මනෝප්රිය ගුණසේකර
පසුගිය ජනපතිවරණ සමයේ ලක්ෂ 365 ක් වටිනා ජිඅයි යකඩ බට බෙදාදීමෙන් එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජුනි 4 වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන චෝදනා තිබුනත් ලංකාවේ ඡන්ද ක්‍රමය ගැන මනා අවබෝධයක් තියෙන දෙශපාලකයෙක්.
මේක නම් පුදුම රටක්. රු. 20 ක් පිංකැටයකින් ගත්ත දුප්පතාට අවරුදු 10 ක් හිරේට මුළු රටම උකස් කර හොරකම් කරපු මිනිස්සුන්ට රටේ පාලනය .
එතකොට කෝ අර පිහිටුවනවා කිව විශේෂ අධිකරණ? ඒවාත් අද නෙවේ හෙටද නැත්නම් පිහිටුවන්නේ අඹ ගෙඩි තුනක් කඩපු "කේස්" අහන්නද? බලය දුන්නොත් මාස හයෙන් සේරම හිරේ දානවා කියල නේ කියන්නේ. ජුනි වෙන කොට එකෙන් මාස හතරක්ම ගෙවිල. මේ විධිහට ගියොත් පළාත් පාලන මැතිවරණයේදී දෙයි පිට සක්වලටම දුවන්න.
මේ මිනිස්සු හොරු කියන්නේ රජයේ දෙයක් හොරකම් කර ගෙදර ගෙනිච්චාට නොවෙයි. ඒවා ජනතාව අතර බෙදා දුන්නාට... තමන්ට නොලැබුණු හින්දා දීපු මිනිහාට හොරු කියනවා. හොරකම තිබෙන්නේ ඔතන නොවෙයි. බලන්න ඉඩම් වැඩිවුණේ කොහොමද? බැංකුවේ සල්ලි වැඩිවුණේ කොහොමද කියලා. අනාගතයේ තමන්ට එන හොර නාමයන් වසන් කරන්නයි මේ හදන්නේ...
තිබුණු සහ දැන් තියෙන දේවල් බලන්න යන්න ලොස් ඇන්ජලස් වලට, එතකොට දැනගන්න පුලුවනි හොරකම් කලාද ? නොකලාද ? කියලා.
"මිස්ටර් ටෙන් පර්සන්ට්" කියල අන්වර්ථ නාමයක් හදා ගත්තේ රජයේ දේවල් මහජනතාව අතර බෙදා දුන්න නිසා වෙන්න ඇති නේද බමුණුආරච්චි මහත්තයෝ. අපි දැකල තියෙනවා පාසි කුඩා, අරුගම්බේ, කල්කුඩා වගේ වෙරල බඩ ලස්සන තැන්වල එකකට අක්කර 10 ගානේ රජයේ ඉඩම් අරගෙන හදල තියෙන අධි සුකොපභෝගී තරු 5 හෝටල්. සමහර ඒවායේ අපි ඉඳලත් තියෙනවා. විල්පත්තුව මායිම් වන්නට මුහුනද අයිනේ තවත් හෝටලයක් හදන්න සුදුසු බිමක් සෙවීමට යන්න කැලේ කප්පාදු කරලා හෙලිකොප්ටර් යානය බැස්සවීමට සකස්කළ තැනක් අපි දැකල තියෙනවා. අර රඹුටන් හැදෙන පැත්තේ කාටවත් අයිති නැති මාලිගාව, තද උනහම පැනල යන්න තියෙන අමෙරි කාවේ මාලිගා? මේවාත් පරණ කරපු පින් වලට ලැබිච්ච දේවල් වෙන්න ඇති නේද? අපට නැනේ එහෙම පින්.
දැන් ඔය ආණ්ඩුවේ ඉන්න එක අමතියෙක්ටවත් Andy දැම්මද ? මේ ඔක්කොම දේශපාන වැසි ගැනීම සදහා කරන දේවල්
පද්මිණි මම කාටවත් කඩේ යනවා නොවෙයි. එසේ නැතිව මම ඉදිරිපත් කරන කරුණු සාධාරණ හේතු දක්වා නිෂ්ප්රභා කරන්න. වැඩේ ඒ තරමට සිම්පල්. මම කිසිම විටෙක කවුරුවත් කඩේ යනවා යයි කියන්නේ නැත. නමුත් ඔහුට හෝ ඇයට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනවා පමණි. පුළුවනිනම් ඒ ආකාරයට වාද කරන්න.