(ටෝනි කරුණානායක)
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන්ට විරුද්ධව නිතිපති මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති නඩුව මාර්තු 9,16,23 සහ මැයි 7,16,22 යන දිනවල විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා අද (23) නියෝග කළේය.
දොම්පේ මල්වානේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රුපියල් විසි කෝටි අසු ලක්ෂයක රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කල් අරින්න පුලුවන්නම් අරින්න. මේ විදියට කල් ඇරෙමෙන් වැරදි කරුවන් හැමදාම එළියේ . අඹ ගෙඩි තුනේ නඩුව කොහොමද.
මාතර බ්රවුන්හිල් (Brown Hill) ඉඩම සහ ගෙය අත්පත් කර ගැනීම පිළිබඳ බැසිල්ට චෝදනා ඉදිරිපත් වී ඇත. පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ බැසිල්ගේ පිටරට සිටින ඥාතියකුගේ නමට මේ දේපළ බැසිල් විසින් මිලට ගෙන ඇති බවයි. මීට අමතරව දිවි නැඟුම අරමුදලේ රුපියල් බිලියන ගණනින් වංචාවක් සිදුවී ඇති බවට චෝදනා ලැබී බන්ධනාගාරගත වී මාස ගණනක් සිටියත් එක් දිනක්වත් සිර මැදිරියක සිටීමට තරම් බැසිල් අවාසනාවන්ත වී නැත.
අයිතිකාරයා නැති බංගලාව. හිටි ගමන් ඇමරිකාවේ ඉඳලා ආවේ ඕවට තමයි.
රන්ජන් රාමනායක, ඔබ කියූ දෙය ඉතාමත් නිවැරදියි ... ඇස් පනාපිට පේන්න තියෙන , සාක්ෂි සහිත නඩු මේ විදියට අහනවනම් ඉතින් වෙන මොන කියන්නද ?
නීතියෙන් දඬුවම් නැති කොට බිත්තරයකින් හරි, පිටි පැකට් එකකින් හරි මූණට දමල අරින්න කෙනෙක් ලංකාවේ නැහැනේ.