(ඩයනා උදයංගනී)
බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් හඳුන්වාදීමට ගත් පියවර ඉතා සාර්ථක බැවින් විධිමත් අධ්‍යයනයකින් පසු එය ඉදිරියට ගෙන යන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙය අලූත් අත්දැකීමක් නිසා මුල් දිනවල යම් යම් ගැටලූ ඇතිවුවත් අද වන විට එය ඉතා සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බව ඇමතිවරයා කියයි.
යම් වැඩපිළිවෙලක් ආරම්භ කරන විට විවේචන හා යම් යම් දුෂ්කරතා ඇතිවීම සාමාන්‍ය දෙයක් බව කී අමාත්‍යවරයා කුමන විවේචන ඇතිවුවත් පොදු ප්‍රවාහන සේවය ඉදිරියට ගැනීම සඳහා ගත යුතු පියවර ගන්නා බව ද ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රමුඛතා මංතීරුවේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල දැනුම් සම්භාරයක් ඇති ඔබට රට වෙනුවෙන් හොද සේවයක් කිරීමට හැකියාව ලැබේවා ..!!
ඇමතිතුමා ඔබ විදුලි ඉංජිනේරුවෙක්, රැකියාව වශයෙන් බර වාහන හෝ මගී බස් රථ පදවා නැහැ. මම සිවිල් තාක්ෂණ සේවා නිළධාරියෙක්. එමෙන්ම සෞදියේ කුවේටයේ බර වාහන මෙන්ම බස් රථත් පළපුරුද්ද ඇත්තෙක් වගේම ලංකාවෙත් රියදුරා නැතිවිට පෞද්ගලික බස් රථයක් පදවා ඇත්තෙක්. මේ රටේ වාහන පදවන්නන් වගේ අමන විදිහට රථ පදවන්නන් සිටින රටක ඔබේ උත්සාහය සාර්ථක වුණොත් එය ලොකු ජයග්රහනයක්. නමුත් එය මනිරාසකුලම් ගමන වගේ හෝ ග්රෑන්ඩ්පාස්බෝධින් වහන්සේට අත් වූ ඉරණම සේ නොවේවා.
කෙලින් තීරණ අරගෙන ඉදිරියටම ගෙනියමු.....
අනේ ඇමතිතුමා... ඔබතුමාගේ මේ වැඩේ නිසා මාර්ග තදබදය දෙගුණ වෙලා... ඕකට තියෙන එකම විසදුම පාරවල් අලුතෙන් හදන එක... අවුරුදු දෙකක් තිස්සේ කොලබ පිටරවුම් පාරට ඔබතුමාලාගේ රජය අත තියල නැහැ... හයිවේ රොබරි කියා කියා හිටියා මිසක් වැඩක් කරලා/වෙලා නැහැ... ඔය බොරු වැඩේ නවත්තලා - මිනිස්සුන්ගේ වෙලාව කන එක නවත්තලා පාරවල් ටික හදන්න... මිනිස්සු දැන් කියනවා ආණ්ඩුවට වගේම ඔබතුමාටත් වැඩ බෑ කියලා...
මාර්ග තදබදයට එකාම විසදුම පාරවල් ලොකු කිරීම නොවේ.........රියදුරන්ගේ විනීත, නීතිගරුක භාවය මෙන්ම ඉවසීම බලපානවා. ලංකාවට විශේෂ උන ප්රශ්නය ත්‍රී wheel මිසක් වෙන මොකුත් නෙමේ........පාර කොච්චර පළල කරත් ඒ පාර පුරාම ත්‍රී wheel යනවමයි.ඒ නිසා අනිත් රියදුරන් අපහසුවටත් ඊට පස්සේ ඔක්කොම අනාගන්න තත්වෙට යනවා............
පෙළපාලි වලටත් වෙනම ලේන් එකක් වෙන් කළානම් හොදයි කොළඹ නගරයට
මාර්ග තදබදයට ප්‍රධාන හේතුවක් වෙන්නේ ප්‍රධාන පාරෙන් අනිත් පසට නිතර සිදුවන පාර හරස් කර සිදු කරන (ක්‍රොස්) පිටවිම්ය . මේවා නිසා මාර්ගයේ සියලුම ලේන් අවහිර වේ. බොහෝ රටවල මෙවැනි පිටවීම් සිදු කිරීමට ඉඩ ලබා නොදේ . ඒ සදහා යම් නිශ්චිත දුරකට ගුවන් පාලම් ඉදිකිරීම් ( මගී පාලම් ආකාරයට) සිදුකර ඇති අතර එක දෙසකට පමණක් ධාවනය සිදුවේ !
ඔබතුමාගේ ක්‍රියා කලාපය තුලින් මාර්ග තදබද අවම කර ගැනීමට හැකිවන බව අපට විශ්වාසයි. සුබ පැතුම්!
ශ්‍රී ලංකාවේ මාර්ග ප්‍රමාණය වෙනත් රටවල් හා සසඳනවිට බොහොම ඉහල ප්‍රමාණයක්. නමුත් නිසි ප්‍රවාහන කළමනාකරණයක් නොමැතිවීම හා ත්‍රී වීල් බයිසිකල් වැනි කුඩා වාහන මෙන්ම මාර්ග නීති පිළිපදින රියදුරන් නොමැති වීම නිසා නිතර අපගේ නගරවල මාර්ග තදබද හා අනතුරු ඇතිවෙනවා. මේ සඳහා මෙතුමා ගෙන ඇති වැඩ පිළිවෙල හොඳ ආරම්බයක්. රටේ අනාගත පරපුරවත් නීතිගරුක වෙනවනම් මෙයට විසදුමක් බලපොරොත්තු විය හැකියි.
මේක හරියට ක්‍රියාත්මක කිරීමට නම් පොදු ප්‍රවාහන සේවය වේගවත් කල යුතුය. ඒ සදහා උදාහරණයක් විදියට පාර්ලිමේන්තු මාර්ගයේ නම් මාලඹේ සිට කොටුව, කොල්ලුපිටිය දක්වා අදිවේගී මන්තිරුවක් තිබිය යුතුය. ඒ මන්තීරුව තුල සියලුම පොදු ප්‍රවාහන බස්රථ ගමන් කල යුතුය. මාලඹේ සිට මිනි. 30 ඇතුලත කොල්ලුපිටියට ළඟාවිය හැකි පරිදි. පොදු ප්‍රවාහන රථ වලට ප්‍රමුකත්වය දෙන පරිදි එතකොට කාර් වල යන අය ඉබේටම පොදු ප්‍රවාහනයට හුරුවේ. පොදු ප්‍රවාහනය කාර්යක්ෂම හා විදිමත් කල යුතුය. කාර්යාල පාසල් ප්රවහයටත් ඉඩ සැලසුනොත් පොදු ප්‍රවාහනය වේගවත් වේ. අලුතෙන් දුම්රිය පාරවල් හදන්න අවශ්‍ය නොවේ. ගුවන් පාලම් අවශ්‍ය නොවේ.
ප්රයිව් බස් එකයි, ලංගම බස් එකයි සෙට් වුනාම ඉතිං ඔය මං තීරු ටිකක් වැඩියෙන් පලල් කරවයි....