‘නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි‘ ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි .
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කල මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති, අමාත්‍ය මණ්ඩලය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති, මැගසින් බන්ධනාගාර අධිකාරි, නීතිපති ඇතුළු 45 ක් නම් කරනු ලැබ සිටිති.
රාජපක්ෂ පවුලට එරෙහිව ගෙන යන පළිගැනීම් යටතේ තමා අත්අඩංගුවට ගෙන ඇති බවත්, දිවි නැගුම වංචාවට තමා සම්බන්ධ නැති බවත් පෙත්සමේ සදහන්වේ. සෞඛ්‍ය හේතු මත පීඩා විදින තමා මෙලෙස නීති විරෝධී ලෙස රිමාන්ඩ් බාරයේ රදවා තැබීමෙන්. මූලික අයිතිය උල්ලංඝනය වන බව ද ඔහු කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවි නැගුම වංචාවට තමා සම්බන්ධ නැති නම් සම්බන්ධ අය කවුද කියා කියන්න. . (ම)
කෑවනම් බන්ඩෝ ... කියන පැරණි කියමන මතක් වුනා ! (බ)
කවුද සම්බන්ධ කියන්න? (බ)
එහෙම නිදහස් කරන්නද මෙච්චර අමාරුවෙන් යහපාලනයක් ගෙනාවේ... (ම)
දැන් නම් උසාවියට තියන ගෞරවයත් නැති වෙන්න යන්නේ, මේකටත් අර උත්තරේම දුන්නොත්. (බ)
රෝහිත, හිතන්න පොලිසිය ඔබව අත්අඩංගුවට ගන්නවා ඔබ ඔබගේ පළාතේ වුන හොරකමකට. ඔබ කියනවා ඔබ එහෙම එකකට සම්බන්ද නෑ කියලා. එතකොට කවුරුහරි කෙනෙක් අහනවා එහෙනම් කවුද සම්බන්ධ කියන්න කියල. ඔබ දෙන පිළිතුරම තමා ඔබේ පැනයට පිළිතුරත්.
ලංකාවේ තියන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න (අ)
අන්න යහපාලනය යාපනයේ උසාවියට ගරු ගල්වලින් ගහල තියෙන්නේ (බ)
පව්! බැසිල් ගැන උද්ගෝෂණය කරන්න කවුරුවත් නැහැ. (බ)
දේශපාලන බලයෙන් මත් වූ අය ලෙස හා පවතින නීති අභිබවා සිය හිතුමනාපයට හා පෞද්ගලික වාසියට කටයුතු කිරීමේ අනිසි ප්‍රතිපල අද ඔවුන් අත් විදින්නේ. මේ සියල්ලක්ම ඔවුන්ගේ පුද්ගලික බුදල් නොවේ. රජයේ මුදල් යනු ජනතාවගෙන් අයකර ගත් බදු මුදල්. ඒවා ස්වකිය සුඛ විහරණයට යොදා ගෙන ඇත්නම් එය ඉතා ලජ්ජාශීලි හා නින්දිත ක්‍රියාවක්. පවතින නීති හා ඒවා සැමට සම සේ ක්‍රියාත්මක වන ආකාරය ගැන ජනතාව අවදියෙන්.(නදී)
ගුවන් තොටුපලින් බැහැලා එන කොටනම් පෙනුනේ නැහැ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රශ්නයක්. උසාවියට ඉදිරිපත් කළාට පසුව තමයි එක පාරටම සෞඛ්‍ය තත්ත්වය වෙනස් වුනේ. (නදී)
"දිවි නැගුම වංචාවට තමා සම්බන්ධ නැති බවත් පෙත්සමේ සදහන්වේ" ඒ කියන්නේ පිලිගන්නවා තමා සම්බන්ද නැති උනාට වංචාවක් වෙලා තියෙන බව? (කේ)
මෙයාත් සහෝදරයාගේ අඩි පාරේ යන්න හදනවා වගෙයි.(හේ)
අත්අඩංගුවේ කියලා නමට කිව්වට, ඒ භයානක අසනීපය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත වෙලානේ දැන් එතුමා ඉන්නේ? ඉතින් ඔය විදිහටම තව මාස කීපයක් රෝහලේම නැවතිලා ඉඳලා, රෝගය නිට්ටාවටම සුවකරගෙන ගෙදර ගියොත් නේද වඩා හොඳ?(හේ)
මේ පවුල කවදාවත් හිතුවේ නැහැ බලය අහිමි වෙයි කියලා.(හේ)
හොරු අල්ලන එක හොද වැඩක්.(හේ)
ලොකුම දේශපාලන පලි ගැනීම වුනේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ෆොන්සේකා මහතා තරඟ කළ අවස්ථාවේ. ඒක නිත්‍යානුකුලයි කියලා දැන් මේවා තමන්ගේ පුද්ගලික කැමැත්තේ වාසියට දේශපාලන පලි ගැනීම අර්ථ දක්වන්න ඕනෑම කෙනෙකුට පුළුවන්.(හේ)
දැන් දුක තේරෙනවා නේද?(හේ)
ජයා ඔයාගේ කියමන දිහා බැලුවම මට පොඩි කාලේ අපි ගොත ගොත කියපු කතාන්දර මතක් වෙනවා.(හේ)
වැරැද්දක් වංචාවක් කරල නම් නඩු පවරන (අ)
මෙතන තියෙන්නේ දේශපාලන පලිගැනීමක් බව දන්නෝ දනිති. (නදී)
සත්‍යය,දන්නෝ දනිති. (නි)
ගිහාන්, දේශද්‍රෝහීවීමේ වරදට දඬුවම් කිරීම දේශපාලන පළිගැනීමක් හැටියට අර්ථ නිරූපනය කිරීමත් තමුන් උපන් රටට ද්‍රෝහීවීමක් බව ඔයාට වැටහෙන්නේ නැද්ද? (නි)