(ටෝනි කරුණානායක) 
 
සුවිසල් නිවසක් ඉදිකිරීමෙන් රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක මුදලක් අවභාවිතා කිරිමේ චෝදනාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන්ට  එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 9 වෙනිදා විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (29) නියම කළේය. 
 
මෙම නඩුවට අදාල සටහන් සහ සාක්ෂි වල අඩුපාඩුවක් නොමැති බව විත්තියේ නිතිඥයින් මහාධිකරණ විනිසුරු වෙත දන්වා සිටි අතර නඩුවේ සාක්ෂිකරුවන්ට මාර්තු 9 වෙනිදා අධිකරණයේ පෙනි සිටින ලෙස සිතාසි නිකුත් කළේය.