(රංජිත් රාජපක්ෂ)

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලු 30 දෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඉන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.

පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්‍රදේශයෙදිය.

ධාවනය වෙමින් තිබූ බස් රථය තවත් බස් රථයකට ඉඩ දීමට යැමෙදි එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙම අනතුර සිදු වී ඇත.

 තුවාලකරුවන් තිදෙනෙකුගේ තත්වය බරපතල බවත්, එම තුවාලකරුවන් මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේය.