(ෂෙහාන් චාමික සිල්වා)
2014 වසරේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර රුපියල් කෝටි දෙකක් රජයට පාඩු කළැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණයේ අද (15) අධි චෝදනා ගොනු කැරිණි.
ඔහුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප දෙකක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය. ඇඟිලි සළකුණු ලබා ගැනිමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කැරිණි.
නඩු විභාගය තීරණය කිරිම මැයි 24 වැනි දා නඩුව යළි කැඳවිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා හොරා කිවුවට තාම මේ වගේ ඇත්තම වියදම් මිසක් කිසිම හොරකම් කිරීමක් අල්ලලා තියනවද? ඉස්සරහට අමාත්‍යංශේ මුදලින් පාරක් හදල පාඩුවක් කරයි, අමාත්‍යංශයේ මුදලින් ගෙවල් හදල පාඩු කරයි කියලත් නඩු දන්නා බැරි නෑ මේ යන විදියට.
මේ ඉඩම බැසිල් තමා සල්ලි වලට ගත්තේ.ඒක මුළු රටම දන්නවා.අදි චෝදනාවලින් මෙයාව හිරේ යවන්න. නැත්තම් යහපාලනයෙන් වැඩක් නැහැ.
ජාතික ධනය හොරාගෙන කාපු එවුන්ට තවමත් කඩේ යන්න වලිකන්නේ ඇයි?
නඩු දිනවල් පරක්කු කරන්නේ නීතීඥයෝ පොහොසත් කරන්නද?