මහින්ද රාජපක්ෂ තම සහෝදරයාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් ඔහුගේ ඡන්ච ව්‍යාපාරයේ ප්‍රධානියා වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් අද පෙරවරුවේ ඉල්ලා අස් විය.
මේ පිළිබදව දැනුම් දෙමින් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වෙත ලිපියක් යවමින් බැසිල් මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවයි. බැසිල් දැනට සිටිනුයේ ලොස් ඇන්ජලීස් නුවර ඔහුගේ ගෙදරය.
ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂ නායකයින්, සාමාජිකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පලකර ඇති බැසිල් මහතා විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු සියළුම නිළධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බව කියා සිටී.
ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්තිසහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියළුම රජයේ නිළධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින් මෙන්ම සංවිධානයට ක්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තනතුරේ හිටියත් ඒ අයට ඕනේ දේ කරන්න බැරි නිසා අයින් වෙලා යන්න ඇති.(හේ)
දැන්වත් තේරුන එක ලොකු දෙයක්.(හේ)
රටේ සිටින නායකයන් හෝ සිවිල් වැසියන් රට ගැන සිතීම කෙසේ වෙතත් තම තමන් ගැන සිතන බව පේනවා. පක්ෂ හෝ පාට මාරු වුනාට පෙර රජයේ අතපසුවීම් විවාදයෙන් පමණක් නිවැරිදි කිරීම හෝ යහපාලනය යටතේ සිටින පනින කට්ටිය පිරිවරාගෙන රටේ පොදු යහපත ඉටුකරන්නට හැකිවෙයි කියා සිතීමට නොහැක. කියවීම හා උද්දාමය නවත්වා රට වෙනුවෙන් හා පොදු ජනයාගේ අනාගතය සාර්ථක කරගන්නට පොරොන්දු වූ පරිදි කටුතු කරන්නේ නම් මැනවි (නදී)
එයාලා කළ දේවල් ජනතාව දන්න නිසා එහෙට වෙලා ඉන්න එක රටට හොදයි.(හේ)
මට මේ වගකීම භාරගන්නවා කියන එක තේරෙන්නේ නැහැනේ. ඒක භාර ගත්තා නොගත්තා කියලා ප්‍රතිඵලයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැනේ. (ර)
රජකම් කළත් කළකම් පලදෙනවා දෙනවාමයි! මෙම කර්ම විපාකය ගැන අවබෝධයක් ඇතුව වැඩ කළොත් කාගේ කාගේත් ඇඟට ගුණයි (නි)
කෝ මේකේ අර සාස්තර මාමා ට ට ස්තුත්යි කියල නැහැනේ වැඩේ කැතයි අපි නම් මුලින්ම ස්තුති කරන්නේ එතුමාට තමයි (බ)
පරම්පරාගත බුදලයක් කියල දෙයක් නොතිබුන වෘත්තීය හෝ උසස් අධ්‍යාපන සුදුසුකම් සහ එයින් උපයාගත් ආදායම් නැති සමහර දේශපාලකයන් කෝටිපතියන් වෙලා ඉන්නවා. හැබැයි ඉතින් අපේ කට්ටිය නම් කියන්නේ අනේ කමක් නැහැ කියලා. (නි)
මානවී, බොහොම දෙනෙක් එයාලට රැවටිලා තමයි ඉන්නේ.(හේ)
මොකද මේ මිනිස්සු මෙතරම්ම කුහක. තාම එක වැරැද්දක් වත් ඔප්පු වෙලා නැහැ. ඔය සහෝදරයෝ එකමුතුව නොසිටින්න අද මේ රට මොනවගේ එකක්ද.(හේ)
පක්ෂයට සහ සහෝදරයට පින් සිදුවෙන්නට රට කාලා හම්බකරන් පැන්නා මදැ ඔහොමයන්,...(අ)
ජනාධිපතිතුමාට මේ වගේ පරාජයත් අත් වීම පිළිබඳව මේ කවුරු කවුරුත් වගකිව යුතුයි (දිල්0
නව ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ජනතාවට කිව්වේ සියලු හොරුන්ව ලුහුබැඳ අල්ලා දඬුවම් දී හොරා කාපු මුදල් ආපසු ගන්නවා කියාය. මේකත් අර එල් ටී ටී ඊ නැව් වලට වුනා වගේ වෙයිද? (බ)
ඔය මහා ලොකු චන්ද්‍රිකා නෝනා ගේ එංලන්තෙ තියන මාළිගාව හොයන්න කියන්න කව්රුත් නැද්ද (බ)
සිංහල බෞද්ධයන්ට පහර වදින විදියට කොෆි අනන් ගේ හිතවතෙක් මහා බැංකුවේ අධිපති කරලා දැනටම. තව ඉස්සරහට තේරේවි කබලෙන් ලිපට වැටුණු බව. (නදී)
එහෙනම් අපිව දාලා ගියා නේද?? (නි)
සහෝදරයෝ කොහොමද විපතකදී දාලා යන්නේ. (නදී)
තමන්ගේ පරාජයේ වගකීම එක එක්කෙනා පිට පටවල වැඩක් නැහැ. පරාජය ඇරඹුණේ පුතාලට ඕන විදියට සෙල්ලක්කාර වැඩ කරන්න ඉඩ දුන්න දවසේ ඉඳන්. අඩු වශයෙන් අර පුජනිය තැනක කාර් රේස් පවත්තමින් නැට්ටුක්කාරියන් නටවමින් කල වැඩේ වත් එපා කියන්න දිව නැමුනාද ? බාලිකා පාසල් වලට කඩන් පැනල ගැහැණු දැරිවියන්ට නටන්න කතා කරනවා. මේවා කලේ බැසිල් මහතාද ? (නදී)
මෙවර ජනපතිවරණය සාධාරණව පවත්වන්න කටයුතු කළහැටි රටම දන්නවා. මැතිවරණ කොමසාරිස් තුමා සහ කාර්ය මණ්ඩලය සාධාරණ ලෙස කටයුතු කල නිසා මැතිවරණ ප්‍රතිපලය නිවැරදිව ලැබුනා. ස්තුති කරන්න ඕනේ එම නිලධාරීන්ටයි. ඔබතුමාලා කරන්න ගිය වැඩේ අපි දන්නවා. අනේ, තවත් කට මැත දොඩන්නේ නැතුව ඔහෙටම වෙලා ඉන්න බලන්න. (නදී)
ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්තිසහගතව පවත්වා දුන් මැතිවරණ කොමසාරිස්තුමාහට ස්තුතියක්. එතුමා නොසිටින්න අද මේ රට මොනවගේ එකක්ද.(හේ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. තේරෙයි ඉදිරියට (නි)
මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූවයි කියන මනුෂ්‍යා මොන තරම් නිහතමානිද ? නේද ? (නදී)
අනේ ඉක්මනට ලංකාවට එන්නකෝ. මෙහෙ බොහෝ උදවිය බලා ඉන්නවා ඔබතුමා එනකම්.(නදී)
ගහපු සල්ලි වලට කව්ද වග කියන්නේ? ජේ.වී.පී එක අල්ලස් හා දුෂණ විමර්ශනයට පැමිණිලි කරලා තියන්නේ. (නදී)
රාජපක්ෂලා යුද්දය අවසන් කලේ ඔවුන්ගේ ජීවිතයට අවදානමක්ද රැගෙනයි. යුද ජයග්‍රහණයට අයිතිකරුවන් බොහොමයක් සිටියත් කොටි සංවිදානයට උවමනා රාජපක්ෂලාගෙන් පලිගැනීමට බව හැමදෙනාම දන්නවා. එක ඡන්දයක් පැරදුන පමණින් ඔවුන් දේශපාලනයෙන් ඉවත් විය යුතු නැහැ. වැරදි කර ඇත්නම් ඒවාට දඬුවම් ලැබෙයි. මේ රටේ සිටින සියලු දේශපාලකයන් අතින් කිසිදා වැරදි සිදුවී නැතිද? (නදී)
තමුන්ගේ බල ප්‍රදේශයේ රතුපස්වල විරෝධය වෙලාවේ ගජ මිතුරු කැසිනෝ රජා වෙනුවෙන් විරෝධකරුවන්ට වෙඩි තියපු දවසෙම දැනගත්තා විනාශය අද හෙටම කියලා. ඒ දරුවන්ගේ ශාපය තමයි ඔය ඵලදුන්නේ. (නදී)
ඔබ ආයෙත් නොඑන තරමට අපි නම් බොහෝ කැමතියි. ඔය හොඳටම ඇති. පින් අත්වනවා ඇත. (නි)
අව්‍ුරුදු දෙකට කලින් ඡන්දෙ තිබ්බ එක මේ රටේ ජනතාවගේ මහා භාග්‍යයක්. අවරුදු දෙක හිටියා නම් ලංකාවේ මිනිසුන්ට රටක් ඉතිරිවන්නේ නෑ. රට බේරලා දුන්න සරත් ෆොන්සේකා මැතිඳුන්ට බුදු සරණයි. (නදී)
ඔබතුමා දන්නේ නැහැ. ප්‍රාදේශීය නායකයෝ අයියාට සහාය නොදුන් බව. (නදී)
මම ලනුවක් දුන්නේ රට බේරා ගන්න ඕන නිසා. බැසිල් කෝටිපතියෙක් උනේ දුප්පත් මහජනයාගේ මුදල් වලින් (නදී)
මිනිසුන් බුද්ධියෙන් තොරවෙන තාක් මේ ගොල්ලන්ට එය ඉල්ලමකි. (නදී)
ඔබතුමා රට පැන්නාට කමක් නෑ හොරකම් කරපුව අපහු දීල (නදී)
ඔබතුමාට බාර ගැනීමට තව ගොඩක් වගකීම් තියෙනවා. ලංකාවට එන්නකෝ. අල්ලස් හා දුෂණ කොමිසම ඇහැ ගහගෙන ඉන්නේ. (නදී)
වරදක් කර නැත්නම් මොන හේතුවකටද රටින් යන්න ගියේ? අනෙක් බොහෝ දෙනාගේ වැරදි වැඩ නිසා අවසානයේ දඩුවම් ලැබුවේ මහින්ද මහතා. තවද මෙපමණ කාලයක් ලංකාවේ බොහෝ අය දැනගෙන හිටියේ නැහැ මොහුට ඇමරිකාවේ ගෙයක් තිබෙනවා කියලා. සමහරවිට මීට වැඩි දේවල් ඉදිරියට එළිවෙන්න පුළුවන්. (නි)
හැමදේම විවෘත මනසකින් දකින්න. පක්ෂග්‍රාහී වෙන්න එපා (නදී)
අනේ ඔයාලා මේකට කලබල වෙන්න එපා. මේ මත්තලට පොඩ්ඩක් එහා තැනක්නේ! ඉඩම් වැඩිය ගණන් නැතිලු මෙහෙ (නි)
දැන් එහේ ඉඳගෙන කතා කියනවා.එයා නම් ආයෙත් ශ්‍රී ලංකාවට එන එකක් නැහැ මම හිතන්නේ (නි)
දැන් ඕවා කියලා වැඩක් නැහැ. මහජන මුදල් කෑවා නම් වමාරන්න (නදී)
නුඹ අද ඇමරිකාවේ පුරවැසියෙක් හා ධනවතෙක්... කොහොමද එහෙම වුණේ? (නි)
දැන් වගකීම ගත්තට වැඩක් තිබෙනවද? අපිට මහින්ද මහත්තයා අහිමිවුණෘ (නි)
රාජපක්ෂ පවුල වැරදි කලා. අද ඒකට ජනතාව දඬුවමක් දුන්නා. එය එසේ විය යුතුයි. හැබැයි මතක තියාගන්න. ඔය සහෝදර ශක්තිය තිබුනේ නැතිනම් අදටත් මේ රට ලේ විලක්. (නදී)
ඔහොම ප්‍රීතිවන්න, මේක සොදුරු ලෝකයක් , කිය කිය, අපිත් ලංකාවෙන් යනවා. ඔයාලට සතුටු හිතෙයි, මහින්දට ඡන්දේ දුන්නු උනුත් යනව කියල. තාම වතුර හැලියට දර විතරයි දාල තියෙන්නේ (නදී)
මෙයා ඇමරිකාවේ ජීවත්වෙන්නේ. ඔහුගේ නිවස හා මගේ කිවස අතර සැතපුම් 40 යි. ඔහු මෝටර් රථයක් පාවිච්චි කළා. . අවුරුදු 10 කට විතර කලින් ඉදලා. ඩොලර් 1100 යි. ඒක විකුනන්න හදනවා. කව්රුත් ගන්නේ නැහැ පරණ නිසා. (නදී)
ඡන්දයට කොච්චර බලපෑම් කලාද, දැන් සාධාරණව කෙරුවයි කියලා ස්තුති කරනවා. මොනවාද මේ කතා? (නදී)
රාජ්‍ය නායකයෙකු නැතිව හමුදාවක් කොහොමද යුද්ධයක් දිනන්නේ. (නදී)
පුදුම කලකිරීමක් ඇති වෙන්නේ මේ රන්දික වගේ අයගේ කොමෙන්ටු දැක්කහම. (නදී)
සුප්‍රා, සීතල වතුර එකක් බොමුද ? (නදී)
එතකොට දැන් සමෘර්ධි බැංකු වලින් අතුරුදහන් වූ කෝටි, ප්‍රකෝටි සල්ලිවල වගකීම බාරගන්නේ කවුද? ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් ලොස් ඇන්ජලිස් වල හොඳ ආශ්චර්යමත් ජිවිතයක් ගත කරන්න පුළුවන් නේද? අපිට ගහන්න ඕනේ ගස් බැඳලා මඩු වල්ගෙන්. (නදී)
ඇයි දැන් එපාවෙලා.... (නි)
ඔය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ වැඩි දෙනෙක් කියන්න පටන් අරගෙන නේද පරාජයේ වගකීම තනිකරම බැසිල් බාරගත යුතුයි කියලා. මේවාට උත්තර දෙන්න එයා නැවත නොඑන පාටක් තමයි මට නම් පෙනෙන්නේ. ඇමරිකාවට ගියාට පස්සෙද පරාජයේ වගකීම බාරගන්නේ. (නි)
ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්ති සහගතව පවත්වා ගැනීම වැළැක්වීමට කටයුතු කළේ කවුද කියල මම මේ කල්පනා කළේ (බ)
නිමල් , රන්දිකගේ අදහස් දැක්කහම නෙමෙයි කළකිරෙන්නේ. වෙන්න යන විනාශය පෙනෙනකොටයි. දැන් ඉතින් බලා සිටිමු. වෙන කරන්න දෙයක් නැහැ. කොහොම වුණත් අපේ මිනිසුන්ට විපාක ලැබෙයි. (නි)
ඔය කොහොම කිවුවත් ආයෙත් ලංකාවට එනකොට මල් මාලා දාලා පිළිගනීවි. (නි)
වසර දෙකකට කලින් මැතිවරණයක් ලබා දීපු මිනිහට ස්තුතියක් තියා සඳහනක් වත් නැහැ. ඔහොම තමා, බොහොම ඉක්මනට කළගුණ අමතක වෙනවා. (බ)
සමෘද්ධි බැංකු වල තිබුන සල්ලි වල වගකීම ගන්නේ කවුද ? (බ)
විදේශ රටක ජීවත්වන කෙනෙකුට පුලුවන්ද අපේ රටේ පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු හැටියට රැකියාවක් කරන්න? ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකද? (නි)
බැසිල්ගේ ගෙදර තියෙන්නේ ලොස් ඇන්ජලිස් නම්, ලංකාවේ මෙපමණ කලක් දේශපාලනය කෙරුවේ කොහොමද? (ර)
මුදල් වංචාවලට වරදකරුවන් වී දැනට සිරගෙවල්වල සිටින සියලුම සිරකරුවන් නිදහස් කිරීම සළකා බලන මෙන් අභිනව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමි. (නි)
ලෝකයේ කොහේ හිටියත් එයාලගේ ආරක්ෂාව සහතිකයි (නි)
මහින්ද සර්, දැන ඉතින් ඔබ තුමාත් මෛත්‍රී පිලට එන්න, කතාව එතනින් ඉවරයිනේ. (හේ)
එතකොට කෝ මේ කරන චෝදනා වලට උත්තර? (නි)
අවංකවම පිළිගත් එක හොඳයි (නි)
දැන් ඉතින් හිටියත් වැඩක් නෑනේ.(හේ)