නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම පිලිබඳ වැඩිදුර විභාගය ලබන ජූනි 04 සහ 05 දිනට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) තීන්දු කළේය.
දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට ඔහු ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ් බාරයේ සිටිති.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,ප්‍රියසාත් ඩෙප් සහ රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති ,අමාත්‍ය මණ්ඩලය ,මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති , මැගසින් බන්ධනාගාර අධිකාරි ,නිතිපති ඇතුළු 45 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙත්සම් වර්ගය ගැන මරුසිරා දැනගෙන හිටිය නම් අද ඔහු තවමත් ජීවත් වෙනවා. (නදී)
ලංකාවේ මෙතෙක් පවතී නීතියට අනුව හිරේ විලංගුවේ වැටෙන්න කලින් හිර කුඩුවේදී පොලිස් මහතුන්ගේ සංග්‍රහ වලින් ඇඟ පත සම්භාහනය කර ගෙන වසර ගණනාවකට සිර බත් කන්න නම් පොහෝ -සතෙකුගේ වත්තකින් කෙහෙල් කැනක් කපා ගත්තා නම් හොඳටම ඇති. එහෙත් ඒ පොහෝ- සතාම හිඟන්නාගේ බෙලෙක්කේ තියෙන සතෙටත් විද්දා නම් ඇමති කමක් ලැබීමට තරම් වාසනාවන්තයි. නිදහස කියන අති පාරිශුද්ධ වචනය පවා කෙලෙසුනේ මෙන්න මෙතනදීයි.(නදී)
එක් අරමුණකට පරිහරණය කිරිමට වෙන්කර තිබූ අරමුුදලක් එය නැවත සම්පූර්‍ණකරණ තෙක් වෙනත් කාර්යයක් සදහා කෙටිකාලීනව යෙදවීම බරපතල මූල්‍ය වංචාවක් නොවන නිසා, බැසිල් රාජපක්ෂ මහත්මයාව හැකි ඉක්මනින් ඇප මත නිදහස් කිරිමට සලකා බලන මෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (බ)
අනේ මේ චෝදනා හැබැවටම ඇත්තද? වෙලාවකට හිතෙනවා එක කට්ටියකට විතරද මෙහෙම කියල රවී ගේ විදෙස් මුදල් වංචාවෙන් නිදහස්, මහා බැංකු අධිපති එයත් ගොඩ. බැසිල්ලා, ජොනි තාම ඇතුලේ, චෝදනා ඔප්පු කරලා නැ. මොනවද පොලිසිය කරන්නේ. (බ)
මෙයාලා සල්ලි ගහනකොට ශ්‍රී ලංකාවේ නීතියක් තිබුනාද කියාවත් නොදැනනයි ක්‍රියාකළේ. කිසිම ලැජ්ජාවක් බයක් නැතුව වැරදි කළාට හැමදාම නත්තල් නැහැනේ ආයුබෝවන්! (නි)
බණ නම් නිබොරුය මුණිවරයන්ගේ. කරන කළට පව් මහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිණිසේ. (ම)
සත්‍යාගේ කතාවනම් නියමයි. ඒක තමයි ලංකාවේ තත්වය.(හේ)
පොකට් කාරයෝ, කසිප්පු මුදලාලිලා, කෙහෙල් කැන් හොරු ඔය වගේ මානව අයිතිවාසිකම් පෙත්සමක් දාලම වැඩේට බැස්ස නම් හිරේ යන්නේ නැති වෙයි නේද ආයිබෝන්?(හේ)
තමන්ට ඕනේ විදියට මුදවා හරින්න කියන මේ පෙත්සමට ඉඩ දුන්නොත් අනෙකුත් සිරකරුවන්ටත් තම අයිතිවාසිකම තිබිය යුතුයි ..එතකොට ඔක්කොම සිරකරුවන් එළියේ ..හරි ෂෝක්....(බ)