හිටපු ආර්ථික ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ගම්පහ ඔරුතොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ බඩුද පොලිස් ආරක්ෂාවද ඉවත් කරයි.
පෞද්ගලික ව්‍යාපාරිකයකුට අයත් බව කියන ඉඩමක හිටපු ඇමැති මෙම ගෙය ඉදිකර ඇතැයිද ආණ්ඩු වෙනසත් සමග වරින්වර කාර්යාලයේ තිබූ බඩු එහි සේවකයන් විසින් ඉවත් කර ඇතැයිද ඉඩම හිමි ව්‍යාපාරිකයාට අයත් ජිප් රියක්ද කාර්යාලයේ ගාල් කර ඇතැයිද පෞද්ගලික ආරක්ෂක ආයතනයකින් රැකවළුන් එහි රඳවා ඇතැයිද දැනගන්නට ඇත.
බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 9 වැනිදා ඇමරිකාව බලා පිටත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරලිය ගහ මන්දිරය පෙර සිටම අගමැති නිල නිවස ලෙසයි පැවතුනේ. ඒ දේවල් පවා වෙනස් උන හැටි දහම් ට මතක නැතිව වගේ. (නදී)
මට නම් පිස්සු වගෙයි (නි)
දැන් හැමදේම එළි වෙනවා නේද?(දිල්)
මොකද මේ වෙන්න යන්නේ.(හේ)
රූපසිංහ මහත්මයා, ඔබ හොඳ ලස්සන උදාහරණ දෙකක් කියලා තිබෙනවා. ඔයා වගේ තමයි මමත් ඔය වුණ දේ ගැන හිතන්නේ.ඔබට සුබ දවසක්! (නි)
බලමුකෝ තව ඉස්සරහට... (නි)
අවුරුදු 5ක් පිටරට දුක්විඳලා හරිහම්බ කළ මම දෙවියන්ට කිවුවේ "අනේ බැරි වෙලාවත් ඔය කෙනෙකුට මගේ නිවස තිබෙන පැත්තෙන් යන්න හිතක් පහළ නොවේවා" කියලා.ඇයි කියලා කියන්න ඕනෑ නැහැනේ. (නි)
තවත් අවුරුදු කිහිපයක් ගියා නම් අපිට ඉතියෝපියාවකට ,සෝමාලියාවකට, බංගලිදේශයකට .... ඉන් එහාට ගිය රටක් තමයි ඉතුරුවෙන්නේ. (නි)
සත්‍යපාල මහත්තයාට, ටිකිරි බණ්ඩා හා තිලක් ඩුබායි යන නම් වලින් ලියන එකම තැනැත්තාට ඇතුළු මෙකී නොකී ප්‍රතිවාදී සැමට යහපාලනය ලැබිලා තිබෙනවා.හෙට පිවිතුරු හෙටකුත් ලැබේවි.සැමට සුබ පැතුම්! (නි)
අනේ මොනවද මේ වෙන්නේ ? (නදී) ......
එහෙම නම් චන්ද්‍රලතාලා රුපසිංහලා කියන්නේ හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබෙන නිසා මේ රටේ කිසිම නීතිවිරෝධී , සමාජ විරෝධී වැඩක් ගැන සොයන්න අවශ්‍ය නැහැ කියලා වෙන්න ඇති. (නි)
රජයේ බදු මුදලින් හැදුව මේ ගෙය අයති වෙන්නේ ව්‍යාපාරිකයාට. නොමිලේම මාලිගාවක්. රාජ සන්තක කරන්න ඕනේ මේවා ඉඩමේ වටිනාකම පමණක් ගෙවල. (ස)
අරලියගහ මන්දිරය ජනපති නිල නිවස උනේ කවදාද මතක් කරන්න. ඔයාට මතක නැති වෙලා හින්දයි කියන්නේ.(හේ)
මේ නිවාස පමණක් නොව අවට නිවාසත් පාවිච්චි කළා. (හේ)
අපි නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා අනේ! (නි)
දැන් හොරු දුෂකයෝ මංකොල්ල කාරයෝ ඔක්කොම ඉන්නේ පරාද උන පැත්තේ විතරමද? එතකොට දිනපු පැත්තේ හොරු ඇත්තෙම නැද්ද? ඔක්කොම සිල් අරගෙනද? රහත්වෙලද? (ස)
සමෘද්ධි ව්‍යාපාරය තුළින් ජන පිබිදීමක් සිදුකළ බැසිල් රාජපක්ෂ මහතාට අපගේ ප්‍රණාමය! (නි)
කොහොමද රූපසිංහ ඉතින් ඒගොල්ලන්ට නඩු දාන්නේ? ෆයිල් ටික නැහැනේ. ඔයාවත් ගිහිල්ලා ඒ ෆයිල් ටික එළියට දාන්න කියන්නකෝ. (නි)
එහෙම කාර්යාල අනිත් පක්ෂවලට තිබුනේ නැද්ද? එ්කේ ඇති වැරැද්ද මොකක්ද? (නදී)
මෙයට වසරකටත් වඩා පෙර සිට රජය විනාශය කරා යන බව සාස්තරකාරයෙක් නොවන මා දුටුවෙමි. රජයට නොතේරුණා නම් එවැන්නන් රට පාලනය කළා නොවේදැයි සිතෙන විටත් ඇග කිලි පොලායයි. සේනාදීර, මේ අය කවුද කියලා දන්නවා වගේම ඔය අය කවුද කියලත් දන්නවා. ඔය ගමේ මිනිස්සු පාරට බැස්සේ ඇත්ත කාරණයක් වෙනුවෙන්. එහෙත් ධන බලය,මැර බලය,නිල බලය,දේශපාලන බලය යන සියල්ලම අහිංසක ගම්වැසියන්ට එරෙහිව කටයුතු කළා. රතුපස්වල සටනේ රජයට විරුද්ධ පක්ෂවල අය සිටින නිසා එය ආණ්ඩු විරෝධි සටනක් ලෙස පෙන්වන්නට උත්සාහ කිරීම වරදක්. ඕනෑම සටනකදී ප්‍රශ්නයක් තිබුනද කොටසක් බය පක්ෂපාතකම නිසා ඉදිරියට නොඑන විට බොහෝ විට මතුවෙන්නේ පවතින රජයකට විරුද්ධ පුද්ගලයන්ය. එහෙත් ඔවුන්ද ගමේ සාමාන්‍ය මිනිසුන් මිස ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් උත්සහ කළේ එකමුතුව දැවැන්තයකුට එරෙහිව නැගීසිටිමකි. බොහෝවිට පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමට එන රාජ්‍ය නායකයන් පවා රතුපස්වල ගොස් මිනිසුන් හමුවීමට ඉඩ ඇතිබව මා විශ්වාස කරමි. එසේ වුවහොත් එම ගමේ මිනිසුන් රට පාවාදීමට ගියා කියමින් අපහස නොකළ යුතුය. මෙම ප්‍රශ්නය නොවිසදා මෙතනට ගෙන ගිය නිලධාරීන් සහ බලධාරීන් එයට වගකිව යුතුය. මා පවතින රජයට තවමත් යම් හිතවත්කමක් දැක්වුවද දිනෙන් දින කරන අත්තනෝමතික ක්‍රියා ගැන දැඩි කණගාටුවකින් සිටිමි. ටිකෙන් ටික ගිලෙමින් ගොස් නහය ළගටම පැමිණි පසු ගැලවෙන්නට දගලනවාට වඩා ප්‍රශ්න වලට විසදුම් ලබාදී බොහෝ දුරක් යන්නට නොසිතීම කණගාටුවකි. රතුපස්වල සිද්දිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීහු ගුටි කෑහ. ඔවුන් පසු පස රජයේ බුද්ධි අංශ පැන්නුවේය. ඔවුන්ට විවිධ ප්‍රශ්ණ ඇති කළහ. මේවා දන්නේ ඔවුන්ම පමණි.
කොහොමත් ඉක්මනට බදු ෆයිල් ඉවත් කරාම , ජනතාවට පේන්න කඩා පනින හමුදා යවලා පොඩි සංදර්ශනයක් දමාවි. සැමදා උනා වාගේම ඡන්දෙන් පස්සේ කියපු දේවල් සිදුවන්නේ නැහැ.(නදී)
තව තව දේවල් ඉදිරියට... (නි)
මේකත් උසාවි නියෝගයක් අරන් පරික්ෂා කරලා බැලුවනම් හරි. ඉදිරියේදී කරන පරීක්ෂණවලට අවශ්‍ය ලිපි ලේඛන එහෙම තියනවාද කියාලා . (ස)
මම ඉන්නේ ගමපහ ඇත්තටම මේ ගෙදර හැමදාම මම පහු කරගෙන වැඩට යන්නේ. මේක පක්ෂ කාර්යාලයක් නෙවේ මේක ගෙදරක්. මේකත් රම්ය, සුරම්ය, ශුබ වගේ තිබ්බ මාලිගා වලින් එකක්. මේක පර්චස් 30 ක් දිග ගෙයක්. ඉඩම අක්කරයක් වගේ. ඒ කාලේ තාප්පේ විතරක් හදන්න ලක්ෂ 40 ක් වගේ ගියා. ගෙදර වටිනාකම නම් කියන්න බැහැ. සූර්ය කෝෂ වහලේ පුරාවට පල්ලෙහයෙන් දුවන්න හදපු දාවන පථයත් තියනවා. සුපිරි සැප ගෙයක්. ඔක්කොම බලල පහු කරගෙන යනකොට හිතෙනවා අනේ අපේ සල්ලි නේද මේ කියලා. (නදී)
යහපාලනය කෙසේ වෙතත් මද පාලනයක ආරම්බයද මේ (නදී)
මෙහෙම ගියොත් රටේ තිබෙන ආයතන සියල්ල සීල් කරන්න වෙයි වගේ. (නදී)
ඉතා ඉක්මනින් දුෂණ ගසාකෑම සහ වංචා ගැන තිබෙන පැමිණිලි විභාගයට ගෙන වරද කරුවන්ට දඬුවම් දී ඉවරයක් කරන්න. එක පාර්ශවයකට ආරක්ෂාව සපයන්නත් අනිත් අයවලුන්ට විතරක් නඩු පවරන්නත් යනවා කියලා අපි හිතන්න ඉඩ තියන්න එපා. අපි මේ වෙනසට තුන් හිතින්ම සහයෝගය දුන්නේ රටේ අනාගතය ගැන සිතලා. (නදී)
අත පුච්චා නොගෙන සීරුමාරුවට සිද්ද කරන ගනුදෙනු ගැන මමද ඇස් යොමා බලා සිටිමි. රට විනාශයෙන් විනාශයටම පත් කරපු "මෙගා හොරු" අධිකරණය ඉදිරියට ගෙන එන තෙක් බලා සිටිමි. (නදී)
ඒ අයට කවදා හරි වරදිනවා කියලා දැනගෙන හිටියේ නෑ.(හේ)
මේ සිද්ධ වෙන දේවල් ගැන මහජනතාව දැනුවත් කර විනිවිද භාවයෙන් යුක්තව අදාල ක්‍රියාමාර්ග ගත්තොත් නේද හොඳ ? (හේ)
රජ සැප වින්දා වගේ නෙමෙයි.කළ දේවල් වලට දැන් දුක් විදින්න වෙලා.(හේ)
සත්‍යපාල ඔබට කලින් විජයදාස රාජපක්ෂ මහතා මස 8න් ඒ අනාවැකිය කියා තිබේ (නදී)
පුද්ගලික දේපල රැසක් බලහත්කාරයෙන් අත් පත් කරගත් අවස්ථා ගැන අපිට ආරංචි වී තිබෙනවා. මේවා සොයා බලා නියම අයිතිකාරයන්ට ඒ දේවල් නැවත ලබා දෙනවා නම් හොඳයි. (නදී)
සරසි, අලුත් එක්කෙනා එතනට යන්නේ නැත්තේ ඇයි කියලා අපි නම් දන්නවා (නි)
දහම් අනිත් අයට කාර්යාල තිබ්බා. නමුත් බලෙන් අනුන්ගේ දේපල අත්පත් කරගෙන නොවේ. ඔබ පහුගිය වසර 3,4 හිටියේ වෙන ග්‍රහ ලෝකෙකද ? (නදී)