොකක්ද කියන එකෙයි හිරේ දානවා කියන්නේ මොකක්ද කියන එකෙයි වෙනස මට දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙනවද? (නි)
මෙවන් මිනිසුන්ට උපරිම දඬුවම් ලබාදෙන්න ඕනෑ. අයියලා වගේ හිටියේ. දැන්...? (නි)
මහජන මුදල් ගසාකෑමට තිතක් තැබීමට නම් වරදකරුවන්ට දඬුවුම් දියයුතුයි (නි)
වේලාසනින්ම ඡන්දයක් තියන්න සිද්ධවුණේ දේව හාස්කමක් කියාද කියා හිතෙනවා.නැත්නම් මෙම කම්බ හොරකම් කොහොම හොයාගන්නද? ඇප ගන්න ඕනෑ නම් ගසාගෙන තිබෙන හැම සතයම රජයට ආපසු භාරදිය යුතුයි.එහෙම කළත් නිදහස් වෙන්නේ නැහැ (නි)