ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ලෙස පසුගිය රජයේ කටයුතු කළ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, හිටපු භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහත්වරුන්ටත් තම තනතුරු අහිමිවිය. කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිට පසුව දේශපාලනයට පිවිසි විනයාගමර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරය ද අහිමිවිය. අද සවස බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලය පත්කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැසසිය යුතු තීරණයක්, පරණ නායක දෙන්නත් විශ්‍රාම යවල දැම්ම නම් වඩාත් වටිනවා. අවංක පක්ෂයට ආදරය ඇති නවක අය පත්කර ගත යුතුය (නදී)
සුදුස්සාට සුදුසු තැන (නදී)
සුදුස්සාට මේ අවස්ථාවේදී සුදුසු තැන් ලැබී තිබෙන බව මේ රැස්වීමේදී අපට පේනවා. බැසිල්ට තැනක් නොලැබීම ගැන අපට කණගාටුවක් නැත. මේ මනුස්සයා දැන් රටේවත් නැතිකොට, එයාට පක්ෂයේ තනතුරු දීමෙන් වැඩක් තිබේද? රටටවත්, පක්ෂයටවත් ආදරය කරන සහෝදරයා ඡන්දෙ ඉවරඋන ගමන්ම රටෙන් පැන්න එකම ඇති නේද? (නදී)
කරුණා අම්මාන් ඉවත් කිරීමට සිදුවුණේ ඇයි කියලා අපි දන්නවා (නි)
රෝයිගේ අදහසට මමත් එකඟයි (නි)
ශෝක් නේද ? (නදී)
මේ සුබ ආරංචිය දැනුයි ගෙනාවේ, අනේ අනිච්චං වෙච්ච දෙයක් (නදී)
ඕවා මොනවද? නරක කාලය ආවිට විෂ්ණු දෙවියෝ පවා බට කොළ කෑවේ (නි)
කරුණා බයවෙන්න එපා මැදමුලන කුස්සිය ඔබට මුල් තැනට ඉඩ තියෙනවා (නදී)
කරුණ අම්මාන් ඉවත් කිරීම ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතිවාදී මාවතකට යොමුවීමක් ලෙසයි දකින්නේ. ඔහු කල වැරදි තියෙනවා. දුෂන වංචා චෝදනා තියෙන සිංහල අයට තනතුරු දරන්න පුලුවන්නම් කරුණා අම්මාන් තනතුරු දැරීමට නුසුදුස්සෙකු වෙන්නේ ඇයි. ? සිංහල හොරුන් ( කුඩු , කුට ලේකන) අධිකරණයකින් වැරදිකරුවන් බවට පත් නොකර නිකරුනේ චෝදනා කරන්න එපා කියල කියන අයම කරුණ අම්මාන් පක්ෂ තනතුරු වලින් නෙරපීම ඉතාම අසාදාරණයි. මෙතෙක් කල් වර්තමාන විපක්ෂ නායක තුමත් එක්ක හිටපු කෙනෙක් නේද? මම කරුණ අම්මාන් පිරිසිදු චරිතයක් කරන්න යන්නේ නැහැ. රටේ ප්‍රධාන කුඩු ජාවාරම් කරු අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි තවම නැහැ. .නමුත් ජනතාව දන්නවා ජාවාරම්කරු කවුද කියලා. මම කියන්නේ කරුණා අම්මාන්ද එවැනි පසුබිමක සිටිය යුතුයි කියලා. වෙනස් මුහුණු වරකින් බැලුවොත් පමණයි වෙනස් තීන්දු තීරණ ගත හැක්කේ. (අ)
රෝයි, කරුණ අම්මාන් නැතුව තනතුරු දෙන්න සුදුසු වෙනත් ද්‍රවිඩ ජාතිකයකු ශ්‍රීලංකා නිදහස් පක්ෂෙයේ නැද්ද? (අ)
මේ කරුණට හැමෝම අම්මාන් කෑල්ල යොදන්නේ ඇයි? අම්මාන් කියන්නේ දෙවිඳු කියන එකයි. කොටි සංවිධානයේ නායකයන්ට මෙහෙම නම් වලින් හැදින් වුයේ පහල සාමාජිකත්වයේ ගෞරවය ලබා ගන්නයි. කරුණ අම්ම්මන්, කපිල් අම්මාන්, පොට්ටු අම්මාන් වගේ. සිංහල අපිට කරුණ දෙවියෙක්ද? (අ)
රෝයි ගේ අදහස අනුමත කරමි (දිල්)
කරුණ මෑතදි පාර්ලිමේන්තුවේදී නැගු හඬ ..අපේ අයගෙන් පිට උනේ නැහැ ..රට පවා දෙන අය ගැන බැලුවම කරුණ බොහෝ වටිනා පුද්ගලයෙක් (අ)
කරුණා අම්මාන් ඉවත් කිරීම මම දකින්නේ ඔහු පාර්ලිමේන්තුෙවේ කරපු නිර්භීත කතාව නිසයි (නදී)
බැසිල්ට තනතුරු නොලැබුණච එකට නම් මට කිසිම දුකක් නැහැ.පරාජයේදී ජයග්‍රහණ අපේක්ෂා දල්වනු වෙනුවට මේ පුද්ගලයා රට හැරයාම කොතරම් වැරදිද? කරුණා ගැන නම් රෝයිගේ අදහස අනුමත කරමි. (නි)
ගොඩක් හොඳයි. (නි)