නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදාට (05) කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප්‍රියසාත් ඩෙප් සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති ,අමාත්‍ය මණ්ඩලය ,මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති , මැගසින් බන්ධනාගාර අධිකාරි , නිතිපති ඇතුළු 45 ක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉමක් කොනක් නැතිව යන්න පුලුවන් උනේ රාජපක්ෂලා නිසා කියන එක ගොඩක් අයට අමතක වෙලා. පොලිසියට උනත් පහසුකම් ලබාදුන්නෙ ඒ අය. රටේ සංවර්ධනයක් උනාද නැත්ද කියලා ඔය කවුරැත් දන්නවා. (ර)
යහපාලනය හා මහින්ද පාලනය අතර පැහැදිලි වෙනස මෙයයි. මෛත්‍රී මහතා අපරාධකාරයින් නිදහස් කරන්න කියා නීතිපතිට නියෝග කරන්නේ නැත. බැසිල්ගේ "ප්‍රජාතන්ත්‍රවාදී" දැනුමට අනුව හොරාගේ සමාජ තත්වය ගැන සළකා බලා ඔහුව ගළවා ගැනීමට පාලකයා යුහුසුළු විය යුතුයි. හොරකම් කිරීම හොරාගේ කාර්යයක්. හොරුන්ට දඬුවම් දීම අධිකරණයේ කාර්ය භාරයක්. මේ දෙක කලවම් කරගෙන රට පාලනය කළ නිසා තමයි අද ඒ ගොල්ලෝ ජම්පර් අඳින්න සුදානම් වෙන්නේ. (නි)
මොළ සෝදානොගත් බුද්ධිමත් ජනතාව ලක්ෂ 62ක් ඉක්මවීම රටේ හෙට ගැන සර්ව සුභවාදීව හිතන්න කරන ඇරයුමක්. (නි)