දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද යළි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඔවුන්ගේ ඇප ඇයැදුම එදිනට සලකා බැලීමට ද නියමිතය.
බැසිල් රාජපක්ෂ අදත් ගිලන් රියකින් ගොස් ගිලන් රියේම සිටියේය.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටලු ලේකම් නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි සෙසු සැකකරුවෝය.
බැසිල් සිටි ගිලන් රියට මහේස්ත්‍රාත් පැමිණියේය. එම ගිලන් රියට මීටර් 50 ක් 60 ක් ඈතින් ප්‍රධාන මාර්ගයේ 100ක් පමණ කාන්තාවෝ විරෝධතා පුවරු ඔසවාගෙන බැසිල්ට පක්ෂව කෑකෝ ගැසූහ.
(ඡායාරූප ඉෂාන් සංජීව)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අගසවුවන්ට රෝගයක් නැතුව ඇති මන් හිතේ. (බ)
බැසිල් මහතා ඔය කියන තරම් ගසා කාලා නෑලු නේද අනේ. මම මේ අහන්නේ බෝර්ඩ් අල්ලන් හිටිය අයගෙන්? (බ)
නීතිය තවමත් දුර්වලයි. ටික ටික තමයි හදන්න වෙන්නේ. (බ)
ආච්චිගේ බූදලය කියලනේ මෙයාල මුලින් හිතා තියෙන්නේ. වැරදුණේ එතැනයි (බ)
මිගමුවෙන්ද දන්නේ නැහැ කට්ටිය ගෙනාවේ.(හේ)
කරන කළට පව් මිහිරය මීසේ - විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (බ)
මෛත්‍රීපාල සිරිසේඅන මහතා දිනන බව රටේ ඉන්න හැමෝම දැන සිටියා, එත් මේ පවුලේ කට්ටිය හිතුවේ දිනන්නේ මහින්ද කියලා.මහින්ද පරදින බව දන්නවානම් මේ අය ඡන්ද ප්‍රතිපල බලන්නේ වෙනත් රටක ඉඳලයි, සුමනදාසව විස්වාස කරලා මේ අයට වැරදුනේ මෙතැනයි. (ස)
මහින්ද රාජපක්ස විනාසකල ලොකුම හොරා. (ස)
ඔය බෝඩ් අල්ලාගෙන ඉන්නේ බොහොම බුද්ධිමත් ජනතාව. (නි)
කොහෙන්ද මේ නල්ලමලේ කාන්තා සෙට් එක පාත් වුනේ. මට නම් ලැජ්ජාවේ බැහැ කුලියට අඩන හැටි දැක්කම. (නදී)
බවලත්තු විතරනේ.ජයවේවා ...! (නි)
ලංකාවේ කාන්තාවෝ මැදිවයසට එනකොට මෙච්චර මහත්වෙන්නේ මොකද? (නි)
කොටින්ගෙන් මුදල් අරගෙන රට පවා දුන් පිරිසක් හිටපු අපේ රටේ මුදලට දුෂිතයන් ආරක්ෂා කිරීමටද මෙවැනි පිරිසක් සිටීම පුදුමයට කරුණක් නොවේ. (බ)