
(ගයාන් සූරියආරච්චි)
බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ අලුත් මෙහෙයුම යටතේ බස්රථයක් තුළ සිදුකළ මෙහෙයමකදී තරුණියකගේ කකුල අත ගා ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද (7) අත්අඩංගුවට ගත් බව මෝදර මිහිජය සෙවන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ ප්‍ර දේශයේ කුරියයර් සේවා ස්ථානයක සේවය කරන පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා සිදුකළ මෙහෙයුමකින් මෙම සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑණූත් විලාසිතා කියමින් අඩනිරුවත ප්‍රදර්ශනය කරනවා. ඒවාටත් නීතිය අවශ්‍යයි..
මේක කාන්තාවන්ට විතරක් නෙමෙයි. මම පොඩි කාලේ බස් කීපයකම පිරිමි ළමයෙක් උනත් පුදුම හිංසනයකට ලක් වුනා. දවසක් මිනිස්සු දෙන්නෙක් එකම බස් එකේ ඇල්ලුවා. කෙල්ලෙක්ට කෑ ගහලා කියන්නවත් පුලුවන්. පිරිමි ළමයෙක් මොනවා කියන්නද? ලැජ්ජයිනේ. අඩු ගානෙ ගෙදරවත් කිව්වෙ නෑ. කියන්න බෑ. පුදුම හිංසනයකට පිරිමි ළමයි පත් වෙන්නේ බස් වලදි. අල්ලනවා අල්ලනවා. මම දැගලුවා එහාට මෙහාට. තද වුනු බස් එකක දවසක් මනුස්සයෙක් අහනවා ඇයි ළමයෝ දගලන්නේ මේක අස්සෙ කියල කේන්තියෙන්. සමලිංගිකයන්ට අයිතිය තියෙනවා කැමැත්ත ඇති කෙනෙක් එක්ක ඔ්න දෙයක් කර ගන්න. නමුත් පිරිමි සමස්ථයක් විදියට ගත්තාම, හරිම කරදරයි. හිර වුනු බස් එකක යන්න බෑ අවංකවම. මේ දේ කියන්න ලොකු හිතේ හයියක් ඔ්නා bullying ජාතික ක්‍රීඩාව වුනු අපේ මිනිස්සු ඉස්සරහ. මං හිතන්නේ හුගක් දැන් පිරිමි ළමයින්ට තමා කරදර වෙන්නේ. වෙරළට යන්න බෑ එක එක ප්‍රතාලා එනවා ටෝක් කරන්න. මොන කරුම රටක්ද මේක අප්පා!
ඔය මෙහෙයුම කලින් පටන් ගත්තනම් මම මෙලහට සිය පාරකට වඩා අත්අඩංගුවට පත්වෙලා.