දොම්පේ මාපිටිගම අක්කර 16ක ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී යැයි සැකපිට ඇප පිට සිටින ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද ගිලන් රියෙන් අධිකරණයට ඉදිරිපත් විය.
මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ගිලන් රිය අසලට පැමිණ ඔහු නිරීක්ෂණය කළේය.
පැමිණිල්ල සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නැතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය දැන්වීය.
සෑම මසකම මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයේ පෙනී සිටින ලෙස පැණැවූ ඇප කොන්දේසිය ලිහිල් කළ මහේස්ත්‍රාත්වරයා මාස දෙකකට වරක් එම කොට්ඨාසයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
වැඩිදුර විභාගය ජනවාරි 10ට කල් තැබිණි.
COMMENTS
තවමත් මේ ආණ්ඩුවට කඩේ යන අය ලංකාවේ ඉන්නවා ...(බ)
ඔහොම ලිහිල් කරලා, ලිහිල් කරලා අන්තිමට ඔන්න නිදහස් කියලා දුවන්න කියාවි. (බ)
වංචා දූෂණ කළා මදිවට දේශපාලකයින් රටේ නීතියත් විහිළුවක් ලෙස සළකන්න පටන්අරන්. (නි)
මේවා ඇහෙනකොට අපිට පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ අපි ගැනම (නි)
මේ අය තවත් නඩත්තු කරන්නේ මහජන මුදලින්. කරුණාකර මේ ප්‍රවාහන ගාස්තු ඒ අයගෙන් ලබාගත හැකි ලෙස නීති වෙනස් කරන්න (නි)
අපිට සහ අපේ දරුවන්ට ජිවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කාට අයිති වුණ රටකද කියල හිතෙන කොට පුදුම දුකක් ඇති වෙන්නේ.(ම)
දරුණු ගනයේ දුෂණ වංචා විමර්ශනයට විශේෂ වූ විදෙස් විනිසුරුවන්ගෙන් සැදුම් ලත් අධිකරණයක අවශ්‍යතාවයක් දැන් තියෙන්නේ. (ම)
තවමත් රටේ බත් කන හරක් තේරුම් නොගත්තට රටේම ඉඩම් ටික,මර්මස්ථාන ටික,අධිසුකොපබෝගී නිවාස ටික රාජපක්ෂලාගේ තමයි. (ම)
මේවා දකිනකොට අපි අපිටම බූවල්ලෙන් ගහගන්න හිතෙනවා (නි)
රිමාන්ඩ් කිරීමත්, ඉන්පසුව අසනීපවීමත්, ගෙවන වාට්ටුවේ රිමාන්ඩ් සුවය විඳීමත්, ඇප ලැබුනු සැනින් අසනීප සුවවීමත් යන නාටකය නරඹා තිත්ත වී සිටින ජනතාව මේ විගඩම සම්බන්ධයෙන් කළකිරෙන්නේ බැසිල්ලා කෙරෙහි නොව යහපාලන ආණ්ඩුව කෙරෙහි බව රට කරවන නායකයන් දැනගත යුතුය (නි)
රාජපක්ෂලා දේශප්‍රේමී කියල විරාජමාන වුනේ ඉස්සර අසරණ මිනිසුන්ට දැන් වගේ තොරතුරු දැන ගැනීමට තිබුන අවස්ථාව අඩු නිසයි.ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ වගේ (බ)
හොදට හොයල බැලුවොත් තේරේවි,ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාව,ශිෂෙල් ඇතුළුව මුළු ලෝකෙම රාජපක්ෂලාගේ......(බ)
නිම්මි, ජනහිත, ධම්ම, ඔබලාට සතුටුද? (නි)